67 වැනි නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් නිදහස් චතුරස්‍ර භූමියේ පිහිටි නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ පිළිරුවට මල්දම් පැළඳවීම සහ පුෂ්පෝපාහාර දැක්වීම අද පෙරවරුවේ සිදුකෙරිණි.
රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ඩී.ඇස්.සේනානායක මහතාගේ මුණුපුරන් වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරු ඊට එක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ, හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුද එම අවස්ථාවට සම්බන්ධ වූහ.
කොළඹ පුරපති ඒ.එම්.මුසම්මිල් මහතා සේනානායක පිළිරුවට මල් දම පැළඳවීය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුතු දෙයකි.නිදහස වෙනුවෙන් සටන් කළ අනෙකුත් නායකයනුත් මෙසේම සිහිපත් කළ යුතුය.(දිල්)