පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වා දෙයි.
මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තාවන්ට හිමිව ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් ප්‍රමාණයට වඩා මෙවර කාන්තා නියෝජනය අඩුවී ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුව විතරක් නොමේ නාම යෝජනා ලැයිස්තතුවලත් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දක්වලා තියෙන්නේ. මේක ලෝකයේ පළමු අගමැතිනිය බිහි කල රට. ඒ බව අමතක නොකර කාන්තාවන්ටත් අවස්ථාව දෙන්න හිතට ගන්න ඉදිරියේදිවත් (නදී)
ඔක්කොටම හරියන්න ගීතා ඉන්නවා. එයාට පුළුවන් ඔක්කොම බලාගන්න (නදී)
සිද්ධිය තියෙන්නේ දෙමාපිය උරුමයෙන් සහ වෙනත් ක්ෂේත්‍ර මත ලැබුණු ප්‍රසිද්ධිය නිසා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා හැරෙනකොට, අපේ රටේ කාන්තාවෝ බිම් මට්ටමින් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. (නි)
'කාන්තා නියෝජනය' බටහිර සංකල්පයක්... අපේ අයට අයිතිවාසිකම් ගන්න ඕනෑ වුණාම බටහිර සංකල්ප ඈදාගන්නවා. මිනිස්සු මෝඩයට අන්දවන්න ඉඩදෙන මෝඩ දේශපාලනයක් ජනතාවට අවශ්‍ය නැහැ (නි)
හිනාත් යනවා මේ සමහරු දාලා තියෙන ප්‍රතිචාර බැලුවම. (නි)
පාර්ලිමේන්තුවට ගියා කියලා කාන්තාවන්ට වෙන සෙතක් නැහැ. දැන් ඔය ගිහින් ඉන්න අය කරන දේවල් පේනවනේ. කාන්තාව ගියත් පිරිමියා ගියත් ජනතාව පිරිසිදු ශිලාචාර රටට ආදරය කරන පිරිසක් යවනවා නම් ඔය කවුරු ගියත් ප්‍රශ්නයක් නැහැ. (නි)
අපිට නම් ගීතා හිටියහම හොඳටම ඇති (නි)
අපේ රටේ මිනිස්සු රෝසි වගේ වැදගත් ගැහැණු එළියට දාපු එකේ දැන් හොඳට නියෝජනය වෙයි (නි)
කාන්තාවන් හිටියා කියලා කාන්තාවන්ට මොනවද කළේ? ගීතා ඉන්නවා. එයා ඔක්කොම බලාගනීවී (නි)
මොනවා වුුණත් රෝසි පාර්ලිමේන්තු ආ යුතුමයි. ඇයට මීටවඩා මනාප තිබිය යුතුයි. (නි)
මුළු ලංකාවටම එකයි. ඒ අපේ ගීතා! (නි)
කාන්තාවන් අවස්ථාව ඉල්ලන්න කලින් අවස්ථාවාදී නොවී රටේ පොදු ප්‍රශ්න සහ කාන්තා ප්‍රශ්න ගැන මැතිවරණ නොපැවැත්වෙන කාල වලදී හඬ නැඟිය යුතුයි. එසේ නොමැතිව ඡන්ද කාලේදී විතරක් අවස්ථාව ඉල්ලුවට ඡන්ද බලය හිමි කාන්තාවන්වත් සහයෝගය දෙන්නේ නැහැ. (නි)
කාන්තාවට තැනක් දෙනවා කියලා නේද පහුගිය කාලේ පබාව, අනර්කලීව, මාලනී ෆොන්සේකාව සහ තව කට්ටිය ගෙනාවේ? ඒ ගොල්ලෝ වැඩක් කළාද? අඩුම තරමේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ හිටපු අයවත් රටට හරිහමන් වැඩක් කළාද? දැන් මේ සැරේ ගීතාවත් යවලා තියෙන්නේ. (නි)
ඇයි? මේ ඉන්නේ එක් කෙනෙක්... (නි)
අනේ පබාටත් ජාතික ලැයිස්තුවෙන් දුන්නා නම් හොඳයි. (නි)
ගීතා ජනතා ඡන්දෙන්නේ තේරුනේ..!! ඇය ශ්‍රී ලංකා එකට දර දිය ඇද්දා ඔය පැරිෂුට්කාරයන් එන්නත් කලින්. ඇයට මඩ ගහනවාට වඩා මේ කාන්තාවනට අඩු තැනක් දුන් ලිස්ට් හදපු අයටයි අනුමත කළ උදවියටයිනේ දොස් කියන්න ඕනෑ. (නි)
ගීතාට මොකුත් කියන්න එපා.ඔය ගිරිය පුප්පගෙන කෑගහන නළු බට්ටන්ටයි, මහජනයාගේ සල්ලි කන ඇමතියන්ටයි වැඩිය ගීතා හොඳයි. (නි)
මේ පාර ඉතින් අර වැඩකට නැති නිළියෝ ටික එහෙම නැහැ. වෙන නම් කියන්න තරම් අඩුවක් නැහැ. කිව්වත් වගේ ගීතා ඉන්නේ ඔක්කොටම. (නි)
අපොයි ඔව්. ඔය රටේම ඉන්න කාන්තාවන් වෙනුවෙන් ලංකාවේ බවලතුන්ගේ ගුණාත්මකභාවය හොඳින් පිළිබිඹු වෙන්න එක්කෙනෙක් පත්වෙලා ඉන්නවනේ. (නි)
ඔය ඉන්නේ එක්කෙනෙක්. මෙහෙම එක්කෙනෙක් හෝ පත්කරගත් බුද්ධිමත් ජනතාවට අපි ස්තුතිවන්ත වියයුතුයි. (නි)
ඇත්ත තමයි (නි)
දක්ෂ කාන්තාවෝ කීයක් නම් පරාජය වුණාද? (නි)
ඒක තමයි. තව දෙතුන් දෙනෙක්වත් ඉන්නයි තිබුණේ (නි)
මමත් මේ කතාව පිළිගන්නවා (නි)
උගත්කම නැතත් කාන්තාවකට අත්‍යවශ්‍ය වැදගත්කම හරි තිබිය යුතුයි (නි)
උගත්කමෙයි, සංවරකමෙයි අගයක් නොදන්නා බවලතුන් ට පයක් ගහන්න නොවටිනා ස්ථාන දෙකෙන් එකක් තමයි ආගමික සිද්ධස්ථානය,අනෙක තමයි පාර්ලිමේන්තුව . මේ තැන් දෙකෙන් එකක්වත් මේ උදවියගේ පාද ස්පර්ශයෙන් කිලිටි විය නොයුත්තේ රටේ හැදෙන දරිවියන්ගේ පරමාදර්ශය මේ උත්තරීතර තැන් වලින් තීරණය වන නිසාය, (ම)
ගීතා පත් කලේ ඔය ඔක්කොම අඩුපාඩු වලට තමා.(නදී)
ඔය බවලතුන් ගණන් කිරීම නවත්තලා පාර්ලිමේන්තුවට පත් වුන අහිංසක පිරිමි ටිකට පියාඹන පිරිසි කෝප්ප වලින් රක්ෂණ ආවරණත් , විවාද වලදී කන් බෙරය පැලීමේ අවධානම වෙනුවෙන් කන් ඇබත් ලබා දුන්නොත් නරකද ? (බ)