රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණ.
ඒ සදහා බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති,ආචාර්ය මැදගොඩ අභයතිස්ස,මැදගම ධම්මානන්ද,බෙංගමුවේ නාලක,ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසාර යන හිමිවරුද ආචාර්ය ගුණදාස අමරසේකර,ඇමැති විමල් වීරවංශ,මහාචාර්ය උපාලි ජයසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.
විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාතිව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කථිකයෝ සභාව ඇමැතූහ.
විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි රට මෙහෙයවීමට ඉඩ නොදෙන බව ඔවුහු කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ඇති කරන බල්ලාගේ බලු කුඩුවත් වායුසමීකරණය කරගෙන කියල ෆොටෝ සහිතවම පෙන්වල දීල තිබුන .එකත් ගෙවන්නේ දෙෂප්‍රේමි අපි.(අ)
බන්දුලගේ නව සඳ දැනටම ඔය වටේට කුඩාරම් ගහගෙන ගසා කන උප ග්‍රහයෝ ටික ගිලලා. (අ)
විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි අපේ රටට ඉර හද පායන්නෙත්.විධායක ජනාධිපති ක්‍රමය නැති වුන දවසට අපේ රටට ඉර හද පායන්නෙත් නැහැ.කැමතිනම් පිලි ගන්නකො. (ස)
සිංහ හම පොරවාගත් නරියන් තනතුරු වෙනුවෙන් ඕනෑම කුණක් කන්නටත් නගුට වනමින් නිවට ලෙස කටු ලේවකන්නටත් තරම් නිවට නියාලු බව දනිමු. තමනට වැඩි වාසි ලබාගන්නට සිහිනයෙන් විධායක ජනාධිපති ක්‍රමය තරමකට පාලනය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට ලැබෙන අවස්ථාව පරාජය කරන්නට විරුද්ධව කටයුතුකරීම පිළිකුල් සහගතය. (නදී)
විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි රට මෙහෙයවීම වැලක් වීමට ජනතාව පෙළ ගැස්වීම වැදගත් පියවරකි. දොන් ජුවන් ධර්මපාල කෙනෙකු අපට අවශ්‍ය නැත. සුබ පැතුම්. (නදී)
අනේ ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ නිර්මල බුදු දහම ආරක්ෂා කරගන්න, එන්ජීඔ කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග පරදවන්න, විපක්ෂයේ අය පරදවන්න මේ පාර බැරි වුණත් ඊළඟ පාර ඔබ තුමාට හැකි වේවා.(අ)
ඔබතුමන්ලාට ජයවේවා. අර නඩයට ඩොලර් එනවලු. එ් අය හොදට උගුර පාදාගෙන කහිනවලු (නදී)
ටිකිරි බණ්ඩාගේ අදහස් ටිකනම් පංකාදු පහයි.එත් බන්ඩෝ ලංකාවේ ජීවත් වුනා ඇති කියලවත් හිතුනද?(අ)
ඉතාම හොඳ තීරණයක්. (නදී)
නායකයෝ ඉදිරිපත් කරනවා කියන අය තවම නායකයෝ හොයනවා. අපිත් බලාගෙන ඉන්නවා. කවුරුත් අතරමඟ. අන්තිමට "මහින්ද" පමණයි (නි)
බන්දුල ඕක තමයි අපි කියන්නේ කෑමට නුසුදුසු අහාර ගන්න එපා දිරවන්නේ නැහැ. ඔන්න කට්ටිය වටකරගෙන දෙනවා.(අ)
රට ආපස්සට හරවන්න ඕනෑ නැහැ. කොහොමත් රට ආපස්සට ගිහිල්ලා තමයි. ඒකට ජාත්‍යන්තරයට පැමිණිලි කරලා වැඩක් නැහැ. (නි)
