ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නන්දික පෙරේරා මහතා පැවසීය.
මේ යටතේ භූතානය සහ ෆීජී දූපත් සඳහා දැනටමත් තම සේවා සපයන බවත් ඔහු කියයි. එම රටවල රජයන්ගේ පූර්ණ අනුමැතිය මේ සඳහා ලබාදී ඇත.
දරුවන්ගේ පීතෘ භාවය තහවුරු කරදීමේ පර්යේෂණ, සමූහ ස්ත්‍රී දුෂණයක් සහ රිය අනතුරකින් තුවාල ලැබූවකු සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ මේවන විට සිදු කර දී ඇත. මේ යටතේ භූතානය යොමු කළ ජෛවී සාම්පලවලට අයත් පරීක්ෂණ හැට හතරක ප්‍රතිඵල සහ ෆිජී දූපත යොමුකළ සාම්පලවලට අයත් පරීක්ෂණ විසිහතරක ප්‍රතිඵල දැනටමත් නිකුත් කර හමාරය.
භූතානය ජෛවී සාම්පල යොමු කරන්නේ එරට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මඟිනි. ෆිජී දූපත්වල අධිකරණය මඟින් සාම්පල යොමු කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් මොනවද මේ කියන්නේ කෘෂිකර්ම ,සෞඛ්‍ය ලොක්කන්ට ජීන්ටෙක් එකත් එක්ක මොනම ගැටලුවක්වත් නැහැ, මම දන්නා තරමට කෘෂිකර්ම පලිබෝධ අංශයේ නම් බහුජාතික පොහොර කොම්පැනිවල අය පඩි ලිස්ට් එකේ නම තියන අය ඉන්නවලු රජරට වකුගඩු රෝගයට සම්බන්ද ප්‍රශ්නයේදී මෙම ආයතනය පුද්ගලික ආයතනයක්. එකේ කාර්ය භාරය වෙනම එකක්. මේක උදව් කරන්නේ අපරාද ගවේෂණයේදී . (ස)
අපේ කෘෂිකර්ම සහ සෞඛ්‍ය ලොක්කන්ට තමා මේක පෙන්නන්න බැරි, ගමත් කනවා රටත් කනවා, ලොක්කකන්ටත් බෙදල දෙන නිසා බේරිලා ඉන්නවා. චම්පික ඇමති තුමා කෙලින් ඉන්නවා වැදගත් විදිහට. එච්චර තමා. (ස)