ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වසරේ (2013) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2010 වසරේ අගෝස්තු මස 28 වැනිදා පැවැති එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) පසු වසර තුනකට ආසන්න කාලයකදී දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරගයක් පවත්වා නැත.
මෙම නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ලබන ජූලි මස සංචාරය කරන ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර පළමු සිවුදින තරගය ද දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
..කෝ මේ සේනාව... වහාම මේක නවත්වන්න,(අ)
ඒක ඉතාමත් හොද තීරණයක්. තරගාවලියක තියෙන තරග ලංකාව වටේම තියෙන පිට්ටනි වල තියන්න ඕනෑ. අස්ගිරිය ගැනත් හිතලා බලන්න. (නි)
සතුටුයි. නැවත ලැබුණු දේ රැක ගනිමු (නි)
බොහොම සන්තෝසයි. තියන දේවල් රැක ගන්න ගමන් අලුත් දේවල් ඇති කළ යුතුයි.(අ)