ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමක් බව හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවද මෙය මන්ත්‍රී ධූරයක් ආපසු ලබාගැනීමේ පෙත්සමක් නොවන අතර ජනතා අභිලාෂයන් හා ඡන්ද අයිතියට බලපාන කාරණාවක් බවද ගුණසේකර මහතා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙලාවේ කතාකළේ නැහැනේ. ජනතාවත් හිතේ තියාගෙනයි හිටියේ (නි)
මෙතුමන්ලා මෙතෙක් කල් කියපු කරපු දේවල් ගැන ස්වයං විවේඡනයක යෙදිලා නිවැරදි තීරණයක් ගැනීම තමයි මම හිතන හැටියට හොඳ (නි)
පහු ගිය කාලේ කෙරිච්ච බලු වැඩ වලට කට වහ ගෙන ඉඳල දැන් තමන්ට වැරදුනාම සුදනා වගේ කථා කරනවා (බ)
අනේ මේ, දැන් යන තැනකට වැඩක් කරගෙන ඉන්න. දැන් කියන කතා මහින්ද ඉන්න කාලේ කළේ නැත්තේ මොකද? (බ)
මෙතුමා ලංකාවේ සිටින හොඳට නීතිය හඳුනන මහතෙක්. පාර්ලිමේන්තුවට ඉන්න ඕන නීතිගරුක පළපුරුදු මහතෙක්. යුක්තිය ඉටු විය යුතයි (ම)
අනුර අපි දන්නවා මේ මහත්තයා හොඳ කෙනෙක් කියලා, එ්ත් අැයි 18 වැනි සංශෝධනයට අත ඉස්සුවේ. තමන්ගේ බඩ පිරෙන නිසාද? කෙසේවත් සමාව දිය නොහැකි වරදක්. ඇයි උගත් කියන අය අසාධාරණයට හිස නමන්නේ. කෙනමන් මහාතාගේ පිළිරුව සතියකට වරක් හෝදන ක්‍රමයක් යෙදුවොත් හොඳයි. (බ)
දැන් 19 ත් සම්මත වෙලා ඉවරයි මේ 14ක් ගැන දැන් කියවනවානේ.. එක්කෝ මෙයාට පිස්සු නැත්නම් මේවා අහන බලන එවුන්ට පිස්සු...(බ)
අපිට කරන්න පුළුවන් හැමදේම අවුරුදු ගණනක් තිස්සේ කරලා දැන් ඕවා කළාට වැඩක් නැහැ (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්?? (නි)
18 සම්මත කරන්න අත උස්සපු අයම අද මේ කියන්නේ මොනවාද කියලා අපිට පුදුම හිතෙනවා. කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
ඔබ අද පත්වෙලා තියෙන තත්වය ගැන හරිම කණගාටුයි. (නි)
අර පිළිරුව හෝදලා දැම්මා නම් හොඳයි නේද? (නි)
අපි ඔබ සමඟ ඉන්නවා (නි)
ජයවේවා! සටන දිනේවා! (නි)
අතීතයේත් ජනතාව වෙනුවෙන් පෙරට ආ වීරයෝ සිටියා (නි)
කෝච්චිය ගියා. ඊළඟ කෝච්චිය එනකොට ප්‍රමාදයි (නි)
ඔවුන් හිතනවා ඔවුන් මෝඩයෝ කියලා. කෙනමන්ව හැදුවේ ඒ.ඩබ්ලිව්.ඒ අබේගුණසේකර (බ)
තමාගේ පරමාධිපත්‍ය ගැන කතාකරන තවත් කෙනෙක් (නි)
18 ට අත උස්සපු එකට ජනතාවගෙන් සමාව ගන්න. (නි)
එතකොට කලින් සටන්කළේ කුමක් වෙනුවෙන්ද? (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සඳහා අත ඉස්සුවේත් ඔබතුමාලා නේද? ඒ අවස්ථාවේ මතක්වුණේ නැද්ද ජනතා පරමාධිපත්‍ය. (නි)
වැඩි තණ්හාව විනාශයට මුල් වේ. (ම)
දැන් ද මතක් වුණේ (ම)
මොවුන් නිද්‍රාශීලී දේශපාලනඥයෝ. හිටි ගමන් අවදි වෙලා මොනවහරි දොඩවනවා. තමන්ට යහපතක් වෙනවනම් ඕනෑම අසාධාරණයක් වෙන්න ඇරලා අහක බලා ඉන්න මෙයාලට පුළුවන්. (ම)
පහුගිය සමයේ වෙච්ච අපරාධවලට විරුද්ධව කතාකරන්න තරම් කොන්දක් ඔය කාටවත් තිබ්බේ නැහැ. දැන් කතාකරන්නෙත්, හැමෝම " සුද්දෝ " වගේ. අනේ වාසේ. (බ)
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ කියනවනේ (නි)
කල් ඉකුත්වු භාන්ඩ ඉවත්කර ඇත. (බ)
ඔය පක්ෂවල නායකත්වය උගත් තරුණයින්ට බාර දෙන්ඩ. දැන් ඔය කෙරුවාව හොඳටම ඇති. (බ)