පැවිදි හඬ හා සියලු දේශ හිතෛෂී සංවිධාන වල එකමුතුව සංවිධානය කළ පා ගමන සහ සත්‍යක්‍රියාව අද (08) පස්වරුවේ කොළඹ කොටුව දී පැවැත් විණි.
දුම්රියපොළ අසලින් ආරම්භ කළ පා ගමන කොටුව බෝධිය අසලට ගොස් එම ස්ථානයේදී සත්‍යග්‍රහය ආරම්භ කළේය.
ඒකීය රාජ්‍ය දෙකඩ කිරීම පරාජය කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට විරුද්ධ වීම, දේශීය කෘෂි ආර්ථිකය රැක ගැනීම,වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිවීම හා ජාතික සමගිය බිඳ හෙළීමේ කුමන්ත්‍රන වලට එරෙහිවීම මෙම සත්‍යග්‍රහයට හේතු විය.
‘මව් බිම අනතුරේ ! මහ සඟරුවන පෙරමුණේ’ යන්න මෙහි තේමාව විය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාලා තියන අදහස් දැක්කහම මොළේ තරම, රටකට යන කල හිතාගන්න පුළුවන්. (නි)
සිදුවියයුත්තේද මෙයයි (නි)
අපෙත් සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
සකල දේශවාශී අනාථයිනි, නැගිටිවු! (නි)
මෙවැනි දේවල් වලට සම්බන්ධවෙලා මේ ක්‍රියාවෙන් අනුමත කරන්නේ මොනවා දැනගෙනද?ඉතාමත්ම සුළු පිරිසක් බලයට කෑදරකමෙන් මේ අයට ආවඩන හැටි අප්‍රසන්නයි. (නි)
බස්වල චෙන් කඩපු අයත් අද සත්ත්‍ය ග්‍රහයට ඇවිත්. අනේ කාලේ වනේ වාසේ. (අ)
හා මෙගොල්ලොද අපිව අවදි කරන්න එන්නේ දැන්? කොහොමටත් අපි අවදියෙන් තවම. එහෙම නොහිටියානම් මෙලහටත් මොනවා වෙලාද දන්නේ නැහැ අපිට. (අ)
කාලය කා දැමීමක්.(හේ)
බලය තියෙන කාලේ කරන්න පුළුවන් දේවල් කරාද?(හේ)
වයසෙක තික්කක් සහ හොරු ගොඩක් එක්ක ගමනක් (අ)
අපි අන්‍යාගමිකයෝ වුණත් මහා සංඝරත්නය ගැන තාමත් අපි විශ්වාසය තබනවා (නි)
කෝ මේ අයත් එක්ක හිටපු අනිත් අය (හේ)
ජාතිවාදය බෙදුම්වාදය ඇතිවෙන්නේ මිනිසුන් බෙදා වෙන්කොට, අවුළුවා තම කුට්ටිය වැඩි කරගන්න කරන ජනතා නොමඟයැවීම් සහ ප්‍රෝඩාකාරී සංදර්ශන නිසයි. (නි)
මේ වගේ අය මේ දවස්වල හරියට යුරෝපයට එනවා (නි)
ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න පුළුවන් තව කොච්චර දේවල් තිබෙනවද? (නි)
ජාතික සමගිය බිඳ හෙළන්න එපා (නි)
ජයවේවා! (නි)
මෙතන පසුපස ඉන්න සමහරු දැක්කහම අපිට බොහෝ දේ හිතාගන්න පුලුවන් (නි)
බලාගෙන යනකොට අපේ විමලේ සහෝදරයත් මෙතැනට හොට දාලනේ. අනේ ඇත්තට එයා නැත්නම් ඒක වැඩක් නැහැ (නි)
ඇයි ඉතින් කුමාර් නොගියේ . කට්ටිය අදුනන්නෙ එකනේ.(අ)
අවුරුද්දක් ගිය.රට බෙදුවෙත් නැත.රට බෙදුනෙත් නැත.රට කෑලි වුණෙත් නැත.දැන් දැන් මොකද කරන්නේ?(අ)
හුඟ කාලෙකින් මේ කට්ටිය එකටම දැකගන්න ලැබුණා (නි)
ජාතිය අවදි කරන්න කලින් තමන්ගේ නිවැසියන්ට රටේ නීතියට ගරුකරලා ජීවත්වෙන්න පුරුදුකරන්න කියලා කියන්න වෙන අයත් මෙතන ඉන්නවා...! (නි)
සිංහලය නිදි සැම විටකම රට නැතිවිය. මේල්ස් අව්දියන් ඉන්න තුරු අපට ආරක්ෂාව ඇත. (අ)
හොඳ වැඩක් (නි)
මේ අයගේ පෙළපාලි නිසා රටේ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවෙනවා. හැමදාම පිටකොටුවේ පාරවල් අවහිරවෙනවා (නි)
අපේ රජවරුන්ට බනින්න එපා. මම මැරෙන්න වුණත් සුදානම් (නි)
ආ මේ අර කට්ටියනේ! (නි)
සුද්දාට උවමනා දේ ශ්‍රී ලංකාවට කරනතුරු නියම සිහලයෝ නිදාසිටියිද? (නි)
සමහරු නම් ඉතින් අද සඟරුවනට පින් සිද්ධවෙන්නයි පාරේ බැහැල යන්නේ (නි)
බොහොම හොඳයි (නි)
මොනවද මේ කරන්නේ? අපිට නම් තේරෙන්නේ නැහැ (නි)
විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න මගඩි, ඡන්දෙට එන්නේ නැතුව පක්ෂ මාරුකරන්නන්ට විරුද්ධව වගේ ඒවාට සැබෑ සියලු දේශහිතෛෂීන් පෙළපාලි නොගියේ ඇයි? (නි)
මේ කුලප්පුවෙලා ඉන්න ජාතිය අමුතුවෙන් මොනවා අවදි කරවන්නද? ලෝකෙම බදාගන්න දඟලන, අනුන් මුලා කරමින්, වංචාවෙන්, කුහකකමින්, තණ්හාවෙන් පිරුණු, ආත්මාර්ථකාමිත්වයෙන් මුසපත්වුණ මිනිස්සු ඉන්න රටක්නේ මේක. ඔය කවුරු ආවත්,රටේ ජනතාව හැමදාම අනතුරේම තමයි. (නි)
වැඩකරන කෙනෙකුට රට හදන්න දෙන්න.තවත් මිනිස්සු මුලා කරන්න එපා (නි)
අවදිවන්න ,අවදිවන්න , දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ. ජාතිය අවදිවීමට සුදුසු කාලය මෙයයි (නි)