ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කළ බව පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති වී. උපාලි අමරතුංග මහතා පවසයි.
මෙම තරගාවලිය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය තිබුණි.
තරගාවලිය මෙම පාසල් වාරය අවසන් වීමට පැවැත්වීමට කටයුතු කරන බව පාසල් මලල ක‍්‍රීඩා සංගමය පවසයි.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd