IMG-LOGO

ජාතික සභාව යෝජනාව හෙට විවාදයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න  විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට  යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට (20) විවාදයට ගෙන  සම්මත කරගැනීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයෙනි.

විවාදය  අද පෙරවරු 10.00 සිට  පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

මේ අතර ආණ්ඩුවේ ආදායම වැඩි කර  ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (21) බදාදා   පැවැත්වීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

දෙවැනි එළිසෙබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම ලබන 23 වැනිදා පෙරවරු  9.30 සිට   පස්වරු 12.30 දක්වා  පැවැත්වේ.

ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ඉන් අනතුරුව පැවැත්වේ.

පාර්ලිමේන්තුව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20 පෙරවරු 9.30 ට  රැස්වෙයි.

පාර්ලිමේන්තුව හෙට (20) සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.



අදහස් (0)

ජාතික සභාව යෝජනාව හෙට විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site