ජාත්‍යන්තර යුද අධිකරණයට විරෝධය පළ කරමින් ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර යුද ස්මාරකය අසලදී සිදුකැරිණි.
මහ සඟ රුවන සෙත් පිරිත් සඤ්ඣායනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මුලින්ම පෙත්සමට අත්සන් තැබීය.
බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, නිරෝෂන් ප්‍රේමරත්න, මහින්ද යාපා අබේවර්ධන, සී.බී.රත්නායක යන මහත්වරු ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - රේඛා තරංගනී





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ තියෙන යුද අධිකරණයකට විරුද්ධවද මෙයාලා මේ අත්සන් කරන්නේ? නිකන් දැනගන්නයි අහන්නේ. (හේ)
30 වසරක යුද්දයක් තිබුන බව සිහිකිරීම යහපති (අ)
දැන් මං අහන්නෙ, ලංකාවට එරෙහිව යුධ අධිකරණයක් පිහිටුවනව කියල කවුද කිව්වෙ? (ර)