‘අද වන විට හංසයාට කතිරය ගහපු, අලියාට කතිරය ගහපු ජනතාව ඇතුළු මේ රටේ මුළුමහත් පොදු ජනතාව මේක අසමත් ආණ්ඩුවක් බව වටහාගෙන අවසානයයි. ජනතාවට පැය විසිහතර විදුලිය ලබාදීමට අසමත් වූ, සති දෙකක් ඇතුළත දෙවතාවක් ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමට අවස්ථාව උදා කරපු, ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට අසමත් වූ බියගුළු අසමත් ආණ්ඩුවක් බව අද වන විට පෙන්වා තිබෙනවා‘යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද(14) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට හදන විගඩම් බලයට එරෙහිව ප‍්‍රගතිශීලී, දෑහිතකාමී සැබෑ ජනතා බලය පෙන්වීම සඳහා මාර්තු 17 වැනිදා කොළඹ හයිඩ් පිටියට රොද බඳින ලෙස රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් වලින් ඉල්ලා සිටින බව ද පැවසූ වීරවංශ මහතා කියා සිටියේ මහජනයාට ‘තිත්ත බෙහෙත්’ බොන්න කියන ගමන්, තමන්ගේ වරප‍්‍රසාද වැඩිකර ගන්න මැතිඇමැතිවරුන්ට පැණිරස බෙහෙත් පොවන්න අගමැතිවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි.
මැති ඇමැති වරප‍්‍රසාද වැඩිකර ගැනීමට යාම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය තමන්ගේ විරුද්ධත්වය පැහැදිලිව දක්වා තිබෙන බවත් ඔහු කීවේය.
වත්මන් රජය සිදුකරන ගොවි සහන කප්පාදුව, රණවිරු දඩයම, භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය මර්දනය, මැතිවරණ කප්පාදුව, ඉන්දියාව සමග අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම ආදියට විරෝධය පා පැවැත්වෙන රැලියේදී සෝමවංශ අමරසිංහ මහතාද ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවට ගොඩවන බව එහිදී මාධ්‍ය ඇමැතූ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මේ අතර අද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවැති දේශනයකදී විමල් වීරවංශ මහතා පැවසූයේ ආණ්ඩුව තරුණයින් කොළඹට ගෙනැවිත් එට්කා ඕනෑ කියන්න උත්සාහ කරන බවත් මෙය හොඳ ගිවිසුමක් නොවන බවත්ය.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අන්වර් අපි බලමු ත්‍රී වීල් එකෙන් යන්න තරම් කට්ටිය ඉතිරි වෙන්නේ කොහෙද කියල. (බ)
පසුගිය සමත් පාලනයේ ආර්ථික සැළසුම් රටේ අනාගතයට දිගුකාලීනව ගැලපුනේනම් අද මෙතුමා කියන තත්ත්වයක් උදා විය නොහැකිය. බලය පවත්වා ගැනීම සඳහා ජනතාව සතුටු කිරීමේ මැජික් ආර්ථිකයක විපාකය කවදත් අපට භුක්තිවිඳීමට සිදුවෙනවා ඇත. මෙවැනි "එදා වේල" දේශපාලකයන්ට පුදන ජනතාවක් ඇති රටක් වන ශ්‍රීලංකාව කවදා ගොඩ එන්නද? පරිප්පුයි,බතයි,දේශප්‍රේමයි හැර කථා කරන දේශපාලකයන් අපට සිටීද? (බ)
