(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරය හා අගමැති ධුරය ලැබෙනවා නම් සුළුතර ආණ්ඩුවක් පිහිටවන්න සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ අභියෝගය භාර ගන්න විපක්ෂයට පිට කොන්දක් තිබිය යුතු බවද ෆොන්සේකා මහතා කීය.
ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා වෙන අතර පාසැලක විදුහල්පති කෙනෙක් ළමයි අපයෝජන කළා කියා ඊට විසඳුම විදුහල්පති තනතුර අහෝසි කර දැමීම ද දූෂිතයා ඉවත්කර සුදුස්සෙක් ගෙන ඒමයි දැයි ෆොන්සේකා මහතා ප්‍රශ්න කළේය.
ලෝකයේ තිබෙන ප්‍රබලම රටවල් පාලනය කරන්නේ ජනාධිපතිලා බවද ධුර අහෝසි කිරීමෙන් හෝ ව්‍යවස්ථා වෙනස් කිරීමෙන් රටට යහපතක් වෙනවා යැයි තමා නොසිතන අතර හරි මිනිසුන් හරි තැනට පැමිණිය යුතු බවද හෙතෙම කීය.
රජය පෙරළීමට විශ්වාසභංග ගේන්න උත්සාහ කරන අතර විශ්වාස භංග ජයගත්තත් එතනින් එහාට ගන්න පියවර ගැන තමාට හරියට පැහැදිලි නැති බව කී ෆොන්සේකා මහතා පරණ වයින්ම අලුත් බෝතල් වලට දමා පලක් නැතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ හොඳ විහිළුවක්...!
ලංකාවෙන් ආසියානු රටකට හැර වෙනත් විදේශයකට යාමට නොහැකි අයට ජනපති- අගමැති තනතුරු දරන්නේ කෙසේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අබමල් රේණුවක්වත් දැනුමක් නැහැ වගේ. ඒ තනතුරු කාටවත් ඕනෑ විදිහට පවරන්න බැහැ. රටේ ජනතාවගෙන් ඉල්ලගන්න බලන්න.
පේනවනේ ආමි කාරයෙක්, ජනාධිපති කරලා කරගෙන තියෙන වින්නැහිය...!