
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක (එච්.ඩී.යූ.) දෙකේම ඇඳන් සියල්ලම අද වන විට ‘කොවිඩ්’ රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා පැවසීය.
එම අධි සත්කාර ඒකක දෙකේ මීට සතියකට පමණ පෙර ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවක් සිටි බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා රටපුරා රෝගීන් ජාතික රෝහලට ඇතුළත් වන නිසා මෙය රැල්ලක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
‘කොවිඩ්’ ආසාදිතයන් සමාජය තුළ වැඩිවෙත්ම ඉන් පිරිසක් දැඩි සත්කාර ඒකකවලට (අයි.සී.යූ.) යොමු වන බවත් ආසාදිතයන් වැඩිවීමත් සමඟ අයි.සී.යූ. සහ එච්.ඩී.යූ. ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය ද ඉහළ යන බවත් විශේෂඥා වෛද්‍යවරයා කීය.
‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වේගයෙන් වැඩිවෙමින් තියෙන බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා එය පාලනය කිරීමට එකම මාර්ගය එන්නත්කරණය බව ද වැඩි දුරටත් පැවසීය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසුවේ.
2025 නොවැම්බර් මස 04
843
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2484
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික රෝහලේ එච්.ඩී.යූ ‘කොවිඩ්’රෝගීන්ගෙන් පිරිලා
කුමාර Saturday, 22 January 2022 09:22 PM
කෑ ගහමින් තව කිකට් ගහමු. ඊයෙ දැක්කානේ. කිසිම බාධාවක් නෑ.