‘ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමට බැරි වුණොත් ආණ්ඩුවෙන් යනවා‘ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ පැවැති උත්සවයකදී පැවසීය.
‘අප විසින් නිර්මාණය කරපු දේශපාලන නායකයන් පිරිසක් මෙතැන ඉන්නවා. හැබැයි ඒ අයගේ දේශපාලන විඥානය පිළිබඳව ඉදිරියේ දී අපට කල්පනා කරන්න සිදුවෙයි. තමා විසින් තමාගේම බඩ කපාගන්නා දේශපාලන නායකත්වයද එහෙම නැත්නම් දේශපාලන විරුද්ධවාදීන්ට උඩගෙඩි දෙන දේශපාලන ව්‍යාපාරද අපට අවශ්‍ය වන්නේ කියලා. එහෙම නැත්නම් සමගි වෙලා දේශපාලන පන්නරය රැකගෙන ජනතාවට සේවය කරන අයද අවශ්‍ය කියන කාරණය පිළිබඳව නිවැරදි තීරණයක් ජනතාව ගත යුතුයි‘ යැයි ද ඇමැතිවරයා කීය.
තමන් ඒකාබද්ධ රජයකට බැඳී කටයුතු කරන්නේ ප්‍රතිපත්ති පාවා දී නොවන බවත් ආණ්ඩුවට බැඳී පළාතට සේවයක් කිරීමේ අරමුණින් මිස ආණ්ඩුවේ කටු ලෙවකෑමට නොගිය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් පෙන්වන්න කියා කියා ඉන්නේ නැතුව (බ)
කොළඹට එකක්, බදුල්ලට වෙන එකක්,හැබැයි කොහොම වුනත් ලබන පාර ගෙදර? (බ)
මියෝ පනිනවා කියන්නේ නැව ඉලෙන්න ළගයි. (බ)
මමනම් හිතන්නේ ඔබතුමා දැන්ම ගෙදර ගියොත් හොඳයි කියල. මොකද, ඡන්ද දායකයා හුස්මගන්න, නාඩි වැටෙන, හිතන්න පුළුවන් කට්ටියක් වග ඡන්දෙට ඉස්සෙල්ලම තේරුම් ගන්න එක හොඳයි. (බ)
ඕවට අහු වෙන්න එපා මිදී වලට උඩ පැන්න නරියෙකුත් ඔහොම කිව්වලු (බ)
මට නම් කිසි දෙයක් තේරුම් ගන්න බැරිවුනා. ජනතා අවශ්‍යතාවය කිව්වේ මොකක්ද? ප්‍රතිපත්ති පාවා දීම වගේ බරපතල දේවල් නම් මට තේරෙන්නේම නෑ. ඔක්කොටම හපන් අර අර අනුමත වෙලා තියෙන කාර් වලටද කටු කියල කියන්නේ හිතනකොට සම්පුර්ණයෙන්ම මොළේ විකල් වෙනවා. (බ)
අපේ අවශ්‍යතා සිල්ලම ඉටු වෙනවා. අපි දාලා යන්න එපෝ! (බ)
කොහෙත්ම අපිට විශ්වාස නැහැ ඔබලා ගැන (බ)
අපි එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහත්මයාව දුටුවෙමු අපි ලංකාවේ දේශපාලන කෙරුමන්ලාව දකින්නෙමු දැක ඇත්තෙමු (බ)
ඇයි එහෙනම් තාම ඉන්නේ? (බ)
මහින්දගේ කාලේ ඉඳල යන්න. ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා එ්ත් දැන් යහපාලන ආණ්ඩුව නිසා යන්න. හිටපු කට්ටිය ගේ ඇස් ඇරිලා ජනතාවට වැඩ කරනවා බොහොම. හොඳයි ,ජනතාව අවදියෙන් බව සිතන්න (බ)
ඔන්න අපේ නිමල් සිරිපාල ඇමතිතුමා, අපිට සතුටුවිය හැකි හොඳ තීරණයක් ගන්න වගෙයි යන්නේ. ඒ සඳහා අපෙනුත් සුබපැතුම්..! (බ)
ඔයාල ගෙදර යන්න. ආයේ මොකද ඡන්දෙකින් දිනන්න කියලද? ඔය කන කටු රස නැහැ කියල අපි දන්නවා. එකනේ මේ අඬන්නේ. (බ)
එහෙනම් තවත් ඇයි බලන් ඉන්නේ... (ර)
අනේ හොදා (බ)
මොන බොරුද. යනවානම් යන්න අනේ පම්පෝරි ගහන්නේ නැතුව . ගියොත් දහයක් එන්න ඉන්නවා. (බ)