ඉදිරි පාර්ලිමේන්තුව සඳහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කිරීමේ දී මුල්‍ය චෝදනා එල්ල වී ඇති, මැතිවරණ නීති කඩන, අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති, පරිසරය විනාශ කරන, අයථා ක්‍රම මගින් මුදල් උපයාගත්, පුද්ගලයින් තෝරා පත්වීම වැළැක්වීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.
පිරිසිදු අපේකෂයින්ට පමණක් නාම යෝජනා ලබා දෙන ලෙස මේ රටේ ජනතාව සිදු කළ ඉල්ලීමට දේශපාලන පක්ෂ පිටුපා ඇත. මේ පිරිස් පරාජය කිරීමේ වගකීම දැන් අත්තේ මේ රටේ ඡන්ද දායකයින්ගේ වේ. අනෙක් අතට ඡන්දදායකයින්ගේ කැමැත්තෙන් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පුද්ගලයින් පත් කිරීමට දේශපාලන පක්ෂ නායකයින්ට අවස්ථාව ලැබේ. අප පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ නිදහසට කරුණු කියන්නට ඉදිරිපත් නොවී කිසිදු දුෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නට එපා කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්කරන්න රටට වැඩක් ඇති අය. පිරිසිදු කම විතරක් මදි.(ම)
අපි දෙන්නම්කෝ ගාණට අපේ මනාපය (නි)
ඉබ්බන්ගෙන් පිහාටු පැතීම (ම)