(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව අද (10) වන විටත් කිසිම ප්‍රචාරක කටයුත්තක් කර නොතිබූ බව තොරතුරු අනාවරණය වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කළේය.
සමහරුන් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වන බව පැවසූ හෙට්ටිආරච්චි මහතා
සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සමහර අපේක්ෂකයන් සොයාගැනීමට පවා නොහැකිවී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ තිස් අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. දැනට ප්‍රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ අපේක්ෂකයන් දස දෙනකු පමණි.
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමයෝජනා ඉදිරිපත් කර නිහඩව ඉන්නවා කියන්නෙ ජාතික ධනය කාබාසිනියා කිරීමක් නිසා ඔවුන් වෙනුවෙන් වියදම් කළ මුදල් අයකර ගැනීමට ජනාධිපතිවරණය අවසන් වූ වහාම නීතියක් සකසා කටයුතු කරන්න ඕන ඔවුන්ගේ ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙසට හදුන්වන්න පුළුවන් අයකර ගැනීමට ඔවුන්ට වත්කමක් නැත්නම් අවුරුදු පහකට වත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කලොත් හොදයි
මෙවැනි අයට කළ යුතු කාර්ය වෙනුවෙන් මුලු මැතිවරණ වියදම් ඉදිපත් වෙන්න අපේක්ෂකයින් ගණනින් බෙදා එක් එක් කෙනාගේ නැවත අයකරගැනීමට කටයුතු කිරිම පමණි...
මේ වගේ අමන ක්‍රියා ඉදිරියේදී සිදු නොවීමට නීති සම්පාදනය කළ යුතුයි.