ජන දුක නිවන සංවර්ධන සංග්‍රාමය ඇරඹිමට හැකි වුයේ ඉදිරියට යන ජනතාවක් සිටින එක්සත් ජාතික පක්ෂය නිසා බව අවධාරණය කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොතෙක් අවලාද නැගුව ද සටන නවත්වන්නේ ලොකුම සටන වන ආර්ථික සටන ජය ගැනීමෙන් අනතුරුව බවද අවධානය කළේය.
රාජපක්ෂ රෙජිමයෙන් උරුම වු ණය බර ජනතාවට බරක් නොවන සේ ගෙවා දමා ශක්තිමත් මධ්‍යම පන්තියක්, ශක්කිමත් ගොවි, ධිවර සහ කම්කරු ජනතාවක් බිහි කිරිම එක්සත් ජාතික පෙරමුණු රජයේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.



COMMENTS
“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි“ කිවුවලු (නි)
මාද්‍ය සංදර්ශන. (ර)
අර මහබැංකු හොරකමින් ගත් ණය වලින් බාගයක් ගෙවන්න තිබුණනේ මහත්තයෝ. ඊටපස්සේ පුන්නක්කු වල මිල අඩු කළා නම් ඔය හිතන විදියටම සුන්දර ලංකාවක් කරන්න පුළුවන් වෙනවා (නි)
ඔන්න පටන්ගත්තා මෙන්න පටන්ගත්තා කිය කියා ඉන්නවා විතරයි. ගහපු බෙරයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. (ර)
ප්‍රියංකර, බෙරය අතට ගන්න ඕනෑ බෙර ගහන්න දන්නා කෙනෙකි. (නි)
මිනිසුන්ට ඕවා කියා කියා ඉන්නද කල්පනාව කිසිම සංවර්ධනයක සේයාවක් වත් පෙනෙන තෙක් මානයක නැහැ. (ර)
විජේ, අපේ රට දියුණු එකක්යැ සැළසුම් කිරීමට ඔතරම් කාලයක් ගන්න? රට දියුණු නම් අපි ඔය මිනිසුන්ට රට කරන්න දෙනවද (නි)
ජනතාවට බර තියෙන්නේ පහුගිය ආණ්ඩුව ගත්ත ණය වල නෙමෙයි. (ර)
සංග්‍රාමයක් වැඩි දුරක නැහැ කියා නම් පෙනෙනවා (නි)
අපට කිසිම බරක් දැනෙන්නෙ නැහැ අනේ. නිකන් පාවෙනවා වගේ දැනෙන්නෙ. කවුද කියන්නෙ බදු බරයි කියලා? අපට පුන්නක්කුවල ගනන් අඩුකරලා දෙන්න. ඒ හොඳටම ඇති (නි)
කෙරෙන සංවර්ධනය ගැන හිතාගන්න පුළුවන් මැති ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද අනුව (නි)
දැන්වත් ඔය පරණ බයිලාව ගහගහා ඉන්නේ නැතුව රටට යහපතක් වෙන දෙයක් කරන්න හිතුවොත් හොඳයි. ඔය ණය කතාව හැමදාම කිය කියා ඉන්න වගෙයි හදන්නේ. එ්කෙන් කාටවත් යහපතක් නැහැ. (නි)
සංවර්ධනය යනු ඇමතිවරුන්ට කෝටි ගණන් වල වාහන ගෙන්වීමද? (නි)
ජයවේවා රනිල් මැතිඳුනි! (නි)
ඔය කතාවලට නැවත ජනතාව රැවටෙයිද බලාගත හැකියි ඡන්දයක් තිබ්බහම (නි)
ඔය ඇරඹූ සංග්‍රාම, පළමු වෙඩිමුර වල හැටියට දැන් ලෝක යුද්ධ දෙකක්වත් ඉවරවෙන්න කල්. (නි)
අගමැතිතුමනි, කොහෙද සංවර්ධනයක් තියෙන්නේ? (නි)
අරඹලා විතරක් වැඩක් නැහැ. වැඩක් වෙන්නත් ඕනෑ (නි)
බදු වැඩි කරමින් තව බයිලාත් කියනවා. එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන. (නි)
අවුරුද්දෙනුත් භාගයක් ගියා. ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට වෙන්කරපු රුපියල් දස ලක්ෂයේ සංවර්ධන වැඩසටහන කතාවට විතරක් වගේ. තවම ඒක පටන් ගත්තෙත් නැහැ නේද? අපේ ගමේ නම් නැහැ. (නි)
අපි දැක්කා 2005-06 ට කලින් වුණ සංවර්ධනයේ තරම! (නි)
මේ කතා වලට අපිත් රැවටුන කාලයක් තිබුණා (නි)
දියුණු රටවල සැලසුම් කිරීමට ගන්න කාලය හදන කාලයට වඩා වැඩියි, ඒ ක්‍රමය තමයි දැන් රජය අනුගමනය කරන්නේ, ඉස්සර ක්‍රමයෙන් මුදල් නාස්තිය, මුදල් ගසා කෑම වැඩියි, එකයි වෙනස, හැබැයි මෙතුමා මන්තරයක් වගේ මෙය මතුර මතුර යන එක නම් හොඳ නෑ. (ර)
කියන අයට නෙමෙයි ගහන්න ඕනෑ මේවා අහන අයට. (නි)
කතාවක් තියනවා ණයට අරන් මඟුල් කනවා කියලා. සංවර්ධන සංග්‍රාමය දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත දියුණු කිරීම ඔස්සේ ඇරඹුනා නම්, කැවුම් කිරිබත් කන්න තිබුණා, සාධුකාරත් දෙන්න තිබුනා (නි)
ඔයාල කුණු හොය හොයා බොරු කිය කියා ඉන්න ලොකු මහත්තයෝ. ඔයාලගේ සංවර්ධනය සතියකට සැරයක් අරඹනවානේ. අපිත් ඡන්දය එනකන් බලාගෙන ඉන්නේ (නි)