මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවත්, ඒ ගැන තීන්දුවක් ගත යුත්තේ ජනාධිපතිවරයා බවත් කැබිනට් ප්රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ සිටම තමන් එයට විරුද්ධ වූ බව කී අමාත්‍යවරයා ඔහුට සේවා දිගුවක්දීම පිළිබඳව යහපාලන රජය යහපාලන තීන්දුවක් ගනු ඇතැයි කීවේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කී ඇමැතිවරයා ආණ්ඩු බලයට පත්වන්නේ යම් යම් පරමාර්ථ ඉටුකිරීමට බවත් එම පරමාර්ථ ඉටුවන්නේ නැතිනම් එවැනි ආණ්ඩු වැටුණාට ප‍්‍රශ්නයක් නැති බවත් කීවේය.
තමන් තවමත් සිටින්නේ ජනවාරි 8 වැනිදා සිටි මතයේම බවත් ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළොත් ජනතාව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගැන කළකිරෙන බව ද ආණ්ඩු වැරදි කරන විට ජනතාව සන්නද්ධ අරගල සඳහා යොමුවන බව ද සේනාරත්න මහතා පැවසීය.
මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන්නේ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ පරීක්‍ෂණ කිරීම සඳහා ඊට වඩා ශක්තිමත් ආයතනයක් පිහිටුවීමෙන් පසු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ගැන අපිට තියෙන්නේ ලොකු කළකිරීමක් (නි)
හිතට එකඟවද කතා කරන්නේ? එහෙනම් ඇයි කලින් වතාවල නොගිහින් මඟහැරියේ? (නි)
මීටවඩා ශක්තිමත් ආයතනයක් අවශ්‍ය නැහැ, ඒ මිනිසුන්ට රාජකාරිය කරන්න බාධා නොකර හිටියා නම් හොඳටම ඇති (නි)
හයිබ්‍රිඩ් ආණ්ඩු වලටත් අදාළද? (නි)
දැන් හමුදා ප්‍රකාශකත් දේශපාලකයෙක් වෙලා එකට ඉදගෙන වෙනද දේශපාලන ප්‍රකාශකරන තැනට මෙයාල ආවෙ නෑ (බ)
ඔබත් එසේ නම් මූල්‍ය අපරාද වෙනුවන් ගිහින් සාක්කි දෙන්න දොළොස් වතාවක් කතා කලත් ගියේ නැනේ , වැල් බයිලා (අ)