IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ජාතික ගීය දෙමළෙන් බෑ‘ - හෙළ උරුමය කියයි

නිදහස් උළෙලේ දී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්නට යාමෙන් රටේ අනවශ්‍ය බෙදීම් හා ගැටළු ඇතිවිය හැකි යැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ වන අතර එය කිසියම් ආකාරයකින් වෙනස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බව ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.



අදහස් (0)

‘ජාතික ගීය දෙමළෙන් බෑ‘ - හෙළ උරුමය කියයි

ඉන්දු Thursday, 04 February 2016 12:35 AM

ඉතින් මොකද? දෙමළ ජනතාවත් ශ්‍රී ලාංකිකයෝ නොවෙයිද? (නි)

:       0       0

නොයෙල් Thursday, 04 February 2016 01:03 AM

අනේ මන්දා රටට මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

නන්දපාල Thursday, 04 February 2016 12:56 AM

බොරුවට කෑගහනවා. මෙයාලට පිස්සුද? අර්ථය එක නම් භාෂා 10 කින් කිව්වත් හානියක් නැහැනේ (නි)

:       0       0

ගවින්ද Thursday, 04 February 2016 01:34 AM

නාමල්ගේ කතාව ඇත්ත. තවත් කරුණක්. අපි 7,8 වසරවල (1990 වට කලින් ) ජාතික ගී ගයනා කළත් අපිට රට ගැන එච්චර හැඟීමක් නැහැ. ඒ සිංහල දන්නෙ නැති නිසා. ඊටපස්සේ අච්චු පොත්වල දෙමළෙන් පළවුණා. ජාතික ගීයේ තේරුම ඉගෙනගත්තාට පස්සේ තමා රටගැන හැඟීමක් ඇතිවුණේ. සිංහල දන්නෙ නැති ලක්ෂ ගණන් ජනතාවට එම හැඟීම ඇති කරන්න දෙමළෙන් ගායනා කළයුතුමයි (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 04 February 2016 01:40 AM

මෙහි අදහස් දක්වන සමහරු බෙදුම්වාදය නොදන්නා, මේ රටේ ඉතිහාසය නොදන්නා, අද සිංහලයා මුහුණපා ඇති බිහිසුණු ඉරණම නොදන්නා, දේශපාලනය කරගසාගෙන තමන්ගේ ලෙයින් මසින් අනාගතයේදී ඉපදෙන සිංහලයන්ට මුහුණපාන්න වන ඉරණම ගැන වැටහෙන්නේ නැති පිරිසක්. (නි)

:       0       0

ලතා Wednesday, 03 February 2016 01:25 PM

හොද අදහසක් ''ජය වේවා'' (බ)

:       0       0

අශාන් Thursday, 04 February 2016 02:49 AM

මහින්ද සෞදි, මොන භාෂාවෙන් කිවුවත් තේරුම එක නම් මොකද? (නි)

:       0       0

දර්ශන Thursday, 04 February 2016 02:53 AM

මෙහෙම වෙයි කියලා අපි නම් හිතුවා (නි)

:       0       0

ලංකා Wednesday, 03 February 2016 01:42 PM

ජාතික ගීය දෙමලෙන් කිව්වොත් හෙට ඉදල රට දෙකට කැඩෙනවා නියතයි සිංහලිනි ඇස් අැර බලපල්ලා රටට කරන විනාශය (බ)

:       0       0

කපිල Wednesday, 03 February 2016 01:46 PM

දැන්ද මහත්තයෝ ඔයාලට ඕවා මතක් වෙන්නේ.(හේ)

:       0       0

දිනේශ් Wednesday, 03 February 2016 01:41 PM

"ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියලා කිව්වා ඡන්දෙට කලින්. මතක ඇතිනේ හැමෝටම (හේ)

:       0       0

අසේල Thursday, 04 February 2016 03:43 AM

ඉන්දු දෙමළ ජාතිය ශ්‍රී ලාංකිකයෝ වුනාට ජාතික ගීය දෙමළ නොවෙයි එක තේරුම් ගන්න. අනික දෙමල ජාතිය ශ්‍රී ලාංකිකයෝ කියලා හිතන්නේ අපි, ඒගොල්ල හිතන්නේ ඒගොල්ලෝ දෙමල කියලා පමණයි. (හේ)

:       0       0

බමුණු Thursday, 04 February 2016 03:45 AM

මොන භාෂාවෙන් කිවුවත් තේරුම එක නම් මොකද? නැහැ නැහැ එහෙම හිතන්න එපා. වෙනසක් තිබෙනවා. (බ)

:       0       0

නාමල් Wednesday, 03 February 2016 02:02 PM

සිංහලෙන් කිව්වත් දෙමලෙන් කිව්වත් කියන්නේ එකම රටක් ගැන ජාතික ගීය.. ලෝකේ භාෂා 2 ජාතික ගීය ගායනා කරන රටවල් කැනඩාව, නවසීලන්තය, ස්විට්සාර්ලන්ටය, බෙල්ජියම, ද.අප්‍රිකාව ඇතුළු 20 වඩා තිබෙනවා.. (බ)