එ්කනේ කියන්නේ (බ)
ඔය කියන්නේ ගිය ආණ්ඩුව කාලේ ගැනද? (ර)
සමහර අය කතාකරන්නේ කටින්ද කියා සිතෙනවා. ඔය වගේ කතා වලට උත්තර බඳින්න යන අයත් මේ ගානටම වැටෙනවා. (නි)
දැන් ජනතා බලවේගයකට කාලය හරි. රටේ සිටින උගතුන් එක්වී නව පක්ෂයක් පිහිටවිය යුතුයි. අද අපි කරමින් සිටින්නේ මිලියන 20 ක ජනතාවක් 225 කගේ සුඛවිහරණය වෙනුවෙන් කැපවීමකි. (නි)
මහත්තයෝ දැන් මේ පැණි රස බෙහෙත් තමුන්නාන්සේලා ගන්නෙම නැද්ද. නැතිනම් එම දීමනා රැගෙන දුප්පතුන් අතර බෙදා දෙනවාද? (බ)
බලමු මෙයා මේවා ගන්නේ නැද්ද කියල.(බ)
මෙයාව දැන් මිනිස්සුන්ට තිත්තයි (බ)
අනේ මෙයා හැමදේටම බොරුවට කියවනවා (බ)
තිත්ත බෙහෙත් එක්ක තිත්ත කෑමත් අද හෙටම ලෑබෙයි කකුලුවා හෑපි එකේ ඉන්නේ වතුර රත් වෙනකම් විතරයිලුනේ (බ)
අසරණ මිනිසුන්ගේ අයිතිවාසිකම් ඒකාධිපතියෙකුගේ මුදලට පාවලම දුන්නු විමල් කියන්නේ මෝඩයන්ගේ වීරයෙක් තමයි. සමහරක්ගේ වීරයෙක් තමයි.(බ)
අලිබබා සහ හොරු ටික පසුගිය අවුරුදු වල රට හරිමර්ගයේ අරන් ගිහින් රටබරදුන්නද . අලුත් පක්ෂයට දැන් මේ රට ගෙනියන්න අමාරු යි හොරෙන් කාල පැරදිලා ගෙදර ඉන්නේ නැතිව බොරු වැරදි හොයනවා රටේ මුදල් වලට මොකද කෙරුවේ (අ)
මේ ආණ්ඩුවට ඡන්දෙ නොදුන්න අය විතරක් නොවේ දුන්න අයත් අමාරුවේ වැටිලා ඉන්නේ.හැබැයි එ්බව පිටට පෙනෙයි කියල වහගෙන ඉන්නේ. (බ)
මේ අයට දැන් හැම ප්‍රශ්නෙකටම උත්තර තිබෙනවා. ජනවාරි 8 වෙනිදට පෙර තිබුන ප්‍රශ්නය තමා මොනවාහරි කරලා මුදල් හොයන එක. දැන් ඒ ඔක්කොම අමතක කරලා, නඩු වලට බයේ ආණ්ඩුව කරන හැමදෙයක්ම දෝෂ දර්ශනයට ලක්කරනවා. (නි)
ඔය දෙගොල්ලොම 67 අවුරුද්දක් තිස්සේ ජනතාවට දුන්නේ ටොෆිනේ! (නි)
මෙකල කරපු ඒවා අපි දන්නවා. හිතන්නෙ අපි මැරිලා ඉපදුනා කියලා. ට්‍රාන්ස්ෆෝමර් ගැන කතාකරන්න මෙයාලට කිසිම අයිතියක් නැහැ (නි)
ඔයාලගේ කාලේ බොන්න තිත්ත බෙහෙත්වත් තිබුණේ නැහැනේ (නි)
දැන්නම් බෙහෙත් පොවලා ඉවරනේ. ලෙඩා මළත් බඩ සුද්දයිලුනේ! (නි)
දවල් සිහින දකිනවා සමහරු නම්. බලමු සැබෑවෙයිද කියලා (නි)
ලබන වරවත් ඔයාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නකෝ. අපිට බලාගන්න පුළුවන් එතකොට ඔයාලට ඉන්න මිනිස්සු ප්‍රමාණය (නි)
උපන්දින දෙකක් තිබෙන කෙනෙක් ගැන නේද මේ කියන්නේ? (නි)
යහපාලනේ බොරු වලට නියම පිළිතුරු දෙන්නේ ඔබතුමායි (නි)
අනේ පව් දුප්පත් මැති ඇමති මන්ත්‍රී වරු ටික අපේ බදු වලින් ජිවත් වෙන්න විදින දුකක්. අපෙන් ගත්ත වගේම මේ ආත්මයේදීම ආපසු අපට ගෙවන්න ලැබේවා කියල ප්‍රතනා කරමු. (අ)
මෝඩ, කුහක මිනිස්සු තාම ඉන්නවා වැහි වැහැලා අපේ රටේ. යුද්ධය තිබුණා නම් සද්ද නැතුව ඉන්නේ. අනේ මගේ කට! (නි)
වින්සන්ට් මහත්තයෝ, බැඳුම්කර වලින් රටට නැතිවුණ බිලියන ගණන් ගැන මතක නැද්ද? (නි)
දැන් ඔබටද මේ හැම ප්‍රශ්නයටම උත්තර තියෙන්නේ? ඔබලා රජකළ යුගයේ සාමාන්‍ය ප්‍රශ්න වලට වැඩිය මඩිය තරකර ගන්න එක ගැන විතරනේ කතාකළේ. (නි)
ට්‍රාන්ස්ෆෝමරය පිපුරුනේ කොහොමද කියල මෙයාල දන්නවා ! (බ)
මෙයා මේ කටින්ද කියන්නේ "මැති ඇමැති වරප‍්‍රසාද වැඩිකර ගැනීමට යාම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණා" කියල. එතකොට අර අත උස්සපු 225 ට මේ කට්ටිය ඇතුලත් නැද්ද? වෙන කොහේ හරි පාර්ලිමේන්තුවක ඉඳන් වෙන්න ඇති අත උස්සන්න ඇත්තේ මගේ හිතේ. (බ)
අපි නම් කතාව ඇහුවේවත් නැහැ. ඒත් මොනවා කිව්වත් ගණන් නොගන්නා නිසා බැලුවෙ නැහැ (නි)
කවුරු කවුරුත් අපිවම තමයි රැවැට්ටුවේ විමල් මහත්තයෝ. හැමෝගෙම බොරු බයිලා (නි)
මන්ත්‍රීතුමා මේ මොනවද කියන්නේ? ඊයේ පෙරේද මන්ත්‍රීලට වැඩි කරපු ලක්ෂ දෙකේ දීමනාවට ඔබතුමා විරුද්ධ වුණේ නැහැනේද? (අ)
"විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටියදී ඔහු විසින් රුපියල් කෝටි 30 යි ලක්ෂ 60 ක් වටිනා ඉඩමක් සිය බිරිඳට තෑගි දීමේ විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමල් වීරවංශට, ශෂී වීරවංශට සහ සී.එස්.රණසිංහට එරෙහි පරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිමා වී ඇත". (අ)
ඔබතුමා අපට වීරයෙක් (අ)
"මීට අමතරව ශෂී වීරවංශ විසින් සිදුකළ පාස්පෝට් වංචාව ද, බී ඕ අයි සමාගමක් සම්බන්ධ වංචාව ද, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින ඉඩමක් ප්‍රති මිලදී ගැනීමක් පරීක්ෂණ ද සම්පූර්ණයෙන්ම නිමා වී ඇත. (අ)
නැවුම්වූත් ප්‍රභලවූත් ගමනකට සුභාශිංසන පතමු...!!! (අ)
ඒකාලේ ලාබෙට නෑදෑයන්ට ගෙවල් ලෑබුන කාලෙ එහෙම අහිංසක ජනතාව ගෑන හිතුනෙ නෑද්ද මහත්තයො? ඔයත් අත උස්සයි මේකට..අපි නොදන්න ජනතා සේවකයො (බ)
හරි සමත් ආන්ඩුවක්නේ තිබුනේ ඕන ටික හරි ගස්ස ගත්ත එක රටේ ජනතාවගේ අවශ්‍ය තාවය නොවෙයි මේ ආණ්ඩුව හොදයි කියල අපි කියන්නේ නැහැ එහෙත් එ්කට විසදුම ඔය තක්කඩි රැල ගෙන එක නොවේ තොපි හොරකම් කරපු මහජන දේපල නැවත ජනසතු කරනකම් අපි සටන් කරනවා (බ)
මෙයා කාපු පැණි බෙහෙත් අපි දන්නවා. දැන් කතා කරන්නේ බබාලා වගේ. (නි)
මෙයා ඇමති කාලේ බිව්වේ මොන බෙහෙත්ද දන්නේ නැහැ. (නි)
අනේ අම්මපා ලැජ්ජා නැතුව මේවා කියනවනේ. (නි)
ත්‍රීවිල් පක්ෂවල එකමුතුව කවදාවත් තමන්ගේ පක්ෂවලින් ඡන්දෙකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉල්ලුවොත් පෙනේවි තරම. වෙනත් පක්ෂවල ප්‍රශ්න ඇතිකරන එකමයි මෙයාලගේ ජොබ් එක (බ)