නැමීබියාවේ ඔපුවෝ හි දී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් කතක් සුපිරි වෙළඳසලකට පැමිණ බඩු මිලදී ගන්නා ආකාරය දිස්වන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි පුරා ජනප්රියවී ඇත.
උඩුකය නිරුවත්ව ඇය විවිධ භාණ්ඩ ට්‍රොලියකට එකතු කරගනිමින් සිටින ආකාරය එම ඡායාරූපවල දිස්වේ. ඇය සබන් කුඩු, සීනි සහ කිරි මිලට ගන්නා ආකාරය එහි දැක්වේ.
හිම්බා ගෝත්‍රික කාන්තාවක් වන ඇය වයස අවුරුදු 20ක පමණ තරුණියක් බව කියති. ඇගේ සාප්පු සවාරිය ඡායාරූපය නගා ඇත්තේ ස්වීඩන ජාතික පරිසර වාර්තාකරණ ඡායාරූප ශිල්පියකු වන බිජන් පියර්සන්ය.
තමා භාණ්ඩ මිලට ගැනීමට වෙළඳසලට පිවිසි අවස්ථාවක ඇය දැකීමෙන් පුදුමයට පත්වූ බව ඔහු පවසයි.
උතුරු නැමීබියාව සහ යාබද ඇන්ගෝලාවේ කුමීන් ගඟ ආශ්‍රිතව හිම්බා ගෝත්‍රිකයෝ 50,000ක් පමණ ජීවත් වෙති. ඔට්ජි හිම්බා බස කථාකරන මොවුන් නැමීබියාවේ අවසන් එඬේර ගෝත්‍රිකයන් ලෙස සැලකේ. බැටළුවන් හා එළුවන් ඇති කිරීම ඔවුන්ගේ ජීවන මාර්ගයයි.
ඔවුන්ගේ හිස සහ සිරුර හිරු එළියෙන් රැක ගැනීම සඳහා මඩ තවරාගෙන සිටින අතර ඔවුහු ඇඳුම් එළු හමින් සාදාගෙන සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල ජීවිත වනසන නාගරීකරණය...
කලකදී අපේ ආදිවාසින් වගේ වෙන පාටයි පෙනෙන්නේ. (නි)
හැබැයි නියම පට්ට චොකලට් පාට. මැට් බ්‍රවුන් කලර් ලූක් එක කියල වැඩක් නැහැ. (බ)
රවි, කලාත්මකබව වෙන දෙයක්. මම කියන්න්නේ සමහරු බෙහෙත් නොකර ඔවැනිදේට ගිහින් මැරෙනවා. එ්ක දකින මොළයක් ඇති අයත් ඒ අයට අනුකම්පා කරයි කියන එකයි හිතන්නේ. (නි)
යාග දෙස විද්‍යාත්මක ඇසකින් බලන්න එපා කියන ගමන්ම ඒවා ඉතාම තර්කානුකූලයි, මනෝවිද්‍යාත්මකයි කියන එක නම් එතරම් ගැළපෙන්නෙ නැහැ වගේ නේද? තමන් කියන දේ ගැනවත් හරිහැටි අවබෝධයකින් ලිවිය යුතුයි. (නි)
දැක්කහමත් අප්‍රසන්නයි. අනේ මේත් මිනිසුන් නේද කියලා හිතෙනවා. (නි)
බෙන්තර මහේෂ්, ඔයා හිතනවද මෙහෙම ප්‍රචාරණය කළොත් මේවා සාමාන්‍ය මිනිස්සු ගන්නවා තියා අතවත් තියයි කියලා. (නි)
මේ ගෝත්‍රික වර්ගය ජීවත්වෙන්නේ ඉතාම කර්කෂක පරිසරයක. වතුර ඇත්තෙම ඇහැ. ඉර එළියෙන් බේරෙන්න සත්ව තෙල් සමඟ රතුපස් වර්ගයක් මිශ්‍රකර ගානවා. නාන්නේ කලාතුරකින්. පරිසරයට අනුවර්තනයවීමක්. කිරි සමඟ මස් ආහාරයට ගන්නවා. (නි)
රවි, වේදිකාවක යාගයක් කිරිම ගැන නෙමෙයි කියලා තියෙන්නේ, ලෙඩට බෙහෙත් නොකර යාග කිරීම වැනි දේ කියලයි. (නි)
එයාලටත් වෙනස අවශ්‍යයි වගේ ඒක හොඳ දෙයක් (බ)
නිරාවරණය වූ ගැහැණු උඩුකය මේ පද පේලි හා ගැලපෙන බව විවිධ වයස්වල රණතිසරුන් දුටු විට ඔබට වැටහෙනු ඇති ‘දෙහි දොඩම් රැක්කා අගනා තැඹිලි වික්කා පසුව වට්ටක්කා වැලක වැටකොළු තිබෙනු දැක්කා (බ)
මට නම් මේ ප්‍රවෘත්තිය විශ්වාස කළ නොහැක්කකි... ඇඳුම් නොහඳින හිම්බා නෝනට රෙදි සෝදන කුඩු කුමටද ? එළුවන්, හරකුන්, බැටළුවන් පාලනයෙන් ජිවත් වන ඔවුන්ට කිරිපිටි කුමටද ? (බ)
කෝනාර, යාග( රට යකුම,සන්නි යකුම,හූනියම ආදී නොයෙක් යාග) ඉතාම තර්කානුකූලයි. මනෝ විද්යාත්මකයි. ඉතාම කලාත්මකයි. ඒ දිහා විද්‍යාත්මක ඇහැකින් බලන්න එපා. කලාත්මක ඇහැකින් බලන්න. (බ)
මට නම් හිතෙන්නේම මේක වෙළෙඳ ප්‍රචාරණ උපක්‍රමයක් කියායි (නි)
රංගනයක්... (ර)
ඇය දිග මාලයක් දාල තිබුනනන් "කරේ පත්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ" වැනි මහගම සේකරයන් ලියු පදවැලක සැබැ අර්ථය දැක බලාගන්න තිබුන. (බ)
පිටිගල මිලානෝ, ඕක කියන්නත් දෙයක්ද? (නි)
එහෙම තමයි ඉතින් ලෝකය දියුණු වෙනකොට (නි)
බොහොම දුර්ලභ ඡායාරූපයක් (නි)
මෙයාගේ වයස කිව්වේ කොහොමද?
දරුවෙකුත් කරපින්නා ගත් මැයට මේ ගත්ත බඩු තනියම නම් උස්සගෙන යන්න බැහැ. අනිවාර්යයෙන්ම කාර් එකත් පාර්ක් එකේ ඇති. (බ)
අපේ ලංකාවේ මිනිස්සු මේ පුවත නම් මේවෙනකොට අටදහස් වතාවක් බලලා තියෙනවා. ලංකාවේ මිනිස්සු ගැන හිතාගන්න පුළුවන් මොන වගේද කියල. (අ)
1800 ගණන්වල අවසාන කාලය වෙනකම් ලංකාවේ ගැමි ස්ත්‍රීන් සිටියේත් මේ වගේ තමා. ළමාතැනීලාට විතරයි උඩුකය වැසෙන්න ඇඳුම් තිබුනේ. (නි)
මට නම් මේක මහ විකාරයක් (නි)
වෙළඳ ප්රචාරක සමාගමක වැඩක් වෙන්න බැරිද? (නි)
අපි මෙවැනි දෙයක් දැක්කම අනුකම්පා කරනවා වගේ තමයි අපෙත් සමහර වැඩ (ලෙඩට බෙහෙත් නොකර යාග කිරිම වැනි දේ) දැක්කම දියුණු රටවල අය අපිට අනුකම්පා කරන්නේ. (නි)
මේ ගෝත්‍රිකයන් වුණත් කවදා හරි දියුණුයි කියන සමාජය කරා ඒමට කැමති බව මේ පින්තුර වලින් පේනවා. "ලංකාදීප" යට ගොඩක් තුති. (බ)
දරුවාගේ බෙල්ල එල්ලිලා තියෙන විදියට බය හිතෙනවා (බ)
අපේ කොල්ලන්ට බලන්න මොනවහරි දෙයක් වෙළද ප්‍රචාරයකට දැම්මහම ඔහොම තමයි. එයා කිරිදෙන අම්ම කෙනෙක් කියල පිරිසිදු සිතින් බලන්න. (බ)
මේක බ්‍රෙසියර් නිෂ්පාදන හෝ සන්ලයිට් සමාගමක වෙළඳ දැන්වීමක් (අ)