:       0       0

අසේල Thursday, 04 February 2016 03:53 AM

හරි නම් වැදී භාෂාවෙනුත් කියන්න ඕනේ,රටේ මුල් පදිංචිකරුවන් ඔවුන් නිසා (ම)

:       0       0

සුරංග Wednesday, 03 February 2016 02:16 PM

අවුලක් නෑ ඔයාලට මෙගා ඇමැති කෙනෙක් ලැබුණනේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න (බ)

:       0       0

දිනේෂ් Thursday, 04 February 2016 05:37 AM

ජාතික ගීය දෙමල බසින් ගයන්න, දෙමල නොවන අයටත් (සිංහල, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ටම) යාපනයෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගන්න ඉඩ දීලා තේසවලාමේ නීතිය නැති කරන්න. දෙකම එක විදිහට කරාවිද? (ම)

:       0       0

අනුර Wednesday, 03 February 2016 03:36 PM

දෙමලෙන් නෑ. ජනපති කියයි. (බ)

:       0       0

චතුර Wednesday, 03 February 2016 03:42 PM

දැන් කෑ ගහල වැඩක් නෑ මහත්තයෝ ඔයාලම පිහිටෝපු ආණ්ඩුවනේ ඔය තීරණේ ගත්තේ (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 04:30 PM

සියලු ජාතීන්ට සම අයිතීන් තිබෙනවා කියන ඇමරිකාවේ ජාතික ගීය ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවෙන්වත්, එංගලන්ත ජාතික ගීය රටේ දෙවන වැඩියෙන්ම කතාකරන බෙන්ගාලි භාෂාවෙන්වත් ගයන්නේ නැහැ. එහෙනම් මේ රටවල් වල ඉන්න විදේශිකයන්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න එපැයි. ජර්මනියේ වැඩ සිදුවන්නේ ජර්මන් ක්‍රමයටයි. ඉතාලි රටේ සියල්ල ඉතාලියෙන් සිදුවේ. ලංකාවේ සියල්ල සිදුවිය යුත්තේ සිංහලෙන්ය. මෙය ජාතිවාදය නොවේ. ජාතිවාදය යනු වෙනත් දෙයකි. (නි)

:       0       0

නලින් Wednesday, 03 February 2016 04:47 PM

කට්ටියගේ ජාත්‍යාලය උතුරනවා. භාෂාව නොවේ වටින්නේ, අර්ථය (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 February 2016 06:04 PM

මම පදිංචි රටේ ජාතික ගීය භාෂා දෙකකින් කියනවා. රටේ ප්‍රධාන ජාතින් දෙකක් නියෝජනය කිරීම සඳහා. හැබැයි මේ රට දෙකඩ වෙලත් නැහැ, ලංකාවට වඩා බොහොම දියුණුවෙලත් තියෙනවා. ඒ ජාතින් අතර එකමුතුභාවය නිසා (නි)

:       0       0

රොහාන් Wednesday, 03 February 2016 06:10 PM

නාමල් ,ඔයා මොන ජාතියකට අයත් කෙනෙක්ද? දෙවරක් හිතලා බලන්න. අපිට අන් රටවල් කරන දේවල් වැඩක් නැහැ (නි)

:       0       0

චන්න Wednesday, 03 February 2016 07:34 PM

පුලුවන් නම් කියලා බලමුකෝ... (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 03 February 2016 07:50 PM

තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ මව්බිම නැමදීමට දෙමළ පමණක් දන්නා අයට අයිතියක් නැද්ද? (නි)

:       0       0

චන්දා Wednesday, 03 February 2016 08:09 PM

ජාතික ගීය සිංහලෙන් දෙමළෙන් විතරක් නොවෙයි, අරාබියෙනුත් කියලා ලෝකෙට අපේ සමගිය පෙන්නමු. (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 03 February 2016 08:23 PM

නාමල්, ලංකාව කියන්නේ බුදුවරු වැඩි බෞද්ධ සිංහල රටක්. ලෝකේ මොන විකාර කළත් ඒවා පිළිගන්න ඔබ වගේ මිනිසුන් නිසා තමයි මේ රටට වින්නැහිය. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 04 February 2016 08:25 AM

දැන් පෙරහැර ගිහින් ඉවරයි (බ)

:       0       0

සිරි Wednesday, 03 February 2016 08:45 PM

බන්දේසියක තබා සියල්ල දීමටද සූදානම? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 03 February 2016 09:23 PM

අපේ රටේ ඉන්න සමහරු හිතාගෙන ඉන්නවා මේ වගේ දේවල් කළාම, ඒ මිනිස්සු ඊළමේ අදහස අත්හරියි කියලා. මේවා නැවත කිසිදිනක හැරවිය නොහැකි වැරදි බව ඉක්මනටම තේරේවි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 03 February 2016 11:06 PM

නාමල්, ඉතින් අපිට මොකෝ? අපි එහෙම නොකර ඉඳිමුකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site