වසර ගණනාවක් විසඳීමට නොහැකිව පැවති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා වත්මන් රජය විසඳූ බවත් ඉදිරියේදී තවත් සහන රජයේ සේවකයන්ට ලබාදීමට හා වැඩිකළ වැටුප් දීමනාව ඒකාබද්ධ වැටුපට එකතු කිරීමට වත්මන් රජය සූදානමින් සිටින බවත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා අද (4) එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රාජපක්ෂ රෙජීමය නැවත වරක් බොරු බේගල් දොඩමින් රජයේ සේවකයා නොමග යැවීමට කොතරම් උත්සාහ කළත් මෙවර රජයේ සේවකයා ඔවුනට හොඳ පාඩමක් ඉගැන්වීමට සූදානම්ව සිටින බවද ලේකම්වරයා කීවේය.
රජයේ සේවකයන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලද්දී රුපියල් 2500ක් දෙන්නම් කියා එයවත් නොදුන් මහින්ද රාජපක්‍ෂ මහතා දැන් රුපියල් 25,000ක් දෙනවායැයි කීවාට රාජ්‍ය සේවකයින් රැවටෙන්නේ නැතැයි ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ද සිල්වා මහතා එහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යලි පුබුදුමු ශ්‍රී ලංකා -රාජ්‍ය දේපොළ වික්කා(නදී)
දි කිරට බළල්ලුත් සාක්කිලු. (බ)
එජාපය ජයගත්ත ගමන් මේ ගොල්ලෝ කරපු - කරන පලමු දේ මොකක්ද දන්නවාද ? ලංගම බස් බලෙන් අරගෙන රටපුරා රස්තියාදු ගැසීමයි. දැන්වත් මොලේ පෑදේවා. (නදී)
මේ ටොයියෝ 2014 අයවැය කියවල නැහැ. එ්කේ සල්ලි වෙන් කළා වැටුප් විෂමතාව 2015 ජනවාරි වැටුපට අදාලව සකසන්න. මෙයාලා කලේ එ්ක 2006 වැටුපට අදාලව කප්පාදු කරපු එක. අැයි මේ පච කෙලින්නේ. අපි මෝඩයෝද? (නදී)
1977 සිට 1990 දක්වා දේශපාලන සුදුසුකමට රැකියා දීපු 1980 වර්ජනයෙන් රජයේ සේවකයින් දහස් ගණනක් දොට්ට දාපු, 1988-1989 ඊට එරෙහි වුන තරුණ තරුණියන් 60000 ක් ඝාතනය කරපු මේ අයට සුරංගනා කථා හැර වෙනත් විකල්ප නෑ.(නදී)