කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩායාගේ ජාන කිසිසේත් නොගැලපෙන බව ඩීඑන්ඒ පරීක්ෂණය කළ බොරැල්ලේ ජින්ටෙක් ආයතනය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
රහස් පොලිසිය මේ වාර්තාව අද ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා පැවසුවේ නඩුවේ පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වැනි දා ඉදිරිපත් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ ඉන්න දෙයියෝ තමයි මේ අපරදෙට දඩුවම් දෙන්න ඕනේ (අ)
අන්තිමට කියයි සේයා සදෙව්මි දැරිය සියදිවි හානි කරගෙන තමයි මැරුනේ ...මේක මිනි මැරුමක් නෙවේ කියල...(ම)
කාත් කවුරුවත් නැති සමාජ තත්වයක් නැති මිනිෙහක් අහුවුනාම ඉතින් පොලීසිය තඩිබානවා. පාසල් ළමය ගැන සමාජ කතිකාවක් අැති වුනා. ඒ්ත් කොන්ඩයා ගැන එහෙම නැහැ. හැමෝම හිතුෙව් කොණ්ඩයා තමයි මේක කළේ කියල. අන්තිමට තාක්ෂණය නිසා මිනිහා බේරුනා. නැත්නම් පොලිසීය කොන්ඩය පිට දාල මේක ඉවර කරනවා. මේ වගේ කීදෙනෙක් පොලිසිය මිනිමරුවෝ කරල අැතිද ඒ් වගේම නියම මිනිමරුවෝ කීදෙනෙක් නිදැල්ලේ අැතිද (බ)
තිලක් කියන කතාව හරි මටත් දැන් සැකයක් තියනවා. කොහොම නමුත් අපරාද කාරයා අනිවාර්යෙන් අහුවෙනවා. (ර)
මරණ දඩුවම දෙන්නේ නීතියෙන් වරද කරුවෙක් බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වුනායින් පසුවයි කියන දේවත් තේරුම් ගන්න බැරි මිනිසුන් කොටසකුයි උඩ පැන පැනා මෙහි අදහස් දමන්නේ..? ලංකාවට මරණ දඩුවම ඕනෙමයි ..!!!!මේ හිරගෙවල්වල ඉදන් එළියේ කුඩු බිස්නස් කරන තවත් මිනී මරුම්වලට අාධාර දෙන හිරකරුවෝ එල්ලලා මරන්නමයි ඕනේ ? මේ වගේ අසරණ දරුපැටවුන්ට අතවර කරලා මරන්න තරමට නපුරු දුර්ජනයින් මේ රටට අවශ්‍ය නැහැ ..රටේ මුදල් කෝටි ගාණක් වැයකරලා රටට අපරාධකාරයෝ ලොකු මහත් කරගන්නවාට වඩා ..ඒ මුදල් වැයකරලා රටේ ඉදිරිපරපුරට මානුෂික සහන අවස්ථා දිළිදුකම පිටු දැකිමී, දිලිදු දරුවන්ගේ අධ්‍යාපන පහසුවට දීමනා රටේ ගොඩාක් ධනය ඉතිරි කරගැනීමට සහ අපරාධකාරයන් අඩු කරගැනීමට පුළුවන් නැතිනම් මුළු ලංකාවම කොටකෙතනක්, සහ කොටදෙණියාවක් වීම අපිට නොවැලක් විය හැක ..? (බ)
ජාන පරීක්ෂණයත් පොලිසියටම දුන්න නම් හොද නැද්ද? (බ)
මේක කරන්න ඇත්තෙ පොලිස්කාරයොම තමයි (බ)
මේක පොලිසියනේ! (නි)
අපරාධකාරයෙකුට කවදාවත් නිදහසේ ඉන්න බැහැ. (ර)
අනේ මන්දා අපිටත් මේවා අහලා පිස්සු හැදෙනවා (නි)
එතකොට මේක කවුද කළේ? (නි)
හෙට කව්ද ? (ර)
මෙහෙමත් මිනිස්සු! අහිංසක මිනිස්සු හිරේ දානවා (නි)
කොණ්ඩයා කියනවා කෙරුවා කියලා. ජානය කියනවා නෑ කියලා. කව්ද හරි. (ර)
වත්මන් අපරාධ මර්ධනය කරන්න පොලිස් සහ අපරාධ විමර්ශණ අංශ වලට ඉතා බුද්ධිමත් පිරිස් බඳවා ගත යුතු අතර ඔවුන්ට මනා පුහුණුවක් ලබා දිය යුතුය. දහම් පාසල අනිවාර්ය කල යුතුය. (ර)
අර ඉස්සර තමුන්වම ගස් බැඳගන්නවා වගේ වෙයිද දන්නෙ නැහැ මේකත් අන්තිමට (නි)
ටෙලි නාට්‍ය නිෂ්පාදක වරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපේ අහිංසක කොණ්ඩ මල්ලිට සුදුසු චරිතයක් දී වෘත්තීය නළුවෙක් කරන්න උදව් වෙන ලෙස. (ර)
බොහෝ අය කොණ්ඩ කුරුල්ලෙක් දිහාවත් බලන්න බයවුණා. අහෝ පොලිසිය! (නි)
රහස් පොලිසියට මේ පරික්ෂණය දුන්න එක හොදයි, පොලිසිය වගේ නෙවෙයි රහස් පොලිසිය නිකම් මිනිස්සුන්ව අල්ලන්නේ නෑ වරදක් තිබ්බේ නැත්නම් මිසක්. මේක ජින්ටෙක් එකට දුන්න එක හොදයි, ජින්ටෙක් කියන්නේ මම දන්න විදියට පෞද්ගලික ආයතනයක්, රජයේ ආයතන වලට දුන්නම වෙන්නේ රජයේ ඉහළ නිළධාරින්ගේ බලපෑම එන එකයි, ජින්ටෙක් එකට රහස් පොලිසියෙන් පරික්ෂණය කරන්න දුන්නම, ඒ මිනිස්සුන්ට කාගේවත් බලපෑම් එන්නේ නෑ, පෞද්ගලික නිසා හොදට වැඩේ කරන්න පුලුවන්. (ර)
දැන් කවුද එතකොට වැරැද්ද කරලා තියෙන්නේ? (නි)
පොලිසියේ සදාචාරයත්මක නොවන බවත් , ජනතාවගේ නොහික්මීමත් මේ සිද්ධිය හරහා පෙන්නුම් කරනවා. පොලිසිය සදාචාරාත්මකව සහ විනයකින් යුතුව වැඩ කිරීමද ජනතාව මිනිස්සු මරන්න ඉල්ලලා නොව සාධාරණය වෙනුවෙන් සටන් කරන්නට ඉගෙන ගන්න වෙනවා (හේ)
කිසිම දෙයක් නොදන්නා දරුපැටියෙකුට උන දෙයක්. (ර)
මේක තමා මං අහපු හතරබීරී කතාව මොනවත් හිතා ගන්න බැහැ. (ර)
මේකේ වැරදිකරු සොයා ගත යුතුය . මොකද නිකරුණේ මිනිස්සු වැරදි කරුවෝ කරනවා (ම)
රුක්ෂාන් අපේ කට්ටිය ඉතින් අහන්නේ වැදි බනනේ එකයි මෙහෙම හැසිරෙන්නේ. (ස)
ඔය ඩීඑන්ඒ පරීක්ෂණ අරවා මේවා නැත්නම් මෙලහකට අපේ ලංකාවේ දක්ෂ පොලිසියයි , රහස් පොලිසියයි දෙකම මිනීමරු අපරාධකාරයාව අල්ලලා. දක්ෂ බුද්ධිමත් කාර්යශූර අධිකරණයේ නඩුවත් අහලා දඬුවමත් දීලා ඉවරයි. (නි)
මේක දැන් හරිම අවුලක් වෙලා (නි)
සංදර්ශන නිසා නියම අපරාදකරු සැඟවිලාද?
අත්අඩංගුවට ගත්තහම වරද පිළිගන්නේ ගුටි කන එකෙන් බේරෙන්න. උසාවි ගියාම බේරෙන බව දන්නවා. මේකට සම්බන්ද කෙනා අපි නොහිතන කෙනෙක් වෙන්න පුළුවන්. පොලීසියට කරන්න තියෙන්න ගුටි දිදී ප්‍රකාශ ලියවගන්න එක නෙවේ. විද්‍යාත්මකව සාක්ෂි එකතු කරන එක. (ස)
ඩී.එන්.ඒ තාක්ෂනය නොතිබෙන්න අර අහිංසක පාසල් සිසුවා ද, එක් දරු පියාද, කොණ්ඩයාටද මේකට වන්දි ගෙවන්න වෙන්නේ. ඕක තමයි අපි කියන්නේ එල්ලුම් ගහ එපා කියලා. (ර)
අනේ මන්දා, මට නම් දුක කොණ්ඩයා ගැන නෙමෙයි. අර ඒ කාලේ වගේ ආයුධ පෙන්නන්න කොණ්ඩයාව එක්ක යන්න කියලා කෑගහපු අය ගැනයි. ඒ කාලේ අහිංසකයෝ කී දෙනෙක් බලවතුන්ගේ අපරාධ යටගහන්න ඇද්ද? (නි)
පිටිගල මිලානෝ. ඔබ හරියටම හරි. (ර)
කොටදෙනියාවේ මිනීමැරුම් අල්ලන්න බැරි මොකද? (ර)
මේ කාලෙ කවුරුවත් විශ්වාස කරන්න බැරි අබුද්දස්ස කාලයත්. (ර)
දෙව් ලොව වැඩවසනා සක්විති දෙවිදුනේ....!ඔබ වහන්සේ වැඩ හිඳිනා පඬුපුල් ආසනය වත් උණු වී මේ දුක ඔබ වහන්සේට පෙනේවා.....!(හේ)
තිලක් ඩුබායි කියන දේ ගැන අවධානය යොමු කළයුතුයි. (නි)
නැවතිල්ලේ කල්පනාකර බැලුවම තිලක් කියන කතාවෙත් ඇත්තක් නැත්තේම නැහැ. (ර)
ජාන තාක්ෂණ මැෂිම චෙක් කරන්න වෙයිද දන්නෑ.ඕක හරියට සර්විස් කරනවද දන්නේ නෑ. (ස)
පොලිසිය බුද්ධිමත්ව උපක්‍රමශීලීව හිතුවොත් මේ අපරාදකාරය අල්ලගන්න පුළුවන්. අපරාදකාරය අල්ලන එක නෙමෙයි ප්‍රදාන ප්‍රශ්නය. මේ අපරාද සමාජයෙන් තුරන් කරන්නේ කොහොමද කියන එක. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන කිසිම රටක එමගින් සැලකිය යුතු ලෙස අපරාද අඩුවෙලා නැහැ. මව් සෙනෙහස, පිය සෙනෙහස අහිමි වීම, කුඩා කල රැකවරණය අහිමි වීම, කුඩා කල දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම, වගේම නිසි මග පෙන්වීමක් නොලැබීමත් සමාජ වටපිටාවත්, රිනාත්මක සිතුවිලි වගේම, දැඩි මානසික අසහනයත් , පෞරුෂය හීන වීමත් මෙයට බලපානවා. මුඩුක්කු සමාජයෙන් ඉවත් කිරීම, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් මනා ලෙස කළමනාකරණය වන ළමා නිවාසයන්ට යොමු කිරීම, දෙමාපියන් බීමත්කමින් , සුදුවෙන් ගලවාගැනීමට කටයුතු සැලසීම, වැන්දඹු මව්වරුන්ට මාසික චේතනයක් රජයෙන් ගෙවීම. දහම් පාසල්,පාසල් සෑම දරුවෙකුටම අනිවාර්ය කිරීම. රූපවාහිනි වැඩසටහන් කිසියම් සීමාවන් යටතට ගෙන ඒම, මේ අතරින් වැදගත්. (ස)
ජාන පරීක්ෂා කරන්න පොලිසියට දුන්නා නම් ඔය ප්‍රශ්නේ මෙලහකට ඉවරයි. බොරුවට ඇද ඇද ඉන්නේ නැහැ. (ර)
ජාන මැසිම චීන එකක් (බ)
මාත් මොනා හරි කියන්ඩතමයි හිතුවේ ඒත් කොන්ඩයාට ලියන්නට,කියවන්නට බැහැනේ.එම නිසා මොකුත් කියන්නේ නැහැ (බ)
මේක මම මුල ඉදලම කිව්වා. මේ නිසයි මම මරණ දඩුවමට විරුද්ධ. අපිට කාවවත් මරල මේ ප්‍රශ්න විසදන්න බැහැ. කෙනෙක් අපරාධකාරයෙක් වෙන්නේ අවට පරිසරයේ තියෙන අඩුපාඩු නිසා. මෙන්න මේ අඩුපාඩුයි හැදෙන්න ඕනේ. (බ)
යකඩෝ එතකොට අර රන්ජන් මහත්තය මාධ්‍ය වලට ඇවිත් අැහෙන් දැක්ක වගේ මේක කොන්ඩය කරපු හැටිත් කිව්වේ..වෙන්න බැහැ..වෙන්න බැහැ..අපේ සියල්ල දත් රන්ජන් මහත්තයට කොහොමද වරදින්නේ..බඩ කපා ගන්න රන්ජන් මහත්තයෝ..එදා අර නාලිකාවක විවාදයකදී තමන් ඔප්පු කළේ තමන්ගේ නුගත්කම..කරපු එකා ඒ කෙල්ලව දුෂණය කරලා මරල දැම්ම..තමුන්ලා ඒ මිනිය තියාගෙන නාලිකාවක් නාලිකාවක් ගානේ මාධ්‍යවල ඒ දැරිවිව දුෂණය කළා. ..අමානුෂික අයුරුන් දුෂණය කරලා මරල දැම්ම කිව්වම මිනිස්සු දන්නවා කොහොමද වුනේ කියල..ඔහේ එක විස්තර කර කර කියල දෙන්න අවශ්‍ය නැහැ..තමුන් ඒ කාලේ ඒ මිය ගිය දැරිවිට ලොකු අපහාසයක්.අවමානයක්..මොනවා කිව්වත් වැඩක් නැහැ... ඇග පිම්බුවට අැගේ තරමට සාපේක්ෂව මොලේ පිම්බෙන්නේ නැහැනේ..මෝඩ කමට නුගත් කමට බෙහෙත් නැහැ....(බ)
ඒ කියන්නේ කොණ්ඩයා නිදහස්! (නි)
සැකකරුවන්ව අයුධ සොයන්න ගෙනියලා ඝාතනයට ලක් වෙනකොට මෙම තීරයෙන්ම මම හුරේ දැම්මා. මා ඒ කළ මෝඩ වැඩේ මොන තරම් බරපතලද කියල තේරෙන්නේ දැනුයි. අහිංසකයෝ කී දෙනෙක් අනුන්ගේ පව් වලට පස් යට සුසුම් හෙලනවා ඇත්ද? (බ)
රටක මිනීමැරුමක්,ළමා අපචාරයක් ,ඉස්ත්‍රී දුෂණයක්,හොරකමක්,කප්පන් ගැනිල්ලක්,නිදන් හැරීල්ලක් සිද්ධ වුනහම නිතිය ක්‍රියාත්මක කරන්න කියල රටේම මිනිස්සු බෝර්ඩ් අල්ලාගෙන උද්ගොෂණය කරන්න ඕනේ නැහැ.එහෙම සිද්ද වෙන්නේ(පොලිසියෙන් අල්ලන්නේ නැත්තේ) මොකද කියන කාරණය ගැනයි හොයන්න ඕනේ (බ)
මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුකරන්න පුළුවන්ය කියලා හිතන මෝඩ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ එහෙම නම් රටේ මිනිසුන් ඔක්කොටම මරණ දඬුවම දෙන්න වේවි කියලයි!ඔය කියන පිළියම හුඟක් රටවල්වල ටෙස්ට් කරලා බලලා තියනවා. නමුත් අසාර්ථකයි! (බ)
දැන් අහිංසකයෝ කී දෙනෙක් වැරැදි කාරයෝ වුනාද?(හේ)
ජින්ටෙක් ආයතනය නොමග ගියද? නොමග අරියාද? (අ)
ලංකාවේ ඉන්නේ මොන මෝඩ රැලක්ද මන්දා. මරණ දඩුවම දෙන්නේ වැරැද්ද ඔප්පු උනාට පස්සේ මිසක් සැකකරුවන්ට කියල කොහේහරි තියනවද. ලංකාවට අනිවාර්යෙන් මරණ දඩුවම ඕනේ. ඒවගේම ශක්තිමත් අධිකරණයක් ඕනේ. නැත්නම් මේ රටේ හෙන ගහන අපරාධ අඩුවෙන්නේ නෑ. අපරාධකාරයො ඔක්කොම දේශපාලුවන්ගෙ ඔඩොක්කුවේ ඉන්න හින්ද ඊයෙ හිරුණිකාගෙ යෝජනාවත් එක්ක කට්ටියට ගොඩක් රිදිල. එයාලගෙ කාට හරි උනානම් තේරෙයි අමාරුව. (ස)
මෙහෙම දුර්වල පොලිසියක් තියෙන රටක කොහොමද මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ. නුගත්කමේ ආනිසංස කියන්නේ මේවට. (ස)
පහුගිය කාලේ අවි පෙන්නන්න කියල අරගෙන ගිහින් කැලේ නිතියට අනුව මරපු අය ගැන දැන් මොකද හිතෙන්නේ. (අ)
මෙකත් හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තින්දුව වගේ වෙයිද අනේ.(ම)
මම නම් මුල ඉදලම සැක කරන්නේ එක්කෙනයි.කව්ද දන්නේ ඒ කියන කෙනා දේශපාලකයෙකුගේ රැක වරණය ලබාගෙන තිබෙනවද කියල? (බ)
ඉස්සර ලංකාවට කුඩු ගෙන්වුවේ කිලෝ 50 යේ සිමෙන්ති කොට්ට ගොඩ බානවා වගේ.එත් වෙලේ සුදා හිරේ ලගින්නේ කුඩු ග්රෑම් 6 ක් ලඟ තිබුන කියල.රටක නීතියට ගිය කලක්? (ස)
කොන්ඩයා මේ කරණාවේදී අහිංසකයෙක් වුණාට පෙර වැරදි තියෙන මිනිසෙක් නිසා මව්පියන් තම දරුවන් අැහැක්වගේ රැකගත යුතු වෙනවා.(අ)
අනේ මන්දා මේවා! (නි)
අහෝ! මේ කිසිවක් නොසොයා මරණ දඬුවම දුන්නා නම් (නි)
එතකොට කවුද මේ අපරාධය කළේ? අහෝ අපේ පොලිසිය. (නි)
ප්‍රථමයෙන් මෙයාව "කොන්ඩයා"කියන අන්වර්ථ නාමය ඉවත් කරලා නියම නමින් දැන් වත් මොහුව අමතමු. (ස)
එතකොට කොණ්ඩයා පාපොච්චාරණය කළේ මොනවාද? (නි)
ඔය දරුවාගේ යට ඇදුම ගලවල දාල තිබුනෙත් ඒ ගෙදරමනම්,හැමෝටම බුරන බල්ලා එදා රෑ බිරුවෙත් නැතිනම්,අබිරහස් මරණ වෙලා ඉන් පස්සේ පරීක්ෂණ කරන්න ගෙනාපු පොලිස් බලලත් ගේ වත්තෙන් එපිට යන්නෙත් නැතිනම්,ඔය දරුවාගේ තාත්තට ළමා අපචාර සිද්දියක් වෙනුවෙන් මාස 3 නක හිරේ හිටිය කෙනෙක්නම්,එහෙම කරලත් නිදහසේ එළියේ ඉන්න පුළුවන් කමක් තිබෙනවානම් දැන්වත් ඔය කියන තාත්තගේ ජාන පරීක්ෂණයක් කරන්න සැබවින්ම ඒ දරුවාගේ තාත්ත මේ මනුස්සයද කියල?ඒ හොදටෝම ප්‍රමාණවත්. (ස)
තවමත් කියනවද කොණ්ඩයව එල්ලලා මරන්න ඕනෑ කියලා? (නි)
කවුරුවත් හිතන්නේ නැද්ද ජාන පරීක්ෂණය කරන්න ඕනේ පොලිසියට කියලා. තාමත් හරියට අපේ පොලිසිය මොන වගේ එකක්ද කියලා අදුනගන්න බෑනේ.(හේ)
අයියෝ අහිංසක කොණ්ඩයා! (නි)
කොන්ඩයා නොහොත් දුනේෂ්ගේ පාපොච්චාරණය හැටියට ජින්ටෙක් වාර්තාව වැරදි ජින්ටෙක් ආයතනය ගැන වෙනම වාර්තාවක් ඕනේ , මොකද කොන්ඩයා කියනවා එය මිනීමැරුම කළ හැටිත් (බ)
මට මුලදීම සැකහිතුනා. කොණ්ඩයා කියලා තිබුනේ දරුවා අරගෙන යනකොට මැරුවා කියලා. නමුත් මරණ පරීක්ෂණයේදී කියලා තිබුනේ වෙනස් දෙයක්. (නි)
කෝ අර ආයුධ පෙන්නන්න ගෙනියන්න දඟලපු මිනිස්සු? කොණ්ඩය වගේ අය ලක්ෂයක් එල්ලුවත් අපරාධ අඩුවෙන්නේ නැහැ. (නි)
අනේ මන්දා තිලක්......ඔයාට තේරෙන එක ඇයි මේ අනිත් කට්ටියට තේරෙන්නේ නැත්තේ......?එහෙමවත් කරලා මේ සබැ අපරාද කාරයා ඇල්ලුවේ නැත්නම් අපටත් නිවනක් නැහැ. (බ)
අපේ පොලිසියේ දක්ෂතාවය තමයි ඉතින් (නි)
ඩුබායිට ඕනේ මේක තාත්තම කළා කියල ඔප්පු වෙනවා දකින්න..ඒක නොවෙනවානම් ඒ දේශපාලන බලපෑමක් හින්ද කියන්න..නොදකින් විතරක් මේ වගේ තිරිසන්නු..බැලුවම කොන්ඩයල තව හොදයිනේ මුන්ට වඩා..සේයගේ තාත්ත කවුද කියල හොයන්න ඔබට අමාරුවක් තිබුනට මේ රටේ අනෙක් මිනිස්සුන්ට නැහැ (බ)
තවම් නඩුව ඉවර නැහැනේ. නඩුව කරගෙන යන්න තමයි මේ ජාන වාර්තාව තිබ්බේ.උසාවිය එහෙම හරියටම ඔප්පු වෙනතුරු හොයලා බලන්නේ නැතුව කාටවත් මරණ දඬුවම් නියම කරන්නේ නැහැ. අනික උදේ හවස බණ කියන බණ අහන රටක අය තමයි මේ අපරාධ කරන්නේ. (නි)
අනික පහුගිය ටිකේ වෙච්චි අපරාධ බැලුවම ,පෙනෙනවා මේ ඔක්කොම අපරාධ කරන්නේ එක ම කට්ටියක් කියල ,උන් අවුරුදු ගණනාවක් ඉඳන් දරුණු අපරාධ කරලා හරි හමන් නීතියක් /දඬුවමක් නැති නිසා එළියට ඇවිල්ල තමයි අායෙමත් මේ අපරාධ කරලා තියෙන්නේ (බ)
අපරාධකාරයෝ දහසක් පෝරකයට යනවට වඩා කොච්චර අසාධාරණයක් ද එක අහිංසකයෙක් එල්ලුවොත්. එල්ලුම් ගස එපා එපා (බ)
ලංකාවේ පොලිසිය කොච්චර දක්ෂද? කොණ්ඩය සහ අයියා දෙන්නම වෙන වෙනම සේයාව මැරුවා කියලා පිළි අරගෙන. (නි)
මෙම සිදුවීම සිදුවූ දා සිටම මට නම් සැක හිතුණා. මතකද පොලිස් සුනඛයා ආපසු ගෙදර පැත්තටම හැරුනා. අනික ගෙදර බල්ලා බිරුවෙත් නැතිලු. (නි)
මේක හොයන්න දැන් ස්කොට් යාර්ඩ් එකෙන් ගේන්න වෙනවා (හේ)
තලනකොට පාපොච්චාරණ කරනවා. (ර)
ඉසුරු කියන දෙය ගැන අයෙත් හිතන්න වෙනවා. අපරාද කරුවන් නිදැල්ලේ ඇති. වරද නොකරපු අය අවි පෙන්නන්න ගිහින් මැරුම් කන්න ඇති. ඒවත් නීතිය ක්‍රියාත්මක කරන අය සමග එකතුවෙලා සැලසුම් කරලා කරන්න ඇති. නැවතත් මේවා ගැන පරික්ෂණ කරනවා නම් හොදයි.(හේ)
අර බාහිර උපදී අපේක්ෂිකාවගේ මිනිමරුවාව ඇල්ලුවද ?එකත් ඔය වගේමයි .ගෙදර නිදන් හිටිය ළමයා .(හේ)
මෙතන කරන්න හදල තියෙන්නේ වලහාට තමා හාවෙක් කරන්න හදපු එක. ජාන තාක්ෂනය තියන නිසා ඒක කරන්න බැරි වුනා. (ර)
