IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික රග්බි වාර්ෂික ගිවිසුමට කී‍්‍රඩකයෝ 37 ක් තෝරා ගැනෙති

ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක‍්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුළත් කරගනිමින් රග්බි කී‍්‍රඩාව වෘත්තිය ක‍්‍රීඩාවක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පියවර ගත්තේය. නාවික හමුදා පිල නියෝජනය කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම සංචිතයට ඇතුළත්ව සිටී. මෙම ක‍්‍රීඩකයන් 37 දෙනාට මසකට රුපියල් 25,000 ක ගෙවීමක් කරනු ලබන අතර ලබන අපේ‍්‍රල් මස පිලිපීනයේ දී පැවැත්වෙන පස් සාමාජික රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් 23 දෙනාට මැයි මාසය දක්වා රුපියල් 50,000ක ගෙවීමක් කිරීමට නියමිතය. මෙම ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් අතරට මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ෆාපිල් මරිජා, ප‍්‍රදීප් ලියනගේ, ගයාන් වීරරත්න, රොෂාන් වීරරත්න, මොහොමඞ් ජබාර්, ෂෝන් විජේසිංහ සහ අනුරංග වල්පොළ මෙන්ම සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල නියෝජනය කරන දුෂාන්ත ලෙව්කේ යන ක‍්‍රීඩකයන් ඇතුළත්ව නැත. මේ අතරින් ගයාන් වීරරත්න සහ ෂෝන් විජේසිංහ ආබාධයන්ට ලක්ව පිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයෝ: යෝෂිත රාජපක්ෂ (නායක) කෝසල තිසේරා, චූලා සුසන්ත, දිනූෂ චතුරංග, රෙහාන් වීරකෝන්, දේවි ආනන්, නාමල් රාජපක්ෂ, සුමේධ මාලේවන, සත්‍යා රණතුංග, සුරංග පුෂ්පකුමාර, පුබුදු කෝදාගොඩ සහ චානක චන්දිමාල් (නාවික හමුදාව) තුසිත සමරතිලක, රජීව් පෙරේරා, චිරන් වර්ණකුලසුරිය, දුෂ්මන්ත ප‍්‍රියදර්ශන, ටෙරන්ස් හෙන්ද්‍රි, චාමර දාබරේ, ලී කේගලගේ, දිනුෂ් කුමාර, සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර (හැව්ලොක්ස්) හේෂාන් කල්හාර, සජිත් සාරංග, අචල පෙරේරා සහ කිෂෝර් ජෙහාන් (මහනුවර ක‍්‍රීඩා සමාජය) ගයාන් රත්නායක, රන්දීර මීපගේ සහ සාලිය හඳපාන්ගොඩ (යුද හමුදාව) මොහොමඞ් ෂෙරීෆ්, ලසින්ත ද කොස්තා සහ රිසා මුබාරක් (සී. ආර්.) හසිත පෙරේරා, ශරෝ ප‍්‍රනාන්දු සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර (ලසන්ත) රොමේෂ් ආචාරිගේ (පොලිසිය* සහ චරිත් සෙනෙවිරත්න (ගුවන් හමුදාව)



අදහස් (0)

ජාතික රග්බි වාර්ෂික ගිවිසුමට කී‍්‍රඩකයෝ 37 ක් තෝරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site