ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බවත් ඒ සඳහා වන කෙටුම්පතක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් ලබාගෙන මෙම කෙටුම්පත සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පියවර ගෙන ඇති බව ද එම ප‍්‍රකාශකවරයා කීවේය.
සමාගමක් ලෙස ලියාපදිංචි කර ඕනෑම අයෙකුට ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යා හැකි අතර ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් කිසිම නියාමනයක් දැනට සිදු නොකෙරෙන බව ද ඔහු කීය.
ඇතැම් පුද්ගලයින් ජාත්‍යන්තර පාසල් ලෙස ප‍්‍රමිතියෙන් තොර අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව මෙම කෙටුම්පත මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තවත් අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති අතර සියලූම දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීම අනිවාර්ය කිරීම, අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය නතර වීමට ඉඩ නොදීම ආදිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් රුපියල් ලක්ශ පහකට මාස්ටර් ඩිග්‍රියක් ගත්තු කිසිම දැනුමක් නැතිකෙනෙක් රජයට සම්බන්ධ ආයතනයක ලොකු පුටුවක ඉන්නව මාසයකට ලක්ෂ හය හමාරකට වඩා මුදලක් සමග වසරකට දෙවරක් බෝනස් වශයෙන් ලක්ෂ 10ක් 20ක් පමණ ගන්නව. තව සීමා රහිත ඉන්ධන සමග රියදුරු සහිත නවීන මොටර් රථයක්. ගිය රජයෙන් පත්වීම ලැබුනු අතර තවමත් යෙහෙන් වැජඹෙනවා (බ)
ලංකාවේ බොහෝ ප්‍රාදේශීය ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ට මනාව ඉංග්‍රීසි කතාකිරීමට නොහැකිය. මෙම පාසල් වල තත්වය මෙන්ම පෙනේ. (නි)
පිටිගල මිලානෝ, ඔබගේ නොදන්නාකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා. ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට ඉංග්‍රීසි දැනුම හා විෂය දැනුම තිබුණත් ගුරුවරයකුට අවශ්‍ය පුහුණුව නොමැතිවීම තමයි ගැටලුව. නගරයෙන් පිට ජාත්‍යන්තර පාසල් වල තත්ත්වය මෙයට වඩා බොහෝ වෙනස් අවම සුදුසුකම් හා විෂය දැනුම නොමැති, සමහරවිට එම පාසලේම උසස්පෙළ දක්වා ඉගෙන ගත් සිසුන්ව ගුරුවෘතියේ යෙදවීම අවාසනාවන්ත තත්ත්වයක්. මේ පිලිබදව රජයේ විශේෂ අවධානයක් යොමුකිරීම ගැන අප රජයට කෘතඥ විය යුතුයි. තවද, සිංහල භාෂාව, ක්‍රීඩා, හා කළා හා සාහිත්‍ය රසවින්දනය සම්බන්දයෙන් දරුවන් පෙළඹවීමේ වැඩපිළිවෙලක් දීමටත් කටයුතු කල යුතු වෙනවා. (අ)
ප්‍රමිතිය වගේම මවු භාෂාව ලියන්න කියන්න පුරුදු කරන්න ඕනෑ. මගේ වයසේ 35 අඳුරන කට්ටිය ඉන්නවා සිංහල ලියන්න කියන්න බැරි. ඒ ඇරෙන්න ලංකාවේ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ, වැඩක් තියනවද මෙහෙම පුරවැසියෝ? (නි)
මුදල් දී ඉගෙනගන්න නිසා දරුවන්ගේ විනය ගැන එම පාසල් වල ගුරුවරු සෙවීමක් නැත. අත්දැකීම අඩු ගුරුවරු බහුලව සිටින නිසා නිසි දැනුම දරුවන්ට ලැබෙන්නේ නැත. එනිසා මෙය හොඳය (නි)