‘ජනවාරි 8 වැනිදා ජනතාව තමන් කැමති ජනාධිපති කෙනෙක් තෝරා ගත්තා. අගෝස්තු 17 වැනිදාට ජනතාව කැමැති අගමැති කෙනෙක් තෝරාගන්න වෙනවා. හැබැයි ජනතාවට සිද්ධ වෙනවා ජනතා මුදල් කොල්ලකාපු අගමැති කෙනෙක් තෝරා ගන්නවාද නැත්නම් දූෂණ වංචා නැති සුපිරිසිදු අගමැති කෙනෙක් තෝරා ගන්නවාද යන්න‘ යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා කිරිබත්ගොඩ, මාකොළ පැවැති ජන හමුවකදී පැවසීය.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා රැලිය සංවිධානය කර තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන,චෝදනාවල ගණන මෙන්ම බරපතලකමද සැලකිල්ලට ගන්න (ම)
හිටපු අගවිනිසුරුතුමා කියල තියෙනවා හෙල්පින් හම්බන්තොට තීන්දුව ගෙන එතුමා ජාතියෙන් සමාව ඉල්ලනවා කියලා. මේකෙන් කියන්නේ මොකද්ද? වැරදි කාරයෝ නිදහස් උනා කියන එක නේද? සුනාමිය කියන්නේ ජාතියේ බරපතලම ඛේදවාචකය. සල්ලි වෙනුවෙන් මේ වගේ වෙලාවක උනත් හොරකම් කරන්න පුළුවන් කියන්නේ ඒ වගේ කෙනෙකුට තමුන්ගේ වාසියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නේද? යුද්දේ ඉවර කරපු සරත් මහත්තය හිරේ වැටීමත් මම දකින්නේ අපි ජාතියක් විදිහට ලබපු පරාජයක් කියල (නදී)
රනිල් තමයි හොඳ (නදී)
අජිත්- එතකොට සුදු කොඩි කතා කියලා පාවා දීම වරදක් නෙමෙයිද ? (නදී)
අනිත් අයගේ වැරදි කිය කිය ඉන්නේ නැතිව තමන් ජනතාවට ඉටු කරන්න යන දේවල් ගැන කියන්න. එවිට ජනතාව තමන් කැමති නායකයාව තෝරාගනිවී. (ම)
පරිනත නායකයාණෙනි ඔබට ජය ! (නදී)
එහෙනම් ඉතින් ජ. වී. පෙ. ට තමා අනිවාර්යෙන් දෙන්න වෙන්නේ. (ම)
යුද්දය ඉවරවුණු පසු ගොඩ ගත් ආයුද ඔබට මතකනම් ඒවා ලංකාවට ආපු විදිය කොහොමද කියල බලන්න. රණවිරුවන්ගේ අකාර්යක්ෂම තාවයද නැත්නම් එකල බලයේ හිටපු අයගේ අකාර්යක්ෂම තාවයද කියල කල්පනා කරන්න. එසේම උතුරට පමණක් භාවිතාවන බැංකු මුදල් උසාවි තිබීම එකල අපගේ නායකයන් සාධාරණය කිරීමද මතක් කරගන්න.(නදී)
මැතිවරණය සමයේ පාතාලයෙන් උදව් ගැනීම අද මාධ්‍යයෙන් මෙන්ම පොලිසියෙන් පෙන්වා දී තිබෙනවා. දෙගොල්ලෝ අතර වෙනසක් තියෙනවද කියල කල්පනා කරන්න වෙනවා.(නදී)
ඔව් කතාව හරි (නදී)
මේකේ සමහර අනුවණයෝ තාම හොරුන්ට, මිනී මරුවන්ට කඩේ යනවා වගේ. යුද්දේ දිනුවා කියල මහින්දට නෙමෙයි සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ටයි වඳින්න ඕනා. අනිත් එක ඒ කාලේ මහින්ද හිටිය කියල එයා හැමදාම රජා වෙන්න ඕන නම් අර්ජුන තාම අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙන්න ඕනා ලෝක කුසලානය දින දුන්නට. මේවා තමා මෝඩ ලංකා විහිළු. (නදී)
ශාන් හොරු මිනිමරුවො කවුද කියන එක ජනතාව දැන් දන්නවා. ඔයගොල්ලෝ හිතුවට ජනතාව සියල්ලෝම මෝඩයි කියලා රටේ වාසනාවට තාමත් බුද්ධිමතුන් ඉන්නවා (නදී)
අපේ මනාපය රනිල් ට ! (ම)
කව්රු කොහොම කිවත් මහින්ද තරම් අගමැති කමට සුදුසු කෙනක් නෑ (නදී)
කව්රු මොනවා කිව්වත් මහින්ද මහත්තයා තමයි අගමැති වෙන්නේ.(නදී)
නියම සුදුස්සා රනිල්. එහෙම නැතිව මහින්දව නැවත ගෙන්න අපිට පිස්සුද ? වැඩ වසම් යුගයක් ගැන පමණක් දන්නා ලින් ගෙම්බ්බන්ට පමණක් මහින්ද ලොකු වීරයෙක් (නදී)
ඒ කතාව හරි. කවුරු උනත් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන කෙනෙක් අගමැති විය යුතුයි. (නදී)
කොයි පැත්තෙන් බැලුවත් මහින්ද හොඳයි (නදී)
මහා බැංකු හොරකම ඔප්පු වෙලා ඉවරයි නේද? එ්ක නේද ආණ්ඩුව විසිරෙව්වේ. මහින්දට එල්ල කරන චෝදනා එකක්වත් ඔප්පු වෙලා නැතුව විතරක් නෙමෙයි චෝදනාවලට ගොනු කරන්න්වත් කරුණු නැහැ. (නදී)
ශාන් ගේ තර්කය ශාන් ගේ කතාවෙන්ම බිඳෙනවා. ක්‍රිකට් දේශපාලනය කියන්නේ දෙකක් කියල නොදන්නා මෝඩයෙක් එක්ක මොන කතාද (නදී)
මෙයා චෝදනා කරනවා අනෙකා හොරා කෑවා කියලා. මෙයාම කියනවා තමා සුපිරිසිදුයි කියලා. අපි තීරණය කරන්නම් කවුද සුදුස්සා කියලා.(නදී)
රනිල් හොරෙක් නොවෙයි. එතුමාට පවුල් පාලනයක් ගෙනියන්නවත්, වටේ ඉන්න හොර නඩයක් නඩත්තු කරන්නවත් ඕනෙ කමක් නැත.රනිල් අගමැති කරමු. එතුමාට ජය වේවා!! (නදී)
ඔබතුමාම එහෙම කියපු එක හොඳයි. දැන් මිනිස්සුන්ට මහින්දව තෝරාගන්න පුළුවන්. (නදී)
ඒවගේම අතීතයදේ රටේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් විය යුතුය (නදී)
නියම සුදුස්සා අපි තෝර ගන්නම්. බොරු කියල මිනිස්සු රවට්ටන අයටත් අපි නියම උත්තර දෙන්නම්.(නදී)
නිරා, හරියට මහ බැංකු සිද්දිය මොකක්ද කියලවත් දන්නේ නැ නේද. නිකන් කඩේ යන්නේ නැතිව හිටියොත් ලොකු දෙයක්. (නදී)
මහා බැංකුවේ තිබුනේ සල්ලි නෙමෙයිද ? (නදී)
කාගේවත් චෝදනා ඔප්පු වෙලා නැති නිසා මම තෝරා ගන්නේ අඩුවෙන් චෝදනා තියෙන කෙනා, මහින්ද මහත්තයාට චෝදනා මහා ගොඩාක් තියෙනවානේ එ්ක නිසා රනිල් මහත්තයා හොඳයි (නදී)
ඉස්සර සැකයෙන් හිටියත් දැන් අපිට තේරෙනවා මහින්ද මහත්තයා රට වෙනුවෙන් කොපමණ වැඩ කරලා තියෙනවාද කියලා. (නදී)
එසේම සුනාමි මුදල් වංචා නොකරන කෙනෙක් විය යුතුයි ! (ම)
ශාන්, ගොඩක් නුවනක්කාරයෙක් වෙලා වගේ. යුද්දේ ඉවර කලාට ෆොන්සේකා මහතා ප්‍රදාන රණ විරුවන්ට වැඳීම පිළිබඳව මමත් ස්තුති වන්ත වෙනවා. එ්ත් යුද්දේ යුද්දයක් විදියට ඉවර කරන්න වට පිටාව හදලයි දුන්නේ, ඊට එරෙහි හැම බල වේගයක්ම මැඩ පවත්වාගන්න පුළුවන් උනේ හිටපු ජනාධිපති තුමත්, ආරක්ෂක ලේකම් තුමත්, කොන්ද කෙලින් තියන් වැඩකළ නිසා නේද ? (නදී)