කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් අත්තනායකගේත් ජාන නොසැසඳෙන බව බොරැල්ලේ ජීන් ටෙක් ජාන පර්යේෂක මධ්‍යස්ථානය සිය වාර්තාවෙන් දන්වා ඇතැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (1) ප්‍රකාශ කළේය.
එසේනම් එම දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් මීගමුව බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.
රහස් පොලිසිය අද මෝසමක් මගින් නඩුව කැඳවීය. පෙරදිනයේ උසාවියට ලැබුණු ඩීඑන්ඒ වාර්තාව අනුව සිසුවා හා අත්තනායක නම් සැකකරු සම්බන්ධ තීරණය ප්‍රකාශ කරන්නැයි අධිකරණයෙන් අයැද සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පාසල් සිසුවාගෙන් හා අත්තනායකගෙන් ගත් සාම්පල හා මියගිය සේයාගෙන් ලබාගත් සාම්පල නොසැසඳෙන බවයි.
එසේ නම් ඒ දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව ඔවුන් අද (1) අධිකරණයට කැඳවන ලෙස මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා මීගමුව බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා බන්ධනාගාර රියක් මීගමුවටද යැවිණි. එතෙක් නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවා ලෝක ළමා දිනය වන අද දවසේවත් නිදහස් කරන්න තිබුනා නම් කොච්චර හොඳද? (නි)
වෙනත් රටක නම් මෙහි වගකීම අරගෙන අදාළ නිලධාරීන් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
මේ දරුවා නිදහස් කරලා විතරක් මදි. එහෙම වුණොත් මේ දෙයම තවත් ළමයෙකුට වෙන්න පුළුවන්. මේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරන්න. මුළු ලෝකයටම මේ දරුවා නිර්දෝෂී බව පවසන්න. පහතට වැටුණු දරුවාගේ මානසික මට්ටම නඟා සිටුවන්න. මෙය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඉතිරි ටික ස්වභාව ධර්මයෙන් ලැබෙයි. (නි)
වගකිව යුතු අය මිට වඩා බුද්ධිමත් වියයුතුයි. මන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවා නීතියේ රැහැනට අසුවී ඇති බැවින් මේ නිර්දෝෂී පුද්ගලයන්ව දැන්වත් නිදොෂ් කොට නිදහස් කළ මැනවි. (අ)
කොණ්ඩයත් තවම සැකකරුවෙක් පමණයිනේ. ඔහුගේත් ජාන නොගැළපෙයිද දන්නේ නැහැ. දැන්නම් එහෙමත් හිතෙනවා (නි)
ඩි එන් ඒ පරික්ශණයෙන් ඔවුන් දෙදෙනා නිදොශ් බව පැවසෙනවා ඔවුන් නිදහස් කළ යුතුයි. එසේ නිදහස්ව පැමිනෙන ඔවුන් දෙස සමාජයද බැලිය යුත්තේ යහපත් ලෙසයි මන්ද සේයා දුව මියගිය මොහොතේ මුලු රටේම අවදානය පැවතියේ කෙසේ හෝ ඊට සම්බන්ධ වුවන් අත්අඩංගුවට ගැනීමය. එසේ ඌ හෙයින් අප පොලිසිය දෙසද වැරදි කෝනයකින් බැලීම උචිත නොවන බවයි මගේ නම් හැගීම. (ර)
මෙතැන් තියෙන වරද මේ ළමය සහ අනෙක් සැක කරු අත්අඩංගුවට ගැනීම නෙමෙයි. අත්අඩංගුවට අරන් කරලා තියෙන දේවලුයි වැරදි. මෙම සැක කරුවන් දෙදෙනා වැරදි කරුවන් කරන්න, පොලිසිය කලා කියලා මාධ්‍ය මගින් කියපුදේ ඇත්ත නම්. (ර)
ශ්‍රී ලංකා පොලිසිය වගකීමක් නැතිව කරන්නේ නැතිව වගකීමක් ඇතිව කරන්න ගන්න ඕන (අ)
මට නම් හිතෙන්නේ කොන්ඩයා ගේත් ජාන ගැලපෙන එකක් නැහැ. අපරාද කාරයා තාම නිදැල්ලේ (ම)
මේ පාසල් ශිෂ්‍යයා සමාජයට සහ අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද? ඔහුගේ බිඳ දැමු ආත්මාභිමානය යළි ගොඩනැඟීමේ වගකීම බාරගන්නේ කවුද? අදාළ බලධාරීන් නිසි අවධානය යොමු කරන්න (නි)