IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජාතික හොකී ශූරතාව ආරක්‍ෂක සේවා පිලට

ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 55 වැනි ජාතික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව පිට පිට 16 වැනි වරටත් දිනා ගැනීමට ආරක්‍ෂක සේවා සංගම් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (8) නිමා වු මෙම තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගිවුහ. ආරක්‍ෂක සේවා සංගම් පිල සහ මාතලේ දිස්ත‍්‍රික් හොකී සංගම් පිල අතර පැවැති අවසන් මහා තරගයෙන් ආරක්‍ෂක සේවා පිල ගෝල 2/0 ක පහසු ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ශානක නන්දලෝචන ලබාගත් ගෝලයත් සමග ආරක්‍ෂක සේවා පිල ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. එම්. එම්. මුලාෆර් දෙවැනි අර්ධයේදී ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තේය. ආරක්‍ෂක සේවා පිල  ශූරතාව 16 වරක් දිනා ගැනීමේදී කිහිප වරක් සම ශූරයන් ද වී තිබේ. මාතලේ පිල පසුගිය වසරේද අනුශූරතාව ලද කණ්ඩායමයි. අවසන් පුර්ව තරගවලදී ආරක්‍ෂක සේවා පිල විසින් කොළඹ දිස්ත‍්‍රික් පිල (ගෝල 4/0* ද, මාතලේ දිස්ත‍්‍රික් පිල විසින් කෑගල්ල දිස්ත‍්‍රික් පිල (ගෝල 2/0) ද පරාජය කරන ලදී. කොළඹ දිස්ත‍්‍රික් පිල ගෝල 3/2 කින් පරාජය කළ කෑගල්ල දිස්ත‍්‍රික් පිල තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික් හොකී පිලේ රජිත් කුලතුංග සම්මාන ලැබීය. අනුරුද්ධ හේරත් බණ්ඩාර සහ එම්. ජේ. එම්. නවුසාඞ් අවසන් මහා තරගයේ විනිසුරුවරු ලෙස කටයුතු කළහ.  ශූරතාව දිනාගත් ආරක්‍ෂක සේවා හොකී පිල



අදහස් (0)

ජාතික හොකී ශූරතාව ආරක්‍ෂක සේවා පිලට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 69 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 16 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1214 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 192 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 561 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 765 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site