
(අංජුල මහික වීරරත්න)
දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ" සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීන්ට පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14)සිදු කෙරිණි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද ස්වාධීන බහුපාර්ශ්වීය කමිටුවක් විසින් සකස් කරන ලද මෙම ප්‍රතිපත්ති මාලාව, 2023 මැයි මාසයේ සිට 2025 දෙසැම්බර් දක්වා වසර දෙකකට අධික කාලයක් පුරා සිය ගණනක් වූ බහුවිධ පාර්ශ්වකරුවන්ගේ දායකත්වයෙන් යුතුව නිර්මාණය කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසකට ප්‍රතිපත්තිමය අවශ්‍යතාවක් පවතින බව මහජන අරගලය මගින් පෙන්වා දුන් බවත්, එම ප්‍රතිපත්ති සැකසීම මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් සිදුවෙමින් පවතින බවත්ය.
මෙම ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හුදෙක් අමාත්‍යාංශයේ පමණක් ප්‍රතිපත්තියක් නොවන අතර, අමාත්‍යාංශය විසින් සිදු කළේ මෙම කාර්යය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ පුරවැසි බලපෑම පිළිබඳව අමාත්‍යාංශය මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහි මූලික කෙටුම්පත (Zero Draft) 2023 වර්ෂයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සැදුම්ලත් මූලික කෙටුම්පත්කරණ කමිටුව හරහා 2024 ජූලි මාසයේදී සකස් කර ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන - ජනමාධ්‍ය) නෙළුම් දිල්ෂාරි මහත්ම මහත්මීන් ඇතුළු ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයෝ සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd