(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) ප්‍රකාශ කළාය.
ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවැසුවාය.
පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බව ද ඇය කීවාය.
තෙවැනි වරට පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) එක්ව මෙම දෙදින සමුළුව සංවිධානය කර තිබිණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය මෙසේ ද කීවාය.
“සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා උප්පැන්න සහතිකයේ හයවැනි තීරුව වන “මව්පියන් විවාහක ද” යන තීරුව ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට අදාළ තීරුව ඉවත් කිරීම සඳහා පියවර ගත්තා.
ඒ අනුව ජාත්‍යන්තර ආකෘතයට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ආකෘතියට ඉදිරිපත් කරන උප්පැන්න සහතිකයේ “මව්පියන් විවාහක ද” යන තීරුව ඇතුළත් වෙන්නේ නැහැ.දරුවන් සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් ජාත්‍යන්තර ආකෘතිය යටතේ හයවැනි වගන්තිය නොමැතිව උප්පැන්න සහතික නිකුත් කරනවා. ඒ අනුව 2019 ජනවාරි 01 වැනිදා සිට සිදු වූ සෑම උපතකටම මාර්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ නව උප්පැන්න සහතික නිකුත් කෙරෙනවා. ස්ත්‍රී දූෂණවල වින්දිතයන් බවට පත්වන්නන්ගේ දරුවන් සම්බන්ධයෙන් මතුවන ගැටලු, සමාජ ප්‍රශ්න විසඳා ගැනීමටත් සහ එම වින්දිතයන් මුහුණ දෙන දුෂ්කරතා, නින්දා සහ අපහාස අවම කරගැනීමත් මෙමඟින් අවස්ථාව උදා වෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.


( ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දික්කසාද නීතිය ලිහිල් කිරීමත් දරුවන්ගේ උප්පැන්න සහතික වල පියාගේ රැකියාව කියන කොටස ඉවත් කිරීමටත් කාලය ඇවිත්. ඒ වගේම ආයතනවල ඇති පුද්ගලික ලිපි ගොනුවලට කාලත්රයන්ගේ විස්තර විමසීමත් නොකළ යුතුයි. වැන්දඹු හෝ දික්කසාද කියන තත්වයන් සහ දරුවන් නැති අයට දරුවන් ගැන විමසීමත් මානසික පීඩාවක්.
කරුණාකර පුද්ගලයකු දැනට විවාහකද? නැතිද? යන්න දැනගැනීමට පහසුකම් සැලසීමෙන් වංචනික විවාහ නැවතිය හැක.
දරුවට මවගේ පෙළපත් නාමය ලබාදීමට නීති පුළුල් කළොත් මෙයා ඕනේනම් පියාගේ ගැටළුවක් නොවේ. නීතිවිරෝධී ගබ්සා යම් මට්ටමකට පාලනය කල හැකියි.
උප්පැන්නේ ජාත්‍යන්තරයට අරන් යන්නේ නැහැ. එහෙට අරන් යන්නේ ID එක. ඕන එකෙක්ට ගෙදර ඉඳන් හදන්න පුළුවන් ID එකක් තියාගෙන ජාත්‍යන්තරයට පෙන්නන්න අවශ්‍ය නැති උප්පැන්නයකින් වැඩක් නැහැ.
සමහර රටවල ස්ත්‍රී, පුරුෂ ලෙසින් වෙන්කරන එකත් නවත්තලා...
මෙය ඉතා හොඳ තීරණයක්... මොකද අපේ සමාජයේ මොන මගුලක් කිව්වත් තනි වූ කාන්තාවකට සහ අවජාතකවූ පියෙකුගෙන් ඉපදෙන දරුවෙකුට ඇති තරම් අවමන් කරන්න සැදී පැහැදී සිටින කුලවතුන්ගෙන් පිරිලනේ ඉන්නේ. එවන් මවකට හෝ දරුවෙකුට වචනයකින් සහනයක් දෙන්න හෝ නැගී සිටින්න අත දෙන්නේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද...?
එහෙම නම් මේකේ වාසිය අපේ අර දේශප්‍රේමී විමල්ටත් බිරිඳටත්... ඔවුන්ට තවත් උප්පැන්න සහතික සහ පාස්පෝටුත් ගතහැකි...
ඔය විදිහට ගියාම අන්තිමට දරුවගේ නමත් නැතිව උප්පැන්න සහතිකය කියලා විතරක් තියෙයිද දන්නේ නෑ...