(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

"ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු " යන මැයින් ජන අරගල සංවිධානය අද (10) දා මහරගම නගරයේදී  විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

රජය ගෙන ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දිවයින පුරා ප්‍රධාන නගරවල සංවිධානය කරන මෙම විරෝධතා මාලාවේ පළමු විරෝධතාවය ලෙස මහරගම නගරයේදී මෙය පැවැත්වුණි.

එහිදී ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්ති අපිට එපා,කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිපත්තිත් අපිට එපා,පාසල් 300 වහන්න ද බලය දුන්නෙ, පාසල්වල වියදම මාපියන්ට පැටවීම නවතනු, අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදය පුළුල් කරනු ඇතුළු විරෝධ්තා  පාඨ සදහන් පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින්  උද්ඝෝෂණයේ නිරත වීය.

මෙම අවස්ථාවට ජන අරගල සංවිධානයේ විධායක සභික ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.