බෞද්ධ දර්ශනයේ ආභාසය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කළ ජාතික බෞද්ධ මණ්ඩලය අද මුල්වරට අද ජනාධිපති නිල නිවසේ දී රැස්විය.

ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල දී සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික අධ්‍යාපනික යන කරුණුවලට අදාලව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත රාජ්‍යපාලනයේ දී තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන බුද්ධිමය දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ මණ්ඩලයේ කාර්යය බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මෛත්‍ර‍ීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්, විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිකාරී පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද හිමියන්, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක හිමියන්, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන් ප්‍ර‍මුඛ දිවයිනේ නන් දෙසින් පැමිණි භික්ෂූන් වහන්සේලා රැසක් මෙම බෞද්ධ බුද්ධි මණ්ඩලයට සහභාගී වූහ.
(ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය)
buddist 01(2)