(අංජුල මහික වීරරත්න)
ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට මහජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි (e-mail) සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකර දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පරිදි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේ වන විට යොමු කර තිබේ.
මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු අතර, වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක් ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
එසේම සියලුම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාල ලිපියේ අත්සනට පහලින් එකී ලිපිය අදාල විෂය බාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතුය.
කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතුය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතුය.
එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට උත්සුක විය යුතු අතර, ඒ සඳහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතුය. එලෙස ම, ඒ සඳහා සාධාරණ කාලයකදී එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.
කාර්යාලය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් ලැබෙන ආයතන/අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතුය.
කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතු අතර එම නිලධාරියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගැනීමට කටයුතු කළයුතුය.
එම අවස්ථාවේදී ම, පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂය භාර නිලධරයන් විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විතරක් නෙවෙයිි අපේ රටේ පෞද්ගලික අංශයේවත් පුරුද්දක් නෑ විද්‍යුත් ලිපියකට පිළිතුරු දෙන්න. මේවා මුළ ඉඳන්ම හදන්න වෙන දේවල්. කිසිම වගකීමක් නැතිවයි කටයුතු කරන්නෙ . ළඟට ගිහින්ම සේරම කරගන්න ඕන තාම.
වර්තමානයේ රාජ්‍ය ආයතන වෙත යොමු කෙරෙන ලිපි ආදියට පිළිතුරු සැපයීමේ පමාව කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන තුල දුරකථන ඇමතුමකට පිළිතුරු සැපයීම පවා මන්දගාමී තත්ත්වයක් පවතින බව සදහන් කරනු කැමැත්තෙමි. ( ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී රාජ්‍ය ආයතනයක දුරකථනයක් තෙවරක් නාද වීමට පෙර පිළිතුරු දියයුතු බවට නියම කොට තිබූ ආකාරය මතකය.)
රටේ ජනතාව මුලා නොකර දැන්වත් යන්න.
මම ඇතුලු 4 දෙනෙක් ICTA ආයතනයෙන් ද්වේශසහගතව හා අනීතිකව 2019 වසරේ රැකියාවෙන් ඉවත්කළා. එතැන් පටන් රජයේ ඇමති, ලේකම්, සභාපති යනාදී මෙකී නොකී කී දෙනෙකුට නම් ලිපි ලියන්න ඇතිද. සිහිකැදවීම් කළාද, නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ජනාධිපති කාර්යාලයේ ලිපියකටවත් පිලිතුරු දුන්නේ නෑ. මේ පිලිතුරු නොදෙන ක්‍රියාව පටන්ගත්තේ 2020 මුල ඉදලා. මෑතකදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුනාට පසුවත් මේ නිලධාරීන් ගේ මෙම මන්දගාමි තත්ත්වය තියෙනවා. ලගදී ලියල ලියල යන්තම් උත්තරයක් ආවා. ඒකත් පුස්සක්. ICTA එකෙන් එවපු ලියුම මේ සමග එවමි එච්චරයි. අතිගරු ජනාධිපතිතුමාගේ මේ පුවත්පත් ප්‍රවෘත්තිය ඉතා හොදයි.
ඔයාට බෑ .කරුණාකර ගෙදර යන්න පින් ජනපති
ජනතාවනම් තමුන්ට ඕනතරම් උත්තර දීලා තියෙනවා .රෙගුලාසි දැම්මා කියලා වැඩක් වෙන එකක් නැහැ. දියවන්නාවේ 134 දෙනාගේ පැවැත්මට ඉන්න පින් ජනපතියාට කරන්ඩ දේකුත් එපැයි .