ඇමැති ජෝන් අමරතුංග පසුගියදා චීනයට ගියාලු. ඒ සහායක රටක් ලෙස ‘ඉන්ටනැෂනල් ටුවරිසම් එක්ස්පෝ 2016‘ සඳහා ශ්‍රී ලංකාවද එක්වීම සම්බන්ධ සාකච්ඡාවකටලු.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක් ඊට එකතුවී සිටී.
ඒ සඳහා රජයේ විශේෂඥයින් සහ අදාළ බලධාරීන් එහි යතියි අපේක්ෂා කළාලු. නමුත් චීනයට ගිය අතර අනූ රාසයියා සිටියාලු. ඇය ජෝන් අමරතුංග සංචාරක ඇමැතිවරයාගේ දියණියයි. ඇයට කිසිදු නිල තනතුරක් ඒ සඳහා නැතිලු. ඇගේ ගුවන් ගමන් ගාස්තු ගෙවන්නේ කවුදැයි කාටත් පැනයක්ලු.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් පී.එච්.ජේ.බී. සුගතදාස ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් යැයි අදාළ ලියකියවිලිවල මගින් සනාථ කර ඇත.
ඇය කෙසේ හෝ චීනයේ ෂියෑන් නගරයට ගිය අතර එහිදී ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සහිත අත්බෑගය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කළාලු. කම්පනයට පත්ව දුරකථන ඇමතුම්ද හතර වටේටම ලබාදුන්නාලු. ඒ වන විට ඇමැති පියා සිටියේ දකුණු කොරියාවේලු. ඒ බෑනාවන දිනේෂ් වීරක්කොඩි සමගලු. ඇයට නීත්‍යනුකූලව චීනයෙන් පිටවීමට නොහැකිව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට කරදර කළාලු. ඔවුන් බීජිං සිට ෂියෑන් දක්වා පැමිණ ඇයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උදව් ලබාදී ආපසු ලංකාවට පිටත් කළාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවි ගැන අපි දැනගත්තේ කිලිනොච්චි මැදවච්චි අලිමංකඩ, පාමංකඩ කතාවලින්. කලින් අයගේ දූෂණ ගැන කතාකරන අයට මෙව්වා හොද පාඩම්. (බ)
"ඉස්සර අපි කිව්වේ ජෝන්-ජෝන් පිටිකොටපන්, ජෝන්ගේ අම්මා පිටි හලපන් කියලයි . මේ ජෝන්ටත් වෙන වැඩක් බැහැ. (බ)
ගහේ කටු උල්කරන්න ඕනෑද? (නි)
පරණ ගණන්කාරයන්ට වුණත් දැන් පැන්ෂන් යන්න කාලය හරිනේ. තවදුරටත් මහජන මුදල් කාබාසිනියා නොකර ගෙදරට වෙලා ඉන්නවාද? නැත්නම් තිබෙන මුදලින් වෙන රටකට ගිහිල්ලා ලංකා ජනතාවට බරක් නොවී ඉන්න. (නි)
මිනිසෙකු උපතින් කුලයකට බෙදිය නොහැකි අතර කරන ක්‍රියාවෙන් කිසියම් කුලයකට අයත්වේ (නි)
ජෝන් ගැනත් තීරණයක් ගන්න දැන් කාලය හරි වගේ (නි)
මේ වගේ දේවල් කලින් ආණ්ඩුවෙන් කළ නිසා එයාලට ගෙදර යන්න වුණා. දුෂණය නැතිකරලා, යහපාලනය ඇතිකරනවා කිව්ව කට්ටිය දැන් වැරදි දෙකක් කරනවා. එකක් යහපාලනය නැතිකම, අනිත් එක ජනතාව බොරුවෙන් රැවටීම. (නි)
සංචාරක ඇමතිගේ දුවට බැරිනම් ඉතින් කාටද පුලුවන්
එන පාර පරදිනවා අනිවාර්යෙන්ම .... එතකන් පුළුවන් තරම් ගසා කනවා .... මෙයාව පරද්දන්නම ඕනේ (බ)
යහපාලන විශ්වකර්මයින්ගේ වැඩකිඩ තමයි. සිංහල අපිව ගොනාට අන්දන්න මේ අය හරි හපන්නුනේ. අනේ අපේ සිරි ලංකාවට වුණ දෙයක්. (නි)
මේවා නොදැක්කා සේ ඉන්න ඔබට පුලුවන් වෙන්න ඕනෑ. යහපාලනයට විරුද්ධවෙන්න හොඳ නැහැ. (නි)
ජොන් සහ කිරිඇල්ල දෙන්නම ගෙදර යවන්න කාලය හරි වගේ (බ)
ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නොවුණානම් තමයි ප්‍රශ්නය නේද? (නි)
රොහාන් දයාදර පැරිස්, ජෝන් විතරක් නෙමේ රවි කරුණානායකත් දෙමළ ක්‍රිස්තියානි. හැබැයි මෙයාල ගැන කිතුණුවන් ඉන්නෙත් දැඩි පිළිකුලෙන්. ඒ ආගම, ජාතිය නිසා නෙමේ, කරන කැත වැඩ නිසා. (බ)
ජෝන්ගේ වැඩ ගැන කවුද නොදන්නේ?? (නි)
මොකුත්ම කියන්න එපා. මේක තමයි යහපාලනේ (නි)
අනිවාර්යයෙන්ම ඉතින් අපේ මහජන මුදල් වෙන්න ඇති. (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල් හැබෑට! (නි)
මේවා රජය සතු මුදල් අවභාවිතා කිරීම් නොවේද? (නි)
ඒ කාලේ නායකයා පියාණන්ව වන්දනාවේ එක්කගියා වගේ මේ කාලේ අය දුවව චීනෙට එක්ක ගියාට කමක් නැහැ. (නි)
වැරදි වැඩ කළ කිසිකෙනක් හොඳ පැත්තට හරවාගන්න එච්චර ලෙහෙසි නැහැ. (නි)
දුව ඉතින් තාත්තා වගේ වෙන්නම එපායැ
මෙයාලගේ වැඩ යහපාලන ආණ්ඩුවට හිසරදයක් (නි)
දැන් බය නැතුව නාස්තිය ගසාකෑම කරනවා. ආයෙත් හොර අල්ලන්න කාලයක් එන්නේ නැති බව දන්නවනේ. මේවා අගමැතිතුමාට නොපෙනෙන එකනේ වැඩේ. (නි)
ජෝන්ගේ දුව කසාද බැදල ඉන්නේ දෙමල කෙනෙක්වද ? එහෙම නැතිනම් ජෝන් දෙමල ක්‍රිස්තියානිද ? කෙල්ලගේ නමේ ගැටලුවක් තියෙනවා ? (බ)
දැන් මෙයාලා ජනතාවට විහිළු සපයන්නන් වෙලා වගෙයි. රටේ අවාසනාව! (නි)
යහපාලනය විතරක් නොවෙයි, මීට කලින් තිබුණු පාලනයේත් මේවා පොකුරු පොකුරු තිබුනේ. මතකනේ සමහර ඇමතිවරුන්ගේ දරුවන්ගේ උපන් දින උත්සව වෙනත් රටවලදී පවත්වලා ජනතාවට බිල ගෙවන්න වුණේ. මේක කවුරු කළත් වැරදියි. ඒත් කාටද කියන්නේ? (නි)
හා..හා මේ ගැන කවුරුත් කතා කරන්න එපා. රජයේ ප්‍රබල ඇමති තුමාලා කරන සියලුම වැඩ නිවැරදියි .ඔවුන් ගමන් බිමන් යන්නේ රජයේ මුදල් වලින්නම් නෙමයි (බ)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
තාත්ත ගෙන් පස්සේ වත්තල ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තු යන්න ඉන්නේ මෙයා තමයි ..... ඔබට සතුටුද දැන් ? (බ)
ගිහාන්, ඔබගේ අපක්ෂපාතී දැක්ම ගැන මගේ හද පත්ලෙන් ප්‍රණාමය! (නි)