ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග හෙට (19) සිට ආරම්භවේ. මෙවර ජුලි මාසයේ දී පැවැත්වීමට නියමිත 24 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලට සමගාමීව මෙම කණ්ඩායම් තරග මහරගම ජාතික තරුණ සේවා පිටිය ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ කීපයක දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා පවසයි. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කී‍්‍රඩා උළෙල සංවිධානය කරයි. 24 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග පැවැත්වෙන ආකාරය. වොලිබෝල් (කාන්තා/පිරිමි):- මැයි 19, 20, 21 කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල් පිටියේ දී දැල්පන්දු:- මැයි 19, 20, 21 මහරගම තරුණ සේවා පිටියේ දී කබඩි (කාන්තා/පිරිමි):- මැයි 26, 27, 28 බද්දේගම කුම්මේ පිටියේ දී පාපන්දු:- මැයි 26, 27, 28 මාතර උයන්වත්ත පිටියේ දී එල්ලේ (කාන්තා/පිරිමි):- ජුනි 2, 3, 4 මීරිගම ඞී. එස්. සේනානායක විදුහල් පිටියේ දී හා මහරගම තරුණ සේවා පිටියේ දී සැහැල්ලූ පන්දු කි‍්‍රකට් (කාන්තා/පිරිමි):- ජුනි 9, 10, 11 බලංගොඩ මහජන පිටියේ දී හා බලංගොඩ ජාතික පාසල් පිටියේ දී කැරම් (කාන්තා/පිරිමි):- ජුනි 9, 10, 11 මහරගම තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ දී කඹ ඇදීම (කාන්තා/පිරිමි):- ජුනි 16, 17, 18:- මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේ දී පැසිපන්දු (කාන්තා/පිරිමි):- ජුනි 16, 17, 18 කුරුණෑගල මලියදේව පිරිමි විදුහල්පිටිය, කුරුණෑගල ශා. ආනා විදුහල් පිටිය හා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී ඇවිදීමේ හා මැරතන් (කාන්තා/පිරිමි) තරග:- ජුනි 22, 23, 24 මාතර උයන්වත්ත පිටියේ දී වෙරළ වොලිබෝල් (පිරිමි):- ජුනි 30, ජුලි 1,2 මීගමුව බ‍්‍රවුන්ස් වෙරළ තීරයේ දී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd