1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුර රහස් පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
ජනක බණ්ඩාර තෙන්නකෝන් එම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය ඉටුවේවා! (නි)
දේශපාලන සළුවට මුවාවෙලා වැරදි වහගෙන හිටියට කවදාහරි එළිවෙනවා. වැරදිකාරයාට දඬුවම් දියයුතුයි. (නි)
මේ මොකද්ද මේ වුණේ? (නි)
අයියෝ මෙහෙමත් දේශපාලඥයෝ! (නි)
බලනකොට වැරදි නොකරන්නේ මහජනතාව වන අපි විතරනේ! (නි)
බයවෙන්න එපා. ටික දවසක් බලමු. පරීක්ෂණයක් කරලා එයා නෙමෙයි කියලා වෙන කෙනෙක්ව ගන්නත් පුළුවන්. (නි)
මම නම් දකින එකම දේ තමයි පොලිසියටයි අධිකරණයටයි පක්ෂ පාට තරාතිරම නොබලා ස්වාධීනව කටයුතූ කරන්න අවස්තාව ලැබිලා කියන එක. (ර)
ඔය පාර්ලිමේන්තුවේ අද බෝධිසත්ව චරිත රඟපාන ගොඩක් අයගේ යටගියාව කවුරුන් හෝ අවුස්සලා ගන්නවා නම් තව දුසිම් ගානක් හොයාගන්න තිබුනා (නි)
කළකම් පළදෙනවා. බලය අයුතුලෙස යොදා මැර වැඩ කළා නම් විඳගන්න. කදුළු එනතුරු අඩන්න. (නි)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. මිනිසාට හඳුනා ගැනීමට අපහසුම සත්වයා මිනිසාය. (ස)
කෙළවරක් නැති අපරාධවලින් මව්බිමේ ගෞරවය විනාශ කල සෑම සියලු අපරාධකරුවන් නිතිය හමුවේ ප්‍රශ්න කල යුතුයි. (ස)
හඬ හඬා දේශපාලනය කරද්දී මටත් පොඩි අමුත්තක් දැනුනා මෙයාගේ. (නි)
දැන්නම් වැරදි කළ අයගේ කාලය එන්න එන්නම නරක්වෙනවා වගෙයි (නි)
මෙතන ඉන්න හැමෝම කෙනෙක් අත්අඩංගුවට ගත් සැනින්ම වැරදිකාරයා කරලා ඉවරයි. ලංකාවේ පොලිසිය ගැන අවබෝධයක් නැතිහැටි? (ස)
මේ සිද්ධියේ ෆයිල් එක කා ළඟ හරි කලින් තිබුනද කියලා දැන්නම් මට සැකයි (නි)
මෙයා විතරක් නෙමෙයි තව සෑහෙන පිරිසක් ඉන්නවා. ජනපතිතුමත් අගමැතිතුමාත් පක්ෂග්‍රාහී නොවී සියලු දෙනාටම දඩුවම් දේවියයි බලාපොරොත්තු වෙමු. (බ)
අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රී කෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රී කෙනා ගානේ ඉන්නවා. ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්. (නි)
අපේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන පර්මිට් එක ලක්ෂ ගණනක් වටිනවා. අපේ මන්ත්‍රීවරු 225 ක් විතර ඉන්නවා. මේ පර්මිට් එක තව කෙනෙකුට පවරන්න පුළුවන් එකක්. රජයට විශාල බදු මුදලක් අහිමි වෙනවා. මේ අනවශ්‍ය වරප්‍රසාද ඉවත්කරලා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර කීපයක් රජයේ ඉස්පිරිතාල වලට ලබාදෙන්න කියලා අගමැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් කාරුණිකව ඉල්ලනවා (නි)
බුදු බණ සත්තයි රජකම් කලත් කළකම් පල දෙයි (බ)
එතකොට එජාපයේ අයත් ගන්න ඕන. 88-89 කරපුවට (අ)
අනේ හැබෑට මෙහෙමත් ජනතා නියෝජිතයෝ? (නි)
හිතා මතා අන් ජීවිත විනාශකරන සෑම පුද්ගලයාම තමන්ගේ ජීවිතයට පුදුම ලෙස ආදරය කරනවා. ඒක නිසානේ නීතිවේදීන් අල්ලමින් මුදල් වියදම් කරමින් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් දඬුවම් වලින් නිදහස් වෙන්න බලන්නේ. තමා තමාවම උපමාවට ගත් පුද්ගලයා මේ අපරාධ වලින් වැළකී ඉන්නවා (නි)
1998 දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකදී මම ප්‍රථම වතාවට ජනක බණ්ඩාර තෙන්නකෝන් හඳුනා ගත්තා. පසු කාලයක ඔහු කම්කරු නියෝජ්‍ය ඇමති හැටියට සිටින කාලයේත් විවිධ අවස්ථාවන් වල අප මුණගැසී ඉතාමත් සුහද ලෙස කතාබහ කළා. ඔහු තුළ තිබු තැන්පත්කම, නිහතමානිකම නිසාම මා ඔහු අගය කළා. මෙවැනි දෙයක් ඔහු අතින් සිදුවුණා කියා සිතාගන්නත් අපහසුයි. (නි)
කවුරු වැරදි කළත් දඬුවම් දෙනවා නම් හොඳයි (නි)
අපි මෙයා ගැන හිතාගෙන හිටියේ කොහොමද? (නි)
වැරැද්දක් කරලා නම් නීතිය ක්‍රියාත්මක වේවි.නීතියට කවුරුත් යටයි.මම ජනාධිපති, මම අගමැති, මම අහවල් ඇමති, මම අර පක්ෂයේ අහවල් ප්‍රදේශයේ මන්ත්‍රී,ඕවා ඔක්කොම බොහොම තාවකාලික දේවල්.ගරු අධිකරණයේදී ඔය එකක්වත් මායිම් කරන්නේ නැහැ.අපි කරන හොඳ හෝ නරක පමණයි අන්තිමේදී ඉතිරිවෙන්නේ.බොහොමයක් දේශපාලුවන්ට අමතකවෙන්නෙත් ඔය ටිකමයි.අපි බලාගෙන ඉමු ඊළඟ ජවනිකාව මොකක්ද කියලා. (නි)
තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
1989 මාතලේ වාලවෙලදී මහා දවල් මිනිසුන් බලා සිටියදී තරුණයෙකුට වෙඩි තැබූ මන්තිරිවරුත් ගන්නවද සෑර්.....? (අ)
මේ වගේ ප්‍රවෘති අහලම මට දැන් එපා වෙලා. (අ)
ඔය කියන කාලෙ 1999 ෆයිල් තියං හිටියෙ චන්ද්‍රිකා මැඩම්නෙ. වැඩිම මැතිවරණ ප්‍රචණඩ ක්‍රියා සිදුවුණෙත් ඒ නෝනගෙ කාලෙ තමයි (අ)
මල්ලියේ නරක මිතුරන් ගීතය මතකෙට එනවා. (නි)