ජනතාව පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ඒ සඳහා සූදානම් බවත් හොරා කෑමට බලයට එන්න හදන අය පාරට බැස ආණ්ඩුවට කෑ ගැසුවට ආණ්ඩුව ගෙදර යන්න සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) “ඉදිරියට යන්න හිතන අය එන්න“ තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ මහනුවර සමුළුව අමතමින් මහනුවර දී පැවසුවේය.
මෙහිදී නව සාමාජිකයන් හට ඉලෙක්ට්‍රෝනික පක්ෂ සාමාජිකත්ව කාඩ්පත අගමැති අතින් පිරිනැමුණු අතර මහනුවර නගරයේ කඩ සාප්පු වලට ගොස් අගමැතිවරයා සාමාජික කාඩ්පත් අලෙවි කිරීමද සිදු කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.






COMMENTS
ඉදිරියටත් සමබර අදහස් බලාපොරොතු වෙනවා (හේ)
ගෙදර යන්න කියන්න වෙලාව එනතුරුද ඉන්නේ. (නි)
කෙළින් කියන කෙළින් වැඩකරන මුළු ලෝකයම පිළිගත් එඩිතර නායකයෙක්. (නි)
අනේ ජනතාව ඒක කවදා ඉඳලද කියන්නේ? (නි)
තවත් මේ ආණ්ඩුවට හොඳයි කියලා කියන්න මිනිස්සු ඉන්නවා නම් පුදුමයක් (නි)
රටේ ජනතාව පෙළපාලියේයි එන්නේ ඔයාලට ගෙදර යන්න කියලා. බලන්නකෝ 28 වෙනිදට (නි)
දැන් පොදු අච්චාරු විපක්ෂය නන්නත්තාර වෙලා. ඡන්ද ඕනෑ නැහැ. ඔහොම කරගෙන යන්න. හොරුන්ට නිසි දඬුවම් ලබා දෙන එක නම් පැහැරහරින්න එපා. (නි)
පළාත් සභා ඡන්දය තියලා බලමු යනවද, ඉන්නවද කියලා නේද?(හේ)
කොහෙද ඉතින්,ජනතාවට කියන්න අවස්ථාවක් දෙන්නෙ නැහැනේ (නි)
අනේ මහත්තයෝ, විහිළු එපා (නි)
ඔය කිව්වට (බ)
හැබැයි මාධ්‍ය මර්දනය කරන්න නම් සූදානම් වෙන්න එපා (නි)
ඔබ විසින් ගන්නා ලද එකම නැණවත් තීරණය. හරියට හරි. එහෙනම් කරුණාකර හැකි ඉක්මනින් යන්න. සිංහලයින්ට තියෙන්නේ ලංකාව විතරයිනේ (නි)
ජනතාව 29 වතාවක් කියලත් යන්නේ නැතිව ඉදල 30 වෙනි වතාවේ එලවන කල්ද බලාගෙන ඉන්නේ. (බ)
අනේ ලොකු දෙයක්. ඔයා යන්නකෝ (නි)
පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතා තීරණය කුමක්ද කියා බලන්න. යන්නද ඉන්නද කියලා ජනතාව කියාවි. (නි)
අා වේගෙට වැඩියෙන් යන්න වේවි වගේ පෙනෙන්නේ. ආණ්ඩුවේ ඇමතිවරු කරන වැඩ ජනතාවට දැන් එපාවීගෙන යනවා. (නි)
අර පාද යාත්‍රා ගැන නම් ඉතින් කවර කතාද? බල්ලෝ බිරුවට කඳු පහත්වෙනවද? (නි)
බාලසූරිය කියනදේ කොරන්න ගියා නම් අපිට රටත් නැතිවෙනවා නේද? 99න් අපි බේරුනේ එකත් ප්‍රභාකරන් නිසා. දෙමළ ජනතාවට ඡන්දය දෙන්න පරබාකොරන් ඉඩ දුන්නා නම් අපිට රටක් ඉතිරි වන්නේ නැත. (අ)
කිවුවත් නැතත් මේ යන විදිහට ජනතාව පාරට නොබැස ඉන්න එකක් නැහැ. 28 දා පාරට බහින්නේ ජනතාව තමයි. හැබැයි ඒ අයට කරදර නොකර ආරක්ෂාව දෙන්න මහත්මයෙක් විදිහට. ගෝලයින්ටත් කියන්න. එතකොට අපිට දැනගත හැකියි (නි)
මෙයාලගේ වැඩ අපි පහුගිය කාලෙදි දැක්කනේ (නි)
දෙන්නකෝ අගමැතිතුමනි ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක්. (නි)
ආණ්ඩුවක් පත්වුණ ගමන් ජනතාව තම සිහින සැබෑ කරගන්න හිතනවා. එ්ක ස්වාභාවිකයි. එ්ත් ආණ්ඩුවට කාලයක් යනවා සියලු දේ සැලසුම් කරගෙන ගමන පටන් ගන්න. ඒක නිසා ආණ්ඩුවක් පත්වෙලා අවුරුද්දක් යනකොට ජනතාවට එපාවෙන ගතියක් එනවා. කොහොම වුණත් ආණ්ඩුව පැත්තෙන් කියන්න උත්තරයක් තියෙනවා. ඒ එයාලට තව කල් තියෙනවා කියන එක. (නි)
අනේ ඉතින් කරුණාකරලා යන්නකෝ (නි)
ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද? (නි)
මේ යන විදිහට යනවාට වඩා හොඳයි කරන්න පුළුවන් කෙනෙකුට කරගන්න දීලා ගෙදර යන එක! ඡන්දය දුන්න මෝඩකම කියලා හැමෝටම හිතිලා තියෙන්නේ දැන් තමයි (නි)
පාද යාත්‍රා යන්නෙත් ජනතාව තමයි..(හේ)
අපි ඒක දන්නවා.(හේ)
කවුරු ආවත් මහින්ද ආයේ එන්නේ නැත (නි)
මේ යන විදියට ගියොත් ජනතාව ඒ තීන්දුව ගනියි.(හේ)
හරි හරි කෙරුවාව බලන්න ඡන්දයක් තියන්නකෝ?(හේ)
පොඩි සමීක්ෂණයක් කරලා බලන්න, ජනතාවගේ කැමැත්ත කොහොමද කියලා ? (හේ)
එහෙම කරන්න පුළුවන් නම් හොදයි.(හේ)
ඔබතුමාලා දැන් අවුරුද්දක් තිස්සේ කියනවා (හේ)
මහනුවර ජනතාව හැමදාම ඔබ සමග සිටිනවා.(හේ)
මගේ පරණ යාළුවෙක් ඉන්නවා. පුෂ්පකුමාර. ඔබව දැකීම සතුටක් මිත්‍රයා (බ)
යහපාලන ඇමතිවරු හොරා කෑවට කමක් නැද්ද.? (බ)
ලගදි ඡන්දයක් තියලා බලන්නකෝ.(හේ)
මටනම් ඒකාධිපතිවාදය පවුල්වාදය නැතිවීමම ඇති (බ)
ජනතාවනේ පත් කර ගත්තේ ඇයි යන්න යන්නේ.(හේ)
ඔබ තුමා වෙලවට මැතිවරණය තියන්නකෝ ජනතාවගේ කැමැත්ත බලා ගන්න (හේ)
කරණාකර පළාත් පාලන චන්දය තියන්න. එවිට දැනගත හැකියි (හේ)
හරියට හරි ජනතාවාදී නායකයෝ අන්න එහෙම තමයි , (හේ)
කියවන්නේ නැතුව දර්ශන නැතුව යන්න (බ)
අපිත් කියනවා දැන් (හේ)
කට්ටිය දැන් පෙරට වඩා දුෂන කරනවා ඒවාට නඩු නැද්ද (බ)
එඩිතර නායකයෙක්.(හේ)