හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම තිදෙනෙකු හෝ ඊට වැඩි සාමාජිකයින් පිරිසක් සහිත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
එම පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අර්ථ නිරූපණයක් ඉල්ලා ඇති හෙයින් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට යයි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
කැළණිය, ගල්බොරැල්ල විතානගේ සංජීව සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණියේ දොන් ප්‍රේමරත්න මහත්වරු මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛනයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නම් මමත් අනුමත කරන්නේ නැහැ. (නි)
ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ ප්‍රධාන භාෂාවෙන් නොව සුළු ජාතික බංගලි භාෂාවෙන්ය (නි)
ටෙෂාන්, කලින් ආණ්ඩුව කාලේ ඔය වගේ දේවල් කරන්න කවුරුත් හිතුවෙත් නැහැ ඉඩ දුන්නෙත් නැහැ. (නි)
සම්පත් කැමති රටේ තියන හැම භාෂාවකින්න්ම ජාතික ගීතය ගයනා කරනවට නේද එහෙනං ඉන්දියාවේ ජාතික ගීත 64 ක් මමත් කැමති (බ)
කොහොම වුනත් ශේෂ්ඨාධිකරණය මේක පුර්ණ විනිසුරු මඩුල්ලකට දාපු එක හොඳයි. (බ)
කුමක් සිදුවේද?(හේ)
මේක නිකන් හරි කලින් අාණ්ඩුවෙන් කළා නම්, ඔය මොනම නඩුවක්වත් නැහැ. (නි)
ලංකාවේ මිනිස්සු හාල් නොදා බතක් ඉදෙනතුරු මුට්ටිය ළිපේ තියාගෙන බලාඉන්න ජාතියක්. කණගාටුයි මාත් එ්කේ කොටස්කාරයෙක් වුණ එක ගැන (නි)
ප්‍රධාන භාෂා විසිතුනක් කතාකරන ඉන්දියාවේ පවා ජාතික ගීය ගයන්නේ ප්‍රධාන භාෂාව වන හින්දියෙන් පමණකි (නි)