ශ්‍රී ලංකා පරිගණක සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2015 සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය තෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ දැනුම වැඩිදියුණු කිරීම, නවතම දැනුම ඔවුන් අතර ඛෙදා හදා දීම මෙන්ම ඔවුන් අතර සබදතා දියුණු කිරීමත් විදේශීය වෘත්තීයවේදින් හා ක්ෂේත්‍රය සමග සබදතා වැඩිදියුණු කිරිමත් මෙහි මූලික අරමුණවෙයි. 33 වන වරට සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉදිරිය හොඳින් දකින්න ඕනෑ නම් මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න ඕනෑ. ඒ වගේම තොරතුරු තාක්ෂණය රට තුළ සමාන්තරව ගලායන්න ඕනෑ. ගම සහ නගරය ඒකාබද්ධ වියයුතුයි.ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ලිවිමට දරුවන් යොමුකරන්න ඕනෑ (නි)
එ්ක නේද සිල්වා මහින්ද ඒ කාලේ කළේ (බ)
පසුගිය යුගයේ ආගමන ඉදිරියට නිවැරදිව (ම)