‘ත්‍රිවිධ හමුදාවත් දේශපාලනයට යටකරගෙන දැඩි හමුදා ආරක්ෂාව යටතේ ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය කරනවා.පත්තරවල දැන්වීම් වලට ජාතික ගීයත් යොදාගෙන.කටවුට් ගලවන්නෙත් නෑ. ආණ්ඩුව මැතිවරණ නීතී තදින්ම කඩ කරමින් සිටිනවා.‘ යැයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිතහිමියෝ අද (29) විපක්ෂ නායක කාර්යාලයයේෙ මාධ්‍ය හමුවකදී පැවසූහ.
සෝභිත හිමියෝ මෙසේද පැවසුහ.
‘ ජනාධිපතිවරයා මැතිවරණය කරන්නේ අපේ පොදු ජනයාගේ සල්ලි වලින් .ඒත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ වියදමින් මැතිවරණ කටයුතු සිදු කරනවා.ඔහුට රැළියකට යන්නවත් දැඩි ආරක්ෂාවක් නෑ.ඒකම ලොකු අසාධාරණයක්.කවුරු දිනුවත් කමක් නෑ.මැතිවරණය සාධාරණව සාමකාමීව පවත්වන්න කියලා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දාගමට ගරහනවා (නදී)
ඒ වුනාට ජනාදිපති වේදිකාවල් වල කතාකරන විලාශය කොහොමද (නදී)
ඔක්කොම විකුනන් කනවා.(නදී)
නැත්තටම නැතිවෙලා තිබුන ජාතිය බේරාගෙන, ජාතියට අලුත් පනක් දීලා ජාතිය ජාතියක් විදියට කොන්ද කෙලින් තියාගෙන ඉන්න හදල දීපු නායකයා නිසා තමා ජාතික ගිය, ජාතික කොඩිය, රැකුණේ කියල ඔබ වහන්සේ තේරුම් ගන්න (නදී)
මෙවැනි ක්‍රියා හෙළා දැකීමට එක්වෙමු (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
එකම දැයක්, එක කොඩියක්, පෙරටම යමු, ලංකා වැනි වචන යොදන්නත් බැරිද හාමුදුරුවනේ?(දිල්)
ආසනයට සුදු රෙදි කඩවත් දැන් නැද්ද හාමුදුරුවනේ!! (නි)
තව ඉස්සරහට තව මොනවා වෙයිද මන්දා? (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
බල තණ්හාවට කරන්න බැරි දෙයක් නැත. (නි)
බල තන්හාවට කරන්න බැරි ජඩ වැඩක් නැත .(හේ)
දැන් කවුද හාමුදුරුවන්ගේ ඉහට උඩින් ඉන්නේ? (නි)
එතකොට බුද්දාගමේ ගාතා වල කොටස් භාවිතා කලාට කමක් නැද්ද හාමුදුරුවනේ (නදී)
හාමුදුරුවනේ බෞද්ධාගමේ එන මෛත්‍රී ගුණ ඔබ වහන්සේලා ගාව නැහැ වගේ. කතා වලින් ඒ බව පෙනෙනවා. (නදී)
දහම් මහත්තයෝ, ඔය ඕනෑ එකක් භාවිතා කරන්න නීතියෙන් කිසිම තහනමක් නැහැ (නි)
ලංකාවෙ දැන් තිබෙන ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක්, එහෙමත් ලංකා ආණ්ඩුවෙන් නිකුත්කරන මුදල්ද? (නි)
30 වසරක ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන නිදහස් මානසිකත්වයක් උදා කරදුන් සේනාධිනායක ජනපති තුමා නම් අපිට ජාතික වීරයෙක්. ඉතින් එතුමාගෙ රජය ජාතික ගීය භාවිතා කිරීමෙන් ජාතික ගීය තවත් අර්ථවත් වනවා මිසක් අගෞරවයක් නම් සිද්ධ වෙන්නේ නැහැ.(දිල්)
හාමුදුරුවරුන් දේශපාලනෙන් ඉවත්විය යුතුයි. (නි)
අනේ රටකට ගිය කලක්! (නි)