දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
ලොව පුරා පවතින රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම පෙරදැරිව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කරන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප‍්‍රිකා, ඇමෙරිකා, යුරෝපීය, ආසියා සහ ආසියා පැසිෆික් කලාපයන් නියෝජනය කරමින් රටවල් කිහිපයක නියෝජිතයෝ සහභාගීවී සිටියහ.
සමුළුව ආරම්භ කරමින් බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසුයේ කළුතර, කොළඹ, ගම්පහ යන දිස්ත‍්‍රික් තුන එක්ව සෑදුණු බස්නාහිර පළාතේ අධික ජනගහණය හේතුවෙන් විවිධ කාලගුණ විපර්යාස වලට මුහුණ පාන හෙයින් මෙවැනි සමුළුවක් පැවැත්වීම රටේ තිරසාර සංවර්ධනයට ඉතා වැදගත්වන බවය.
එසේම මෙම සමුළුව හරහා මෙරට පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය , ජල සම්පත් කළමනාකරණය ,සනීපාරක්ෂක ක‍්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සම්න්ධයෙන් සංවාදාත්මක විග‍්‍රහයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම ෆොටෝ එකේ නියමට ගැලපෙන ජෝඩුවක් ඉන්නවා...හිතන්න චුට්ටක් කවුද කියලා...(බ)
බිම් මට්ටමේ වැඩසටහන් වැදගත් (අ)
පළාත් සභා විතරක් හොදටම ප්‍රමාණවත්. ප්‍රාදේශීය සභා අමතර වියදමක් (බ)