නව වසරට සුබ පැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත් කිරීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායයි ප්‍රාර්ථනය කරයි.
දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘ භූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප්‍රාර්ථනාව බවත් ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ය.
එළැඹුණු 2015 වසරට සුබ පැතුම් එක් කරමින් නිදහසේ හා යහපාලනයේ වසර වේවා යයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියයි.
අඳුරු යුගයක අවසානය සනිටුහන් කර නව යුගයක් ඇරඹෙන වසරක් උදාවනු ඇතැයිද සාධාරණ, නීති ගරුක, යුක්තිගරුක සමාජයක් නිර්මාණය වේවායැයිද පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රාර්ථනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමාට ජයග්‍රාහී නව වසරක් වේවා! (නි)
2015 වසරේ මෛත්‍රිය පතුරවන පාලනයක්... මෛත්‍රී, අපි ඔබ සමඟයි. (රත්නපුර ජනතාව) (නි)
අපිට අවශ්‍ය වන්නේ සාමයෙන්, සමගියෙන් සහ සෞභාග්‍යයෙන් පිරි රටක්. (ර)
නව වසරේ යහපත් පැතුමකින් වැඩ ඇරබීම සතුටට කරුණක්. කවදත් රට වෙනුවෙන් කැපවී සිටින ඔබේ නායකයා 2020 දක්වා ජනතාව සතුටුවන ලෙසින් රට පාලනය කරනු ඇත. ඔබටත් සුභ නව වසරක් වේවා.(හේ)
ඔබල දෙදෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා..!!! දෙදෙනාටම ජයග්‍රාහී වසරක් වේවා..!!(හේ)
සුබ නව වසරක් වේවා....ජය වේවා.. ජයෙන් ජයම වේවා අති ගරැ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි..ජාතියේ ජයග්‍රාහී වසරක්ම වේවා.. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ජය වේවා..(හේ)
ජයවේවා.(හේ)
නීතිගරුක යුක්තිගරුක යහපාලනයේ වසරක් වේවා! මෛත්‍රී මැතිතුමනි ඔබ ඇතුළු ශ්‍රී ලංකාවට සුබ නව වසරක් වේවා ! (බ)
නීති ගරුක යුක්ති ගරුක යහපාලනයේ වසරක් වේවා.!
රටෙහි නීතිය කැලෑ නීතිය නොවිය යුතුයි. බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුව සහ රටෙහි ජනතාව සමඟය. විනිශ්චය රඳා පැවතිය යුත්තේ රටේ නීතිය මතය. පොලිසියේ වෘත්තීමය ස්වභාවය නැවත ස්ථාපිත කළ යුතුයි. ඡන්දය සමබිමක සිදුවිය යුතුය. මහා පරිමාණ දූෂණයෙන් මේ ලක්දිවෙහි ලෙය නොසෙල්විය යුතුය. සෑම දෙයකටම ඉහළින් සියලූම ලංකා වැසියන්ට ශිෂ්ට සම්පන්න පාලනතන්ත්‍රයක් ලැබිය යුතුය.ඡන්දායකයනි, දැන් ඔබේ වාරයයි (නි)
ඔබ සැමට සුභ නව වසරක් වේවා.(හේ)
වෛරය රජකර රට අගාධයකට ගෙනයෑමට කටයුතු කිරීම කිසිදිනක නොකළයුතු වරදකි. (නි)
මෛත්‍රිපාල සිරිසේනට ජයවේවා.(නදී)
ඔබගේ පැතුම අපගේත් පැතුමයි (නදී)