දේශපාලනයක් නැතිව රටේ වෙලා තියෙන දියුණුව දිහා බලන්න. රටේ උන්නතියට තමන්ට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. හිතේ බයක් නැතිව අපට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලබාදුන් ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා. ! (ස)
මට මතක්වෙනවා මේ වෙලාවේදී, විමල් වීරවංශ මැතිතුමා එදා කළ උපවාසය. (නි)
ඔබ සැමට සුබ ගමන්! (නි)
සත්‍යය කවදා හෝ ජයගනු ඇත! (නි)
වියයුත්තේ සියළු දෙනාම එක්සත්වීමයි (නි)
අපිත් අපේ සහයෝගය දෙනවා (නි)
අනේ ටිකිරි බණ්ඩෝ, මට නම් බයත් හිතෙනවා. මාත් ඉස්සර ඔය වගේ අදහස් දැම්මා. දැන් නම් මම අදහස් බලනවා විතරයි.මම නම් කැමතියි ටිකිරි බණ්ඩා වගේ අය අපිත් එක්ක ගොඩක්කල් ජීවත්වෙනවා දකින්න. (නි)
අපෙත් සහාය මහින්දට තමයි (නි)
බන්දුල, සඳ බලන්න නෙමෙයි, තව ටික දවසකින් තරු ගනින්න බලාගෙන ඉන්න (නි)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
ජය වේවා! සන්ධානය දිනේවා! (නි)
මහින්ද මහත්තයාට ශක්තියක් වන්න. එය රටට කරන සේවයකි. (නි)
අපි හැකි සෑමවිටම ඔබට සහයෝගය දෙනවා (නි)
මට නම් මේ කට්ටියගේ කිසිම විශේෂත්වයක් නැහැ (නි)
කට්ටියක් එකතු වෙන කොට කට්ටියක් වෙන් වෙනවා.(හේ)
මේ පුවත්පත පමණයි ජාතික පුවත්පත් වලින් මධ්‍යස්ථව කටයුතු කරන්නේ. අපිට අපේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ලොකු දෙයක් (නි)
ජයවේවා! (නි)
ඇත්ත තමයි. මේ පිටුව නැත්නම් අපිට කසාය බීපු ගොළුවෝ වගේ තමයි ඉන්න වෙන්නේ, මේ රට හිනස්සන විහිළු බල බලා. (නි)
මුළු රටම දන්නවා සිදුවෙන්නේ කුමක්ද කියලා (නි)
මට නම් පෙනෙන විදියට මුහුණු වල ජාතික අනුරාගය පෙනෙනතෙක් මානයකවත් නැහැ (නි)
මොකක්ද දැන් ඔය අළුත් දැක්මෙන් රටට ලැබිලා තියෙන්නේ? හැමදේකම බරපැන පටවා තියෙන්නේ ජනතාවගේ කරේ නේද? (නි)
මහින්ද මහත්තයාට ජයෙන් ජයම ලැබේවා! අනෙකුත් බලවේග භංගවේවා! (නි)
විරවංශ මහතා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව සටන්කරනකොට අපි ඒකත් පිළිගන්න ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියනකොට අපි ඒකත් පිළිගන්න ඕනෑ. අතීතය සිහිනයක් පමණයි එහි හැබෑවක් නැහැ වගෙයි. (නි)
මේ සිංහල බෞද්ධ රටේ සිංහල,බෞද්ධ අයිතිය රැකී තියෙනවද? මම නම් සිල් අරගෙන සියලු දෙව් මිනිස් සැප කෙළවර දෙව්ලොව යන්න හිතන කෙනෙක් නෙමෙයි.සිංහල බෞද්ධ අයිතිය රැකලා අපායට වුණත් යන්න සුදනම් වෙන කෙනෙක් (නි)
යුගයේ අවශ්‍යතාවක්. (නදී)
සිරිමල්, ඔයා කියපු නිසා මන් අායිත් අයිත් පින්තූර ටික බැලුවා. මේකේ හරිම ලස්සන කතාව ඔයා තමයි කියල තියෙන්නේ. ‘‘කය ඇති සිත නැති දේශනයේ ‘‘ (නදී)
අර මහත්තයට වෙන කොහේ කියල යන්නද? අර යෝජනා 12 ට මොකද දන්නේ නෑ වුනේ? මුණු මැලවෙන එක අහනත් දෙයක්ද සිරිමල්? (නදී)
ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි. මහින්ද යනු එක් සාධකයක් පමණයි (නි)
මේ මොනවා කිවුවත් මේ පාර මිනිසුන් රවටන්න බැරිවෙයි. මොකද ඌවේ ජනතාව හොඳ ආදර්ශයක් දුන්නනේ. රටේ අනිත් පළාත් වලිනුත් මේ දේම සිද්ධවෙන්න පුළුවන්. (නි)
ඩුප්ලිකේට් සත්‍යපාල, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. මම විධායක ජනාධිපති ක්‍රමයට එකග නැතිවුනත් ඔබේ අදහස් සමඟ මට එකඟවීමට නොහැකිය. (නි)
එකතුවෙලාම ඉන්න තමයි ඉතින් වෙන්නේ. (නි)
බෞද්ධ ස්වාමින් වහන්සේලා ගිහියන් සමඟ එකපෙළට අසුන් ගැනීම මම අනුමත කරන‍්නේ නැහැ. මේ අයට එදා කියපුවා අද මතක නැහැ. (නි)
සියල්ලන්ටම හිතන්න කාලය ඇවිල්ලා. යුධ ජයග්‍රහණය සමඟින් ඉහළ ප්‍රතිශතයක් සහිතව ජයගත් අපේ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය අඩුවෙලාලු. මෙහෙම කියන්නේ රතන හාමුදුරුවෝවත් සෝභිත හාමුදුරුවෝවත් නෙමෙයි. බලයක් ලබාගන්න බැරුව ඡන්දෙට බයක් ඇති කරගත් කට්ටියක්. මහජනතාවට නම් අපේ ජනාධිපතිතුමා තවමත් වීරයෙක්. ජනාධිපතිතුමාට රටට ආදරය කරන ජනතාවගේ ගෞරවය හිමිවෙනවා. උතුරේ සිට දකුණ දක්වා ගම්වල ඉන්න ජනතාව සැමදා අතිගරු ජනාධිපතිතුමා සමඟයි. (නි)
අපි මේ කවුරු කවුරු ගැනත් බොහොම හොඳට දන්නවා (නි)
ඔබතුමාගේ අර කරුණු 12 ඉටුවුණාද? එම ඉටුවූ කරුණු මොනවාද, එයින් සමාජයට අත්වූ සෙත කුමක්ද කියාත් අපිට පැහැදිලි කරන්නකෝ. අපි තවම ඉන්නේ වැට උඩ. තීන්දුව එවිට කියන්නම්. (නි)
බන්දුල පෙරේරා මහත්තයා,මෙන්න ඔයා ආසා කරන විදියේ ප්‍රවෘත්තියක්. එන්න එන්න ප්‍රීතිවන්න....තව පොඩි කාලෙකටනේ.... (නි)
ටිකිරි මොලේට තේරුණු දේවල් ටිකම තමා මටත් කියන්න තියෙන්නේ. (හේ)
මේ පිටබැද්දර ජයා මහත්තයා, ඔබතුමා කිව්වා වගේ තව මාස දෙකක්වත් නැහැ නව සඳ බලන්න.ඔන්න ඔය මනස්ගාත අත ඇරලා එන්න අපිත් එක්ක සඳ බලන්න. (නි)
එන්න , එන්න කඩේ යන්න එන්නකෝ, මෙතන කොහෙද ජාතික බලවේග, හොර සේනාව හොරු සමග හෙළුවෙන්........රටට ආදරය කරන ජාතික බලවේග ඉන්නේ පාටලී චම්පික රණවක , රතන හිමි, සෝභිත හිමි වැන්නවුන් සමගය ........මේ කුලියට කහින හොර බලවේගය. (බ)
සියළු දේශප්‍රේමී ජනතාව මහින්ද මහතා සමඟයි (නි)
කවුරුහරි සමාජවාදය, දේශමාමකත්වය විකුණනවා නම් ඒක බොහොම වැරදියි (නි)
ඉස්සර රටට , රටේ ජනතාවට යම් ව්‍යයසනයක් එනවා නම් ඒකට මුලිකත්වය අරගෙන ඉදිරියෙන්ම හිටියේ අපේ සංඝයා වහන්සේලා.ඒකට අද? (නි)
මම නම් මෙහෙම වෙයි කියලා හිතුවා (නි)
විදුලි බිල මතක් උනා (නදී)
අනේ බලන්නකෝ ඔයාල මේ පොටෝ වල ඉන්න දේශපාලකයන්ගෙයි ඒවා අහන්න අාපු කට්ටියගෙයි මුණු දිහා. මුනුත් එක්කම මැලවිලා ගිහිල්ලා. (නදී)
ඉස්සර පොලවේ අඩිය හප්පලා විධායක ජනාදිපතිකම එපා කියපු අය අද විධායක ජනාදිපති කම ඉදිරියටත් තියෙන්න ඕනේ කියල කියනවනේ. අනේ අම්මපා මෙහෙමත් හිවල්ලු. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය දැන් හොඳටම ඇති (නි)
මෙවැනි රැස්වීම් ගමින් ගමට පවත්වන්නට කටයුතු කරන්න. (නි)
"ඔබට ඔබේ සතුරන්ගෙන් ප්‍රවේශම් වියහැක.එහෙත් ඔබ ඔබේ මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න." (නි)
සමහර අය දැක්කම දුකත් හිතෙනවා.මොනවා දැනගෙන එනවද මන්දා? (නි)
ජය වේවා! (නි)
ගෙවල් දෙකේ විදුලි බිල් දෙකම රුපියල් 265000 ක්. එ්ක ගෙවන්නෙත් අපේ මහජන මුදලින් කියල ෆොටෝ සහිතවම අන්තර්ජාලයේ පෙන්වල දීල තිබුනා. දෙවැනි ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ගැන හරිම දුකයි. (නදී)
එහෙනම් ඉතින් එච්චරයි.... අපිට ජය නියතයි! (නි)
ගුණදාස අමරසේකර මහතාත් මේ විදියට එකතුවීම ගැන සතුටුයි (නි)
විධායක ජනාධිපති ක්‍රමය තවත් අවුරුදු 2 ක්? හොඳටම ප්‍රමාණවත් දැන් නම්... (නි)
අම්මෝ! ඉන්න සෙනඟ! (නි)
අපේ සහයෝගයත් එතුමාට ලැබේවී.(හේ)
රටක මිනිසුන්ගේ "මොළ හෝදනවා" කියන්නේ මහා අපාගත වෙන පාප කර්මයක්.සත්තකින්ම.(අ)
මෙන්න මෙච්චර කල් බොරුවට බයිලා ගහපු බො.බ.සේනාවේ වෙස් මුහුණ ගැලවී නියම මුහුණ ,මෙයාල ඔක්කොටම ලෙමන් පෆ් පිහිටෙන් අබ සරණයි ....(අ)
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා .(හේ)
මෙතනට තවත් එකතු වෙයි. අර 3 වරක් පුළුවන් කීව ජෙඨෂඨ විනිසුරු මඩුල්ලට ජයවේවා (නදී)
මිනිසුන්ට මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ හිතන්න. තිරිසන් සත්වයාත් මනුස්සයත් අතර වෙනස එ්කයි.(නදී)
මේ දවස් වල ජනප්‍රියම කතාව.(හේ)
මහින්ද මහතාගේ ජයග්‍රහණය ස්ථිරයි! (නි)
දැන් ඉතින් ජාතිවාදය උපයෝගී කරගෙන ඡන්දෙ ගන්ඩ බලයි ඔය බොදු බල සේනාව (නදී)
එයාලා කොහොමත් සහාය දෙන බව අපි නම් දන්නවා (නි)
පුදුම දෙසප්‍රේමියෝ ටිකක්නේ ඉන්නේ.(අ)
අපේ රටට ගිය කල ගැන සිතද්දී හිතට හරිම දුකයි (නි)
එතකොට අර සේනාව මෙච්චර කල් ජනපතිට බැන බැන රට වටේ ගියේ නාට්‍යයක් පෙන්නන්නද? (අ)
ජයවේවා! රැකගනිමු ලක් මව පරගැති ආණ්ඩු විරෝදී පරගැතියන්ගෙන් (නදී)
ආපෝ මාර කස්ටියක්නේ මේ එකතුවලා තියෙන්නේ. මේගොල්ලෝ තමයි ලෙමන්පෆ් කකා උපවාස කළේ (නදී)
රුපියල් 1000කුයි බත් පාර්සලයක් දෙනවා කිව්වනම් රටට හෙන ගැහැව්වත් කමක් නැහැ කියල හිතල මිනිස්සු හුරේ දානවා.පුදුම රටක්.(අ)
මේගොල්ලෝ ' විදේශීය බලවේග ' වලට විරුද්දයිලු. හැබැයි අමාරු වුනාම බෙහෙත් ගන්න යන්නේ ඒ විදේශීය බලවේග ලඟට. (නදී)
අදිරාජ්‍යවාදී කියල අපිට බන කියන අයගේ දරුවන් ඉගෙන ගන්නෙත් අදිරාජ්‍යවාදී රටවල .සුද්දට දෙන්නද අදිරාජ්‍යවාදී රටවලට යවන්නේ.(අ)
මහජන මුදල් ලක්ෂ 28 ක් වියදම් කරලා හදපු බස් නැවතුම් පොලම ඇති නීතිගරුක රටක බරපතල වැඩ ඇතිව හිරේ යවන්න. (අ)