ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අවුස්සා ගන්න එපා යැයි තමන් එජාපයට අනතුරු අඟවන බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකා පාක්ෂිකයන් එළියට ගන්නා බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (4) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අද ලංකාවේ කැලෑ ජෝන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. පොලිසිය අසරණ වෙලා‘
එජාපය මේ දිනවල තම පාක්ෂිකයන් අත් අඩංගුවට ගෙන සිරගත කරන බවත් තම පුතා, දඹුල්ල නගරාධිපති, ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා තවත් මන්ත්‍රීවරු කිහිප දෙනකු අත් අඩංගුවට ගත් බවත් තෙන්නකෝන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ්මන් වසන්ත පෙරේරාට එතනෝල්කාරයා කිව්වෙත් මෙයා නේද ? (නදී)
මේ අයගෙ කාලේ ඡන්දය කරපු තාලේ මතකයි ද රාලේ. උරුම ඔබටයි දාමු මාලේ (නදී)
බල්ටි ගහන්න ගියාම ඔහොම තමයි. ඒ පැත්තේ හිටියා නම් එයාල ඔහොම කරන්නේ නැ ඔබතුමාට. (නදී)
අලියා කුලප්පු කරගන් නැතුව කටවහන් ඉන්නකෝ (ම)
මේ කතාව කිව්වේ කාගේ හරි දෙපතුල ළඟ දණින් වැටිලා එහෙම නෙමෙයි නේද? එහෙම නැතිනම් කඳුළු වගුරවමින්ද? මෙයාලා කරන කියන දේවල් වලට හිනාවෙනවා ඇර අපි වෙන කුමක් කරමුද? (නි)
පසුගිය කාලේ කරපු මැර වැඩවලට චෝදනා බොහෝ දුර නොවේ. (බ)
ඒගමන මොකක්ද මේ හැදුන අමුතුම කුලප්පුව? (නි)
මේ මහත්තයෝ, කැලේ නීතිය තිබුනේ මහින්දගේ කාලේ. දැන් එහෙම එකක් නැහැ (නි)
මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෝ! වැරැද්දක් කළත් , මිනිස්සු පැහැරගෙන ගොස් ගැහුවත් මොන ගෝරි දාගත්තත් පොලිසිය දොහොත් මුදුන් තබා බලාසිටිය යුතුයි? ඇයි මෙයාල දේශපාලකයෝනේ! (නි)
මාතලේ භීෂණය තිබුණා තමයි. ඒත් දැන් එහෙම නෙමෙයි. මේ ආණ්ඩුව සාධාරණව ඡන්දය පවත්වනවා.ජනකලා දන්නවා මේ පාර පරදින බව. ඒකයි දඟලන්නේ. (නි)
ජානක මහත්තයෝ, අලි කුංචනාද කළොත් ඔයාලට උන් හිටි තැනුත් අමතක වේවි (නදී)
නියමයි. ජයවේවා! (නි)
පනින්ඩ පෙර හිතන්ඩ තිබුණා. මෙදා මනාපෙන් ඔබතුමාත් , දඹුල්ල ආසනයත් පරාදයි (ම)
අනේ! ඔක්කොම තොත්ත බබාලා... (නි)
ඒ වුණාට අපිට නම් තේරුම්ගියේ රටේ නීතිය හා මැතිවරණයකදී බලපැවැත්වෙන විශේෂ නීති යටතේ පොලිසිය මැතිවරණ පනත හා මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් පිළිපදිමින් නිවැරදිව හා අපක්ෂපාතීව වැඩකරන බවකුයි . (නි)
අපි පැල් කවියක් කියනවා නිදිමත නැතිවෙන්න.(ම)
අලියත් ,සිංහයාත් තිරිසන්නු මිනිසාට සමාන නොකරනු .එය ජන්ද ලකුණක් පමණයි (ම)
ඔය කුංචනාදයක් නොවෙයි, හීන් කෙඳිරියක්. (නි)
ලාල්, මේ වගේ අය ඉන්නකම් අපේ රට හදන්න ලැබෙන්නේ නැහැ කවදාවත් (නි)