(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර විශ්විවද්‍යාලවල ශාඛා මෙරට තුළ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (6) පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත වන අයුරින් මෙම කමිටුව පත්කර කෙටිකාලීනව පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන ලෙස ජනපතිවරයා උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
තිබ්ණු සයිටම් එක වහගන්න දැඟලුවා සේරම කට්ටිය. එවැනි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර මට්ටමකට ගෙනාවනම් රටේ ළමයි පිටරට යන්නෙත් නෑ. පිට රට ළමයි රටට ඇවිත් වෙනම රටට ආදායමක් ඉපැයෙනවා. කුහක මිනිසුන් එකතු වෙලා පටු සංකල්ප සඳහා ඒවා විනාශ කරගත්තා.දැන් පිටරට ඒවා මෙහෙටගේනවා. ඒක හොඳයි . නමුත් රටේ මුදල් පිටරට යන එක ප්‍රශ්නයක් . නමුත් කරන්න දෙයක් නෑ
උඹයි මමයි දන්න විශ්වවිද්‍යල
මගේ අම්මෝ..!! මගේ නෝනානම් කැමති නැහැ අපේ ලමයිව ඔය රටේ විශ්ව විද්‍යාලවලට එවන්න...! එයා දැක්කා මෙහෙ ටීවීවල පෙන්නවපු ලමයිව පෙළපාලිවලට බලෙන්ම යවන හැටි... අනික ඔය රටේ විශ්ව විද්‍යාලවල 'නවක-වදය' දුන්නු ඒවා දුටු අපේ දරුවෝ කීවා අපෝ... අපිට නිකම් අධ්‍යාපනය ඒ රටේ විශ්ව විද්‍යාලවල දෙන්නම් කිව්වත් අපි යන්නේ නැහැ කියලා... මොකද ලෝකෙ 'නවක-වදය' දෙන විෂ්ව විජ්ජාල තියෙන එකම රට ඕකනේ..!
අනුබද්ධ විශ්ව විද්‍යාල ඇතිකරනවිටත් පිටරටට මුදල් යනවා. ඒ රටට වාරෂිකව ගෙවන්න තියනවා. එමෙන්ම එරට විශ්ව විද්‍යාලවලට වඩා අඩු තැනක පිළිගැනීමක් තමා එන්නේ. නවක වදය යනු අපරාධයකි. නවක වදය දෙන මානසික රෝගීන් වන් සිසුන් සොරුන් මෙන්ම අපරාධකාරයන්ය. මොවුන් කවුදැයි සමාජයට පෙන්වා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. කාටත් සමව සලකන නීතිය නැතිකමයි හැම ප්‍රශ්නෙටම මුල.