නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදි කැරෙන ජෝන්ද සිල්වා සමරු රඟහලට සුබ මොහොතින් මුල්ගල් තැබීමේ උත්සවයක් අද (10) පැවැත්විණි.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර එම අවස්ථාවට කලාකරුවෝ රැසක් සහභාගී වුහ.
පැරැණි ජෝන්ද සිල්වා සමරු රඟහල තිබු භූමීයේම මෙම නව රඟහල ඉදි කෙරෙන අතර එය සිව් මහල් ගොඩනැගිල්ලකින් යුක්තය.
එහි ආසන 800ක රංග ශාලාවක් ද ආසන 200ක බ්ලැක් බොක්ස් රංග ශාලාවක් ද ඇතුළත්වේ. වියදම රුපියල් කෝටි 45 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙරෙප්පු දෙකක් ගන්න දැන් පුළුවන් වේවි. සුභ අනාගතයක්. (අ)
මෙතුමා අර අඩිය ගැලවුණ සපත්තු දෙක නෙමෙයි නේද දාගෙන ආවේ? (නි)
මෙම කටයුත්ත සාර්ථක වේවා! (නි)
මේ පාරත් ඇමතිතුමාගේ සෙරෙප්පු දෙක ගැන හොඳ අවධානයෙන් ඉඳලා වගෙයි. ඕකත් කැඩිලා තිබුණොත් පිටරටින් කෝටි ගානකට ඉල්ලයිනේ?අන්තිමට අපිට කැඩිච්ච සෙරෙප්පු විකුණලා හොද විදේශ විනිමයක් උපයන්න පුලුවන්න්. (නි)
දක්ෂයින්ට තැනක්.(හේ)
සපත්තුව හොඳයි වගේ (බ)
දැන් ලංකාවේ හරි සිනමාවක් තියෙනවද ? රූපවාහිනීයේ නාට්‍යයක් තියෙනවද ගෙදර හැමෝටම එකට බලන්න පුළුවන්. ඔක්කොම මෙලෝ රහක් නැහැ. (නදී)
ලංකාවේ සිනමාවේ සොහොන් කොත හදන්න මුල්ගල තියන්න. (නදී)
කඩේ යන කට්ටියම නේ ඉන්නේ ? (නදී)
මෙම රඟහලෙන් ප්‍රයෝජනය ගන්න.(හේ)