දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමන්ට යළිත් එම මන්ත‍්‍රී ධූරය ලබා දෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා අද(21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
තමන්ව ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ! අන්න අර පාලම හදන එකට මොනවාහරි කරන්නකෝ පුළුවන් නම්. (නි)
ප්‍රජාතන්ත්‍රවාදයට අපහාස කරන්න එපා (නි)
ලද දෙයින් සතුටු වෙන්න බැරි හැටි? (නි)
බල පෙරේතකම! (නි)
ඇයි මේ මෙච්චර ආශාවක්? (නි)
සාධාරණය ඉටුවේවා! (නි)
කොහොම වුණත් මේ ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් පත්කිරීම නතර වියයුතුයි (නි)
අපේ පොකට් එකටමයි ගහන්න හදන්නේ. (නි)
දුක තමයි දැන් කරන්න දෙයක් නෑ.(හේ)
තිස්ස හේවාවිස්ස ගේ හිනා වැස්ස (ම)
මේ උන්නැහේ ඔහේල මෙච්චර කල් මේ රටට කරපු හරිය හොදටම ඇති. හරිනම් ඔහේල වගේ උදවිය දඩු කදේ දාන්නයි වටින්නෙ. මේ වළ පයයි ගොඩ පයයි තියාගෙන තවත් මේ රට කන්න වලි කන්නෙ නැතිව හතර පෝයට සිල් ගත්තොත් නරකද ලොකු උන්නැහැ. (බ)
ජාතික ලැයිස්තුව තියෙන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයට නොවේ. නොයෙකුත් හේතුන් මත ඡන්දයෙන් පත්වීමට නොහැකි උගතුන්, බුද්ධිමතුන් සඳහා පමණයි. (බ)
දැන් ගිහිල්ලා පිනක් දහමක් කරගන යන තැනකට යන්න කාළේ හරි. (බ)
මහාචාර්යතුමනි විශ්ව විද්‍යාලයේ දරුවන්ට උගන්වා සතුටක් ලබන්න බැරිද? මන්ත්‍රීකම කලා කියල අපිට දැනෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ නේද? (ම)
ජනතාවට තියෙන ආදරේටනේ ඔය. ඔන්න ඔය මොකක් හරි දීලා දාන්න මේ නහින දෙහින කාලෙනේ.(ම)
වාමාංශික පක්ෂවලට මහා සභා රැස්වීමක් තියන්න අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව නැතිකොට පාර්ලිමේන්තු අසුනකට අයිතිවාසිකම් කියන්නේ කොහොමද? (බ)
මහින්ද මහත්තයට එතකොට ලක්ෂ 48 ක් ඡන්දෙ දීල ගත්තු ජාතික ලැයිස්තුව මැතිවරණ ව්‍යාපාරයට වදනකින්වත් සහයෝගය නොදී කරන්න පුළුවන් හැම බධාවක්ම කරමින් තමන්ගේ ඡන්දයවත් සන්ධානයට නුදුන් බව සහතික දේවදත්ත සභාපති කෙනෙක් මංකොල්ල කද්දී තමන් නිසා ලැබූ දෙයක් වගේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු තමන්ගේ ඇම්බට්ටයින් එ්කෙන් පාර්ලිමේන්තුවට රිංගවද්දී නියම සුදුස්සන් කපා හරිද්දී ජාතික ලැයිස්තුව කියන අර්ථය අමු අමුවේ කෙලසද්දී හිනා ගියේ නැද්ද? හිනාවෙන්න නෙමෙයි අඩන්න මහත්තයෝ.....ලැජ්ජයි යහපාලානේ..අපි පත්කරපු කෙනෙක්නම් අපි බඩ කපා ගන්නවා..(බ)
රට කන දේශ පාලුවෝ, මෙයාලට ජනතාවට සේවය කරන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (බ)
දේශපාලනය අත්හරින්න බෑ වගේ පෙනෙන්නේ (බ)
මේකට මට නම් හිනා යනවා.. නවත්තාගන්නට බැහැ. ඒක ඔබේ අයිතියක් නොවෙයි දීර්ඝකාලයක් හිටියා කියා. ඔබ ඇවිත් හරිම මනුෂයෙක් නෙ. (අ)
පිවිතුරු යහපාල යන්නේ කොහෙද මල්ලේ පොල්. තාම දුකට කවි කියනවද කොහෙද. (බ)
ජනතාවට සේවය කරන්න පුදුම කැපවීමක් තියෙන්නේ , මුළු ජීවිත කාලයම උනත් ! (බ)
ලැජ්ජයි. (නි)
දුමින්දගේ කතාව හරි (නි)
දැන් ඒක අයිතියක් කරගෙන. (නි)
දිගටම හිටපු නිසා ඇමතිකමක් නැතුවම බැරිද? (නි)
රස කාමිණියේ පෙර සිටි අසුන බලාලා - සංවේගය ඉවසමි මම කදුළු හලාලා - තව කෙනෙකුට දියවන්නා අසුන ලැබේවා - ඉසුඹු ලබා කල් ගෙවනෙම් සුවය පතාලා (නි)
උගත් මහාචාර්යවරයෙක්. දරුවන්ට ඉගැන්වීමේ කාර්යය කළා නම් හොඳයි නේද?? (නි)
දේශපාලන අසුචි වළේ බැහැලා විනාශ වෙන්න එපා (නි)
කියන්නේ කාටද මේවා ගැන අපි? (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ඇති සැපපහසුකම්,වරප්‍රසාද,සමාජයේ ගරුබුහුමන් ඕවා ගැන හිතෙනවා ඇති.කාපු කෙනයි රස දන්නේ. අනේ මෙහෙම තණ්හාවක්! මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්... (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
ලැජ්ජාවක් නැද්ද මන්ත්‍රීධූර හිඟාකන්නේ? (නි)
ඔබතුමාලා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටියා කිව්වට මොන වැඩේද මේ රටට කරලා තියෙන්නේ? කරුණාකරලා වැඩක් කරන්න පුළුවන් තරුණයෙකුට ඉඩදෙන්න (නි)
අනේ මේ මිනිසුන්ට ලැජ්ජා බය නැද්ද? අනේ මෙහෙම තණ්හාවක්! (නි)
තණ්හාව. වෙන මොකුත් නෙමෙයි තණ්හාව. (නි)
මොනවා වුණත් ජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගැනීම ඡන්දය දෙන අයට කණේ පහරක්. (නි)
ඔය ආසනය ඉල්ලන්නේ මොනවා කරලද? (නි)
මන්ත්‍රීකම කියන්නේ තමන්ගේ අයිතිවාසිකමක් කියලයි මේ අය හිතන්නේ. (නි)
පැරදුන අයට මන්ත්‍රීකම් සහ ඇමතිකම් දීපු එක නම් වැරදියි තමයි. (නි)