ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අද (13) දීර්ඝ ලිපියක් යැවීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් රටේත් සුබ සිද්ධිය වෙනුවෙන් ලබන ඡන්ද දිනය තෙක් ජාතිවාදය නොඅවුළුවන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, පක්ෂයේ අනුශාසක හා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පිටු 5ක ලිපියක් යවමින් ඉල්ලයි.
හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන ලෙසද පක්ෂයේ බෙදීම් වර්ධනය වීමට ඉඩ නොතබන ලෙසද ක්‍රියා කරන ලෙස ජනපති ඔහුගෙන් ඉල්ලා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ සැලසෙන්නේ එමගින් බවද ජනපති පවසයි.
‘අප දෙදෙනා අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය බිඳ දැමීමට බැසිල් රාජපක්ෂ මහතාගේ (මහින්දගේ සොයුරු) නොමනා ක්‍රියා සහ හැසිරීම්ද හේතුවූ බව ඔබද හොඳින් දන්නා කරුණකි.‘ යනුවෙන්ද ජනපති එහි කියා ඇත.
ඔබට ගෞරවාන්විත දේශපාලන පැවැත්මක් ලබාදෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මම යෝජනා කළෙමි. ඔබ පවුලේ බොහෝ සාමාජිකයන් ඊට එකඟවූ බවත් මම දනිමි. එහෙත් ඒ සියල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කිසිදු ආදරයක් හෝ හැඟීමක් නොමැති එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමග සම්බන්ධකම් ගොඩනගාගෙන ඇති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල හිරකරුවකු බවට පත්වූ හෙයින් යනුවෙන්ද ජනපති කියයි.
දේශපාලන විචාරකයන් පවසනුයේ ජනපතිගේ එම සඳහන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර වැනි අය ගැන කළ සඳහනක් බවයි.
සදාකාලික ජනපති ධූරයේ රැඳී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැපවූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරාගත් ආකාරය අවිචාරවත් යැයිද එහි සඳහන්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා පැහැදිලිවම ඔබ තුමා රනිල්ගේ හිරකරුවෙක් බවට පත් වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සබාපතිතුමා වෙලත් ඔබ තුමාගේ පක්ෂය දිනවන්න කිසිම උත්සහයක් නොගන්නේ රනිල්ට තියෙන ලෙන්ගතුකමටද ,කීකරු කමටද .(අ)
හදවතින් මෙන්ම බුද්ධියෙන්ද සිතා පෑන් තුඩින් ලියැවුණු බුද්ධිමත් වදන් පෙළක්. අපි සැමදා ඔබ සමඟයි (නි)
සාධාරණත්වය අපේක්‍ෂා කරන විශාල පිරිසක් මේ රටේ සිටිනවා. ඔබට සැමදා ජය ජනපතිතුමනි (ම)
මේක හොඳ අදහස් ප්‍රකාශ කිරීමක්. සැබෑ සත්‍ය මෙය බව පාක්ෂිකයෝ හදවතින්ම දන්නවා. (නදී)
ඔබ තුල පවත්නා ග්‍රාම්‍ය එකමුතුකම , ලැදි බව, නිහතමානිකම, අව්‍යාජත්වය, නොසැලෙන ගුණය, පරිනත බව, හසල බුද්ධිය, පළපුරුද්ද , කැප කිරීම් අන් සියලු දේශපාලකයන්ට ආදර්ශයක්. රටේ පැවැත්මේ ඉදිරිය ගැන අපට තිබූ බිය ඔබ හේතුවෙන් අඩු විය. ඔබ සිටින තුරු අවැඩක් නොවන බව සිතන්නෙමු. ඔබට දිර්ගායුෂ ජනපතිතුමනි. (අ)
ජනාධිපතිතුමනි,අපි ඔබ සමඟයි (නි)
ජය ශ්‍රී ජනාධිපති තුමනි. (අ)
පාවා දෙන අය සමග සමග එකතු වී කුමන්ත්‍රණ කරන්නේ. කවුද කියල රටේ ජනතාව දන්නවා. (අ)
මේ ලිපිය පුදුමයක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ වෛරය ක්‍රෝධය තිබෙන්නේ කා ළඟද යන්නයි (නි)
දැන් ඒ කියන්නේ දිනුවත් අගමැතිකම නැද්ද? (නි)
ජනපතිතුමනි, අපි ඔබ සමඟයි (නි)
අපිට ඕනෑ රටට වගේ ජනතාවටත් ආදරය කරන නායකයෙක් (නි)
ගරු ජනාධිපති තුමනි, ඔබේ හොඳ වැඩියි. ඔබ රටේ පළමු පුරවැසියා හැටියට ආයාචනයක් නොකළ යුතුයි. ඒකට වටිනාකමක් තිබිය යුතුයි. අනික ජ්‍යෙෂ්ඨතම නායකත්වයට සුදුසුම කියල කොහොමද කියන්නේ. දියුණු රටවල නායකයෝ ජ්‍යෙෂ්ඨයෝම නොවේ. නායකයා නිර්භීත නිවැරදි තීරණ ගන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. බටහිර ලෝකයේ (විශ්ෂයෙන් ඔස්ට්‍රේලියාවේ) ෙගාඩක් අකමැති නමුත් ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රිකට් නායක අර්ජුන. එදා ඕස්ට්‍රේලියාවේදී නිර්භීතව නිවැරදි තීරණය නොගත්තා නම් අද මුරලිත් නෑ අපට ක්‍රිකටුත් නෑ. මම දේශපාලනය ක්‍රිකට් වලට සසන්දනවා නොවෙය් ඒත් හැම දෙයකම සාර්ථකත්වය දක්ෂ නායකත්වයය්. මැතිතුමනි කව්රු දිනුවත් ඔබගේ නායකත්වයෙන් රට දිනවන්න. (බ)
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ වාසනාවට පහාළ වු විශිෂ්ට වු රාජ්‍ය නායකයෙක්. (නි)
මේවා මේ වෙලාවේම යවන්නේ ඇයි? පල නොකියා පලා බදෙනවා නේද... මහින්දගේ දේශපාලනේම තමයි මෛත්‍රී මහත්තයෝ ඔයත් ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ කරන්නේ.(අ)
මෙතුමා කරන්නේ ලිපියක් යවන එක. ඉස්සර කොහොමද? තමන් අකමැති දෙයක් කරනවා නම් සුදු වෑන් එකකින් ලිපියක් යැව්වා. (නදී)
ජනතා මතයට ගරුකිරීම එකම විසඳුම වන අතර සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ජනපති මැදිහත්වීම සුදුසුද? (නි)
ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සර්වසාධාරණ,බුද්ධිමත්,දේශපාලනයේ පරිණතභාවය ඔප්පුකළ නායකයෙක්.රටේ වාසනාවට පහළවු විශීෂ්ට වු රාජ්‍ය නායකයෙක්.සියළුම ජාතීන්ට සාමූහිකව,සමගියෙන් නිදහසේ ජීවත්වියහැකි පරිසරයක් නිර්මාණය කරන බව සහතිකයි. රට එක්සේසත් කරන්න ඔබතුමාට සියළු දෙනාගේ සහයෝගය ලැබේවා..!තෙරුවන් සරණයි! (නි)
මෙතුමා කරන්නේ ලිපියක් යවන එක. ඉස්සර කොහොමද? තමන් අකමැති දෙයක් කරනවා නම් ලිපි යැව්වද? (නි)
අපි කලබල වෙන්න දෙයක් නැහැ. අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
රටේ ජනතාව මෝඩ නැහැ. අපි බලමුකෝ (නි)
එතෙක් මෙතෙක් මා කියැවූ අගනාම දේශපාලන ලිපියකි. මේක කියවලාවත් ශ්‍රීලනිප පාක්ෂිකයාට තේරුනොත් ඇති කොහොමද පක්ෂය රැකගන්නේ කියලා (නි)
ඔබතුමා නිදහස් පක්ෂයේ සභාපති. එහෙම එකේ මෙහෙම දේවල් නම් මම අනුමත කරන්නේ නැහැ. (නි)
බොහොම හොඳ ලිපියක් (නි)
මට නම් පැහැදිලි අදහසක් තිබෙනවා සන්ධානය දිනන බවට. (නි)
සියලු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සත්‍යය දන්නවා. (නි)
අපේ ජනාධිපතිතුමන්ගේ පරිණතබව, යහපත්බව හොඳින්ම පෙනෙනවා. ජනතාව ඔබ සමඟයි. ඔබට දෙවි පිහිටයි..!! (නි)
ජනතාව දන්නවා මේ රට සතුරන්ගෙන් බේරාගත්තේ කවුද කියලා. (නි)
වෛරය කොපමණද කියල මේ ලිපියෙන් හොදට තේරෙනවා, මිනිස්සු සන්දානයට ඡන්දෙ දෙන්නේ මහින්ද අගමැති කරන බලාපොරොත්තුවෙන් (නදී)