‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම්බත් වෙලා. තමන්ට සුදුසු පාලනයක් කරගෙන යන්න බලාපොරොත්තු වුණා සැබෑම වෙනසක් ඇති කර ගන්න. පෙරලන්න බැරිව සිටි නායකයා - මහින්ද රාජපක්ෂ - සියලුම ජාතීන් එකතු වෙලා පෙරළා දැම්මා.‘ යි කෑගල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක රුක්මන් සේනාරත්න මහතා දැරණියගල දිස්ත්‍රික්කයේ පැවැති ජන රැලියක දී පැවසීය.
‘දින 100ක දී දැඩි මෙහෙවරක් කරන්න යහපාලනයට හැකි වුණා. මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් බටු කරන දිනය අත ළඟයි. කෑගල්ලේ දුප්පත් අහිංසක ජනතාව නඟා සිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද වලින් මහින්ද පිළට 37%යි (නි)
දින 100ක දී දැඩි මෙහෙවරක්? ලංකාවේද දන්නේ නැහැ හිටියේ? (නි)
බටහිර ජනතාවගේ පැතුම් ඉටු උනේ 77 සිටය (නදී)
රුක්මන් මහත්තය ගැන දුකයි..17 වෙනිදා ඉදල ඔයාලට තව සැහෙන කාලයක් බලාගෙන ඉන්න වේවි.මිට පස්සෙවත් අතට ගත්තු ගමන් රහ ගුණ බලන්න යන්නේ නැතුව ටක් ගාල කටට දා ගන්න ලොක්කට පුරුදු කරන්න..දැන්නම් ඉතින් ඔයාල අතට ගත්ත ඒවා මහින්ද මහත්තයාගේ කටේ තමයි තව අවුරුදු පහකට. (අ)
පෙරළන්න බැරුව හිටිය නායකයා සියලුම ජාතීන් එකතුවෙලා පෙරළලා දැම්මා මහත්තයෝ. කොන්ද පණ ඇති නායකයෝ සිංහල ජාතියේ හිටියෙත්,ඉන්නෙත් බොහොම ටිකදෙනයි. එනිසා ඉන්න ටික දෙනාවවත් ආරක්ෂා කරගන්න බැලුවොත් හොඳයි (නි)
රුක්මන් මහත්තයා ගැන දුකයි.17 වෙනිදා ඉඳලා ඔයාලට තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වේවි.මිට පස්සෙවත් අතට ගත් ගමන් රහ ගුණ බලන්න යන්නේ නැතුව ටක් ගාලා කටට දා ගන්න පුරුදුවෙන්න. (නි)
ඔබ නිහතමානී පුද්ගලයෙක්. අපි ඒ බව දන්නවා (නි)
ජයවේවා! (නි)
ඔබතුමා ඊළග පියවරට සුදානම් වෙන්න. (නි)
කෑගලු දිස්ත්‍රික්කයෙන් ගංජා, කුඩු හොරු වෙනුවට වැදගත් මහත්වරු හැම පක්ෂයකින්ම පත් කර එවන්ඩ. දැනට රටට වෙලා ඇති විනාශය කල්පනාවට ගෙන ඡන්දය පාවිච්චි කරමු. අපිට ඕනා මහත්මාවරු පාර්ලිමේන්තුවට. තරුණ අයට තැන දෙමු. (නදී)
සිතුම් පැතුම් 'බටු' කරන දිනය? (නදී)