නිදහස් උළෙලේ දී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්නට යාමෙන් රටේ අනවශ්‍ය බෙදීම් හා ගැටළු ඇතිවිය හැකි යැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ වන අතර එය කිසියම් ආකාරයකින් වෙනස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බව ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද? දෙමළ ජනතාවත් ශ්‍රී ලාංකිකයෝ නොවෙයිද? (නි)
අනේ මන්දා රටට මොනවා වෙන්න යනවද කියලා (නි)
බොරුවට කෑගහනවා. මෙයාලට පිස්සුද? අර්ථය එක නම් භාෂා 10 කින් කිව්වත් හානියක් නැහැනේ (නි)
නාමල්ගේ කතාව ඇත්ත. තවත් කරුණක්. අපි 7,8 වසරවල (1990 වට කලින් ) ජාතික ගී ගයනා කළත් අපිට රට ගැන එච්චර හැඟීමක් නැහැ. ඒ සිංහල දන්නෙ නැති නිසා. ඊටපස්සේ අච්චු පොත්වල දෙමළෙන් පළවුණා. ජාතික ගීයේ තේරුම ඉගෙනගත්තාට පස්සේ තමා රටගැන හැඟීමක් ඇතිවුණේ. සිංහල දන්නෙ නැති ලක්ෂ ගණන් ජනතාවට එම හැඟීම ඇති කරන්න දෙමළෙන් ගායනා කළයුතුමයි (නි)
මෙහි අදහස් දක්වන සමහරු බෙදුම්වාදය නොදන්නා, මේ රටේ ඉතිහාසය නොදන්නා, අද සිංහලයා මුහුණපා ඇති බිහිසුණු ඉරණම නොදන්නා, දේශපාලනය කරගසාගෙන තමන්ගේ ලෙයින් මසින් අනාගතයේදී ඉපදෙන සිංහලයන්ට මුහුණපාන්න වන ඉරණම ගැන වැටහෙන්නේ නැති පිරිසක්. (නි)
හොද අදහසක් ''ජය වේවා'' (බ)
මහින්ද සෞදි, මොන භාෂාවෙන් කිවුවත් තේරුම එක නම් මොකද? (නි)
මෙහෙම වෙයි කියලා අපි නම් හිතුවා (නි)
ජාතික ගීය දෙමලෙන් කිව්වොත් හෙට ඉදල රට දෙකට කැඩෙනවා නියතයි සිංහලිනි ඇස් අැර බලපල්ලා රටට කරන විනාශය (බ)
දැන්ද මහත්තයෝ ඔයාලට ඕවා මතක් වෙන්නේ.(හේ)
"ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියලා කිව්වා ඡන්දෙට කලින්. මතක ඇතිනේ හැමෝටම (හේ)
ඉන්දු දෙමළ ජාතිය ශ්‍රී ලාංකිකයෝ වුනාට ජාතික ගීය දෙමළ නොවෙයි එක තේරුම් ගන්න. අනික දෙමල ජාතිය ශ්‍රී ලාංකිකයෝ කියලා හිතන්නේ අපි, ඒගොල්ල හිතන්නේ ඒගොල්ලෝ දෙමල කියලා පමණයි. (හේ)
මොන භාෂාවෙන් කිවුවත් තේරුම එක නම් මොකද? නැහැ නැහැ එහෙම හිතන්න එපා. වෙනසක් තිබෙනවා. (බ)
සිංහලෙන් කිව්වත් දෙමලෙන් කිව්වත් කියන්නේ එකම රටක් ගැන ජාතික ගීය.. ලෝකේ භාෂා 2 ජාතික ගීය ගායනා කරන රටවල් කැනඩාව, නවසීලන්තය, ස්විට්සාර්ලන්ටය, බෙල්ජියම, ද.අප්‍රිකාව ඇතුළු 20 වඩා තිබෙනවා.. (බ)
හරි නම් වැදී භාෂාවෙනුත් කියන්න ඕනේ,රටේ මුල් පදිංචිකරුවන් ඔවුන් නිසා (ම)
අවුලක් නෑ ඔයාලට මෙගා ඇමැති කෙනෙක් ලැබුණනේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න (බ)
ජාතික ගීය දෙමල බසින් ගයන්න, දෙමල නොවන අයටත් (සිංහල, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ටම) යාපනයෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගන්න ඉඩ දීලා තේසවලාමේ නීතිය නැති කරන්න. දෙකම එක විදිහට කරාවිද? (ම)
දෙමලෙන් නෑ. ජනපති කියයි. (බ)
දැන් කෑ ගහල වැඩක් නෑ මහත්තයෝ ඔයාලම පිහිටෝපු ආණ්ඩුවනේ ඔය තීරණේ ගත්තේ (බ)
සියලු ජාතීන්ට සම අයිතීන් තිබෙනවා කියන ඇමරිකාවේ ජාතික ගීය ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවෙන්වත්, එංගලන්ත ජාතික ගීය රටේ දෙවන වැඩියෙන්ම කතාකරන බෙන්ගාලි භාෂාවෙන්වත් ගයන්නේ නැහැ. එහෙනම් මේ රටවල් වල ඉන්න විදේශිකයන්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න එපැයි. ජර්මනියේ වැඩ සිදුවන්නේ ජර්මන් ක්‍රමයටයි. ඉතාලි රටේ සියල්ල ඉතාලියෙන් සිදුවේ. ලංකාවේ සියල්ල සිදුවිය යුත්තේ සිංහලෙන්ය. මෙය ජාතිවාදය නොවේ. ජාතිවාදය යනු වෙනත් දෙයකි. (නි)
කට්ටියගේ ජාත්‍යාලය උතුරනවා. භාෂාව නොවේ වටින්නේ, අර්ථය (නි)
මම පදිංචි රටේ ජාතික ගීය භාෂා දෙකකින් කියනවා. රටේ ප්‍රධාන ජාතින් දෙකක් නියෝජනය කිරීම සඳහා. හැබැයි මේ රට දෙකඩ වෙලත් නැහැ, ලංකාවට වඩා බොහොම දියුණුවෙලත් තියෙනවා. ඒ ජාතින් අතර එකමුතුභාවය නිසා (නි)
නාමල් ,ඔයා මොන ජාතියකට අයත් කෙනෙක්ද? දෙවරක් හිතලා බලන්න. අපිට අන් රටවල් කරන දේවල් වැඩක් නැහැ (නි)
පුලුවන් නම් කියලා බලමුකෝ... (නි)
තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ මව්බිම නැමදීමට දෙමළ පමණක් දන්නා අයට අයිතියක් නැද්ද? (නි)
ජාතික ගීය සිංහලෙන් දෙමළෙන් විතරක් නොවෙයි, අරාබියෙනුත් කියලා ලෝකෙට අපේ සමගිය පෙන්නමු. (නි)
නාමල්, ලංකාව කියන්නේ බුදුවරු වැඩි බෞද්ධ සිංහල රටක්. ලෝකේ මොන විකාර කළත් ඒවා පිළිගන්න ඔබ වගේ මිනිසුන් නිසා තමයි මේ රටට වින්නැහිය. (නි)
දැන් පෙරහැර ගිහින් ඉවරයි (බ)
බන්දේසියක තබා සියල්ල දීමටද සූදානම? (නි)
අපේ රටේ ඉන්න සමහරු හිතාගෙන ඉන්නවා මේ වගේ දේවල් කළාම, ඒ මිනිස්සු ඊළමේ අදහස අත්හරියි කියලා. මේවා නැවත කිසිදිනක හැරවිය නොහැකි වැරදි බව ඉක්මනටම තේරේවි (නි)
නාමල්, ඉතින් අපිට මොකෝ? අපි එහෙම නොකර ඉඳිමුකෝ. (නි)