‘ජාතිවාදය අදින්න එපා. වරදක් කරපු අයට සමාව දෙන පනතක් ගේන්න කියා සමහරුන් කියනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කියලා නෑ අපරාධයක් වුණා කියලා. එහෙම වුණාද කියා සෙයා බලන්න කියලයි කියා තිබෙන්නේ. ඉන්දු ලංකා ගිවිසුම ගෙනාවම ජේ ආර් රට විකුණුවා කියා කෑ ගැහුවෙත් මේ අයම තමයි. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හංවඩු ගහපු විදියට අප හංවඩු ගහන්න එපා. ‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 109 වැනි ජන්ම දින සැමැරුම් උත්සවයේ දී වික්‍රමසිංහ මහතා එසේ කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හරි (නි)
ප්‍රියාන්, රන්සි, ඔබ දෙපළගේ අදහස් විශිෂ්ටයි. මේ රටේ සිදුවූ සෑම මහා පාවාදීමේ ගිවිසුම් ගැහුවේ කවුද කියලා දන්නා උදවිය ඒ ගැන දැන දැන නොදන්නෝ වගේ ඉන්නවා. (නි)
අගමැතිතුමා යම් තීරණයක් ගන්නේ හොඳින් හිතලා බලලා කියලා අපි දන්නවා (නි)
ඔබ තුමාලා සුළු ජාතීන් මහා ජාතියට විරුද්ධ කරලා ඡන්දෙ දිනුවා. දැන් මිනිස්සුන්ට වැඩේ තේරෙන නිසා බය වෙලා. (බ)
අගමැතිට ඔය වාර්තා කියවන්න වෙලාවක් නෑ.. (බ)
අපි කවදාවත් හිතුවේ නැහැ ජාත්‍යන්තරයට අපිව බේරුව සොල්දාදුවන්ව සහ නායකයන්ව පාවා දේවි කියලා. දැන් එ්කට විරුද්ධව කතා කිරීමත් වරදක් කරන්න හදනවා. (බ)
අනිවාර්යෙන්ම විභූති එතුමා හොඳට හිතලා බලලා රටට වරදින එකක් ගන්නවා (බ)
හිතල බලල තීරණ ගන්නවා කියන්නේ කව්ද..එහෙම කියන අය එයාලගේ අතීතය ගැන දන්නේ නැතුව ඇති..රටට අහිතකර සියලුම ගිවිසුම් ගහල තියෙන්නේ එජාප ආණ්ඩු වලින්..හෙට අනිද්දා සීපා..(බ)
හොදට හිතල බලලා වෙන්නැති එ් කාලේ රට කොටියට ලිව්වේ, රටටම හොරෙන්..... හමුදා බුද්ධි අංශය නැත්තටම නැති කළේ (බ)
වරදක් කරපු අයට දඬුවම් දිය යුතුයි කියල තමයි අපි අහල තියෙන්නේ. (බ)
මහත්තයෝ, අපි ඊළඟට ජාතිවාදය අදින්නේ ඔය කට්ටියට මේ රටට එන්න පාරක් හදන්න ගත්තොත් තමා. (බ)
ජාතිවාදය අවලංගු නමුත් ශ්‍රී ලංකා ජාතික වාදය නැවත වලංගු කරගත යුතුය (බ)
යුධ හමුදාවේ ඉතා සුලු පිරිසක් අතිනුත් යුද අපරාද වෙලා නැත්තේ නෑ... මේ අයටත් දඩුවම් දිය යුතුයි (ම)
අගමැතිතුමාගේ බුද්ධියේ සහ අවංක භාවයේ අනුව හිටපු ජනාධිපතිතුමාගෙයි වෙනස දැන් ජනතාවට තේරෙනවා ඇති ! (ම)
බොහොම හරි අගමැතිතුමනි (නි)
දැන් ඉතින් ජාති වාදයට නොවරදින විසඳුමක් දුන්න ප්‍රධාන නළුව වේදිකාව භාරදීල බැහැල ගියා නේ. ඒක නිසා දැන් තියෙන්නේ නැගිටින යුගයක් නිසා මුග්ධයො පිනුම් ගස ගස වේදීකාවේ නැගිටින්න උත්සාහ කරනව වගේ පේනවා. දැන් ප්‍රභාකරන් කිව්ව වගේ අමතක වෙන සිංහලයොන්ට මොනා කරන්න බැරිද? හෙට අනිද්ද ඒ9 එකෙන්ම ඇවිත් කොටි වෙනුවට නරි ගහන්නේ අලුත් පාලම දිගේ ඇවිත් ඉන්දියන් නරි. එතකන් බලන් ඉමු. (බ)
හොද අවස්ථාවක්. ඔබ තුමා කියන දේ හරි.(හේ)
මොන පුද්ගලයා වුනත් වැරදි කළානම් දඩුවම් විදින්න ඕන. හැමෝම රටේ නීතියට අනුව වැඩ කරන්න ඕන. (බ)
මේ බෞද්ධ රටේ බෞද්ධයා ගැන කතා කරන්න තහනම්ද (බ)
අගමැති තුමා පළමුව වාර්තාව හොඳින් කියවන්න. වාර්තාවේ අපේ රණවිරුඅන්ට බොරු චෝදනා නගල තියෙනවා දැක්කේ නැද්ද? ජාති වාදය අවුස්සන එපා කියල දෙමල සන්ධානයේ ජාති වාදීන්ට කියන්න. කරුණාකරලා සිංහලය රවට්ටන්න හදන්න එපා (බ)
මම හිතාගෙන හිටියේ කැප්පෙටිපොල ලා මොලේ තියෙන අය කියලා.(ම)