(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වුවද ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට අද (28) පැවැසීය.
ජනධිපතිධූරයත්, අගමැතිධූරයත් තම පක්ෂයට හිමිවිය යුතු බව කී රණතුංග මන්ත්‍රීවරයා තම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි පක්ෂය මේ වනවිටත් තීරණය කර තිබෙන බවත් සුදුසු වේලාවේදී එය හෙළිකරන බවද කීය.
ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව පක්ෂයට කිසිඳු සැකයක් නැතිබව කී රණතුංග මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ වෙනත් පක්ෂවලින් කවුරුන් ඉදිරිපත් වුවත් තම පක්ෂයට ප්‍රශ්නයක් නැතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා කිව්වත් දිනන්න නම් ශ්‍රී.ල.නි.ප. මෙයාලට අවශ්‍යමයි. ජනාධිපති හා අගමැති ඉල්ලීම සාධාරණයි. නැති නම් එ.ජා.ප. ජනාධිපති කෙනෙක් බිහිවීම වළක්වන්න බැහැ.
පිස්සෙක් එක්ක සෙල්ලම් කරන්න එපා හොඳේ...
රටේ ආර්ථිකය කඩා වැටිලා මිනිසුන් තුන් වේල කන්ට හොයා ගන්නේ අමාරුවෙන්. ඒ අස්සේ මොවුන්ට ජනාධිපතිවරණ උන හැදිලා. මේ අයට රට යකාට ගියත් කමක් නැහැ. බලය ලබාගන්ට පුලුවන් නම්...
අපිට නම් ඕනේ මේ හොරු ටික හිරේට දමන්නයි...
මේ දිනවල පක්ෂ එකතු වී රටේ සියලුම ජනතාව සුඛිත මුදිත කිරීමට සැලසුම් කරන අතර මෙවන් නායක පෙලක්ම පොර කකා ජනතා සේවයට කැපවීම පිළිබඳව අතිමහත් ජනතාවගේ ප්‍රණාමය..
දත් මැදගෙන ඉන්න 225ම. නාගානන්ද මහතාගේ වැඩ පිළිවෙලින් මේ හොරුටිකට සදාකාලිනව විශ්‍රාම යන කාලය ඈත නොවේ...
මේ දෙගොල්ලන්ගේ හරියන මගුලක් නෙමෙයි. ඇතුලේ ප්‍රශ්න...
ඉතින් ඕක ඉල්ලන්නත් දෙයක්ද? බල්ලෝ රැලේ යන කාලෙට ඉන්න උන් සේරම එන්නේ ආරාධනා කරලද?
ජනාධිපති අපේක්ෂකකම නම් ප්‍රශ්නයක් නෑ. මෙයා කියන කෙනාට දීල දාන්න කිසිම විධියකින් ජනාධිපතිකම නම් මෙයා කියන කිසිම කෙනෙකුට ලබානොදීම ජනතාවට ඇති බරපතලම වගකීමක්...
මේ වගේ මුහුණ දමලා අපිටත් ජනාධිපති වන්න ඕනෑ... කිව්වට වැඩක් තියෙනවද? මනාප කෙසේවෙතත්, ගුටිකන මුණක් තියෙන්නේ... ඊට හපන් පැටිකිරිය බලනකොට... එකෙක් ඉන්නවද? හොරකම් නොකරපු, මිනී නොමරපු, ජනතාව බිය නොවදප්පු අය පොහොට්ටුවේ ඉන්නවද? කට්ටිය පේලියට තියලා පින්තූරයක් ගත්තොත් ඔලුව පේන්නේ නැහැ.. උදරය විතරයි. පොරකන්නෙත් ඒක පුරවන්නනේ..
අනේ, දෙන්නම් ඔයාට වුනත් කමක් නෑ... ඔයා ගන්න ප්‍රසන්න බබා. අපිට අවුලක් නැහැ. 48න් පස්සේ උඹලා දෙගොල්ලෝ රට උළා කෑවා...
chandana වෙල්ගම කිව්වා වගේ කොටි යුද්දේ පැරැද්දුවේ ෆොන්සේකයි. හමුදාවට අවශ්‍ය බලයදී රාජ්‍ය බලය හැදුවේ ජේ.ආර්.ය. මහින්දලා අනුන්ගේ ගහේ ගෙඩි කෑහ.1975දී සිරිමාගේ රජයට එරෙහිව ඇතිවූ මේ කොටි යුද්ධය 1977දී ජේ.ආර්. ආ විගස නවතා ලෝක ධනවතුන් ලවා ආයෝජනය කර නිදහස් වෙළඳ කළාප පිහිටුවා විවෘත ආර්ථිකය බිහිකර 1983 දක්වා සීඝ්‍ර දියුණුවක් කරද්දී ජේ.ආර්. විරෝධීන් කළු ජූලිය ඇතිකර නැවත කොටි යුද්ධය හා සමගාමීව ජේ.වී.පී. කැරැල්ල ඇතිකර රට දෙකොන පත්තු වූ විලක්කුවක් නොකරන්න. අද අපේ රට ලෝකය පිළිගත් හැම අතින්ම දියුණු රටක්ය. කළු ජූලියෙන් ඇති වූ කොටි යුද්දෙට පිළිතුරු දෙමින් 12500ව හිටි හමුදාව 55000 දක්වා වැඩිකර ජාත්‍යන්තර පුහුණුව දී අලිමංකඩ ඇතුළු මුහුදු තීර කඳවුරුලා කොටි යාපනයට සීමා කරද්දී කල් පිරි ජේ.ආර්. ප්‍රේමදාසට බලය දෙනවිටත් උතුර නැගෙනහිර හැර ජේවීපි භීෂණය මුළු රටේම විය. පාස්කු ඉරිදා ව්‍යවසනය තුළින්ද ඇතිවෙන්ට ගිය එවැනි බියක් රනිල් නැතිකලහ. චන්ද්‍රිකා යාපනය අල්ලන්න හමුදාව යොදද්දී අලිමංකඩ ඇතුළු මුහුදු තීරවල හමුදා ශක්තිය හීන වී ඒ සියල්ල අල්ලාගත් කොටි යාපනයට යන ප්ලේන් වට්ටමින් මුහුදු කොටි නැව් පුපුරවමින් රටම වෙලාගත්හ...