මෙතන අදහස් දාන අයගේ මානසික මට්ටම කොතරම් අඩුද? මරණීය දණ්ඩනය දෙන්නේ වැරදිකාරයා වුණාට පස්සේ. වැරදිකාරයා කරන්න පරීක්ෂණ ඔප්පු වෙන්න ඕනෑ.පරීක්ෂණ ඔප්පු නොවී කොණ්ඩයාව හරි කාවවත් මරන්න බැහැ. දැඩි දඩුවම් නැතුව රටක ශිෂ්ටාචාරය රකින්න බැහැ. සමාජයට දොස් කියලා අපරාධ අඩුකරන්න බැහැ. (නි)
නිකන් ඉන්න මිනිස්සුත් දැන් දැන් අපරාධකාරයෝ වෙනවා මේ වැඩ වලින්. (නි)
මේ නිසා තමයි දියුණු රටවල මරණ දඬුවම නැත්තේ. මරණ දඬුවම අප්‍රතිවර්තයි. ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන් මරණ දඬුවම නියම වුණ අය පසුව එයින් නිදහස් වුණ. කිසියම් පුද්ගලයෙක් වරදකරු වන්නේ තිබෙන සාක්ෂි අනුවයි. අපිට රෝම ලන්දේසි නීතියවත් තාම තේරුම් ගන්න බැරිවුණු බවක් තමයි පෙනෙන්නේ. (නි)
අයියෝ පවු! (නි)
ඔය කොණ්ඩ මල්ලිට වෙච්ච අසාධාරනේට දැන් මොනවා කරන්නද.මානව හිමිකම් නඩුවක් දැන්ම නම් මෙයත් දිනුම්. දෙකක විදියටනම් මේක හරිම දුප්පත්.වෙන වාර්තාවක දැක්ක විදියටනම් කොණ්ඩයා අල්ලාගෙන තිබුනේ අය්යා කිව්වා නිසා මල්ලි කෙරුව වෙන්න ඇති කියල. ගෙනිහිල්ල දෙක වදිනකොට නොකරපු වරදක් බාර ගන්න ඇති. ඩීඑන්ඒ ටෙස්ට් බොරු කරන්න බෑ. (බ)
එක්කෝ ජින්ටෙක් ආයතනය හරියට මේක කරලා නැහැ. නැතිනම් කොන්ඩයා පොලිසියෙන් ගහන ගුටිවලට බයේ බොරු කියලා. ඕන පැත්තකින් බැලුවම පොලිසියේ වරද විතරයි මට පෙන්නේ. (හේ)
කොණ්ඩයාට පොලිසියෙන් ගහල කියන්න ඇති වැරැද්ද පිළිගනින් කියල අර ළමයට කළා වගේ. ඌ මේ අපරාධය කළා නම් ඩීඑන්ඒ ගැලපෙන්න ඕනේ නේ. ජින්ටෙක් නිසා මේ මිනිස්සු බේරුනා. තව අහිංසක කි දෙනෙක් හිරේ ඇතිද? (බ)
නුතන කැකිල්ලේ ක්‍රමවේදය ද මේ ජාන තාක්ෂණය නොතිබෙන්න අපේ පොලීසිය මෙලහට ඔය නඩුව ඉවර කරලා (අ)
මේක වැරදි කරු කව්ද එතකොට. (ර)
සමීර කියන දේ හරි. අංගුලිමාල දමනය උනේ බුදු බණට. කිසිම කෙනෙක් උපතින් අපරාධකාරයෙකු නොවෙයි. මුහුදේ තියෙන අයිස් කන්දක පෙනෙන්නේ ඉතා කුඩා කොටසක් වගේ අපරාදකාරයෙකුගේ කතාවේ අපි දකින්නේ ඉතා කුඩා පැතිකඩක්. (ර)
අනේ මන්ද මේ තොරතුරු කියවන අහන අපට පිස්සුද කියලා. කොන්ඩයා මේ අපරාධය කල බව පිළිගත්තා නේද! එතකොට ජාන පරීක්ෂණයෙන් කොන්ඩයා මේ අපරාධයට සම්බන්ධ නැහැ කියල කියවෙනවා. ඔහොම ගිහින් කොන්ඩයා ගේ අයියාත් මෙයට සම්බන්ධ නැහැ කියලා ජාන පරීක්ෂණයෙන් ඔප්පු උනොත් පුදුම වියයුතු නොවේ. (ර)
මම නම් හිතන්නේ මේ අවුල කාටවත් ලිහන්න බෑ. (ර)