සිංහල ඉංග්‍රිසි සහ දෙමළ හා ත්‍රි භාෂාවෙන්ම විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ඉදිරියේදී නිකුත් කිරිමට කටයුතු කරන බව නිතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතීපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුයේ සිංහලෙන් පමණක් ජාතික හැදුනුම්පත නිකුත් කිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කැර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම කැදවු අවස්ථාවේදීය.
මෙම පෙත්සම අග විනිසුරු මොහාන් පීරීස් ,චන්ද්‍රා ඒකනායක සහ රෝහීනී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සම් කරු වෙනුවෙන් නීතීඥ එම් එස් සුමන්තිරන් මහතා පෙනි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්, තවත් එව්වා ඔය විදියට හදුන්වා දෙන්න.(ස)
මේ විජේසිංහ කියන කෙනා නම් පහේ පන්තියටවත් ඉස්කෝලේ ගිහින් නැහැ වගේ (නි)
හැදුනුම් පත? (නදී)
ලෝකේ කොහෙවත් නැති ගොන් වැඩ තමා මේ මිනිස්සු කරන්නේ. (නදී)
ඉංග්‍රීසි නම් ගැටලුවක් නැහැ. දෙමල එපා.එහෙම කලොත් අපි වටලනවා (අ)
රාජ්‍ය භාෂාව පාවිච්චි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවිය යුතු දෙයක්. ඒකෙ තියෙන්නේ, සිංහලය රාජ්‍ය භාෂාව වන්නේය, දෙමළත් රාජ්‍ය භාෂාවක් වේ. ඉංග්‍රීසි සම්බන්ධතා භාෂාව වේ කියලනේ. (නි)
හොද වැඩක්. අන්තර්ජාලය හරහා මගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සිදුවුනු වෙලාවක පාස්පොර්ට් එකක් නොමැති නිසාත් හැදුනුම්පත සිංහලෙන් පමණක් තිබුණු නිසාත් ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වුණා.(නදී)
දෙමළ භාෂාවට ජය වේවා... දෙමළ සාහිත්‍ය ඉගෙනගත්තම කාට කාටත් තේරේවි, සිංහල සාහිත්‍ය නිර්මාණ ගොඩක් ඒවා පුරාන දෙමළ සාහිත්‍යයෙන් කොපි කරපු ඒවා කියලා. පණ්ඩුකාභය රජුගේ කතාවත් එහෙමයි. දැනුත් දෙමළ සහ හින්දි සිනමා නිර්මාණ කොපි කරලා සිංහල සිනමා නිර්මාණ හදනවා වගේ, අතීතයේ මිනිස්සුත් ජයටම ඔය ටික කරලා තියෙනවා.(අ)..
තව ටික දිනකින් හදුනුම්පතට සිංහල ඕනේ නැහැ කියල දෙමලඊ ඉංග්‍රිසි දෙකෙන් පමණක් නිකුත් කරවී (